අභිධර්ම චන්ද්‍රිකාව - මාතර ධර්මවංශ හිමි.pdf

scanned old

කතෘ :
මාතර ශ්‍රී ධර්මවංශ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1981
මුද්‍රිත වර්ෂය :
1981
පිටු ගණන :
501
බාගත කිරීම් ගණන :
3,973
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-03-29
ගොනුවේ ප්‍රමාණය :
78 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 251

අභිධර්ම චන්ද්‍රිකාව (චිත්ත පාදය) යනු මාතර වල්පොල සිරි මංගල පිරිවෙන්වාසීව වැඩවිසු පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ නාහිමියන් විසින් සම්පාදිත අභිධර්ම චන්ද්‍රිකා පොත් පෙළෙහි ප්‍රථම කාණ්ඩයයි. ගැඹුරු අභිධර්ම කරුණු පාසල් සිසුන්ට මෙන්ම ආධුනිකයන්ට පහසුවෙන් අවබෝධ වන සේ පාඩම් හා ප්‍රශ්නාවලි සහිතව සරල බසින් ඉදිරිපත් කර ඇත.

දහම් පාසල් විභාග සඳහා සිසුනට අභිධර්මය ප්‍රගුණ කරවීම අරමුණු කරගනිමින්, කොළඹ තරුණ බෞද්ධ සංගමය (YMBA) මගින් 1981 වසරේදී මෙම කෘතිය මුද්‍රණය කරවා බෙදාහැර ඇත. අභිධර්මාර්ථ සංග්‍රහය ආශ්‍රයෙන් චිත්ත පරමාර්ථය විග්‍රහ කරන මෙම කාණ්ඩය අවසානයේ අභ්‍යාස ප්‍රශ්න ද ඇතුළත් කර තිබේ.

මෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා අතර:

  • ද්විවිධ දේශනා හා චතුර්විධ අභිධර්මය
  • අකුසල් සිත්, අහේතුක සිත් සහ කාමාවචර සිත්
  • රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර සිත් විග්‍රහය
  • සංග්‍රහ ගාථිකා සහ ලෝකෝත්තර සිත් සතළිහ

පෙරවදන

දහම් පාසල් විභාග පැවැත්වීම පෙරසේම කරගෙන යාමට කොළඹ තරුණ බෞද්ධ සංගමයට 1978 මාර්තු මස 03 වැනි දින රජය මගින් නැවත පවරන ලදී. ඉකුත් තුන් වසර තුළ දහම් පාසල් අධ්‍යාපනය විධිමත් කොට, එක් එක් ශ්‍රෙණියට අවශ්‍ය සියලු පාඩම් සඳහා එක් එක් පොත බැගින් පළකරවන ලදි. එබැවින් දැනට මූලික ශ්‍රෙණියේ සිට 9 වැනි ශ්‍රෙණිය ඇතුළුව පන්ති පාඩම් පොත් 9 ක් දහම් පාසල්වල භාවිතවේ.

එහෙත් දහම් පාසල් ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට අභිධර්‍මය සරල බසින් ඉගැන්වීමට සුදුසු පොතක් නැතිවීම බලවත් පාඩුවක් ලෙස බොහෝ දෙනා අපට නොයෙක්වර පැමිණිලි කර ඇත. අපරදිග ජනතාව පවා මනෝවිද්‍යාව කෙරෙහි විශාල උනන්දුවක් දක්වන මේ යුගයේ අභිධර්‍මය ඉගෙන ගැනීමෙන් සිත පිළිබඳව මනා අවබෝධයක් ලබා ගෙන ජීවිතය නියමාකාරයෙන් හැඩගස්වා ගැනීමට හැකිවන බව නොඅනුමානයි.

එදිනෙදා ජීවිතයේදී සෑම කෙනෙකුටම විවිධ ප්‍රශ්න හා ගැටළු වලට මුහුණ පෑමට සිදුවේ. මේවා පිළිබඳව නියමාකාර හැඟීමක් තිබේනම් අවාසනාවන්ත දුක්බරයක සිදුවීම්වලින් මිදී ගැටළු නිරාකරණය කර ගැනීමට පහසුවෙනවා ඇත.

ගැඹුරු ධර්‍මයක් වන අභිධර්‍මය පාසල් සිසුනට ප්‍රගුණ කරවීමට මේ පොතේ ඇති පාඩම් බෙහෙවින් උපකාර වේයයි සිතමි.

අභිධර්‍මය හැදෑරීම සම්බන්ධයෙන් උගතුන් වැඩි දෙනෙකුගේ පිළිගැනීම පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්‍මවංශ නාහිමියන්ගේ කාණ්ඩ නවයකින් යුක්ත පොත් පෙළ දහම් පාසල් සඳහා සුදුසු බවයි. එබැවින් ඒ පොත් පෙළේ පළමුවන කාණ්ඩය වන මේ පොත පළ කිරීමට අප විසින් තීරණය කරන ලදි.

පූජ්‍ය වලස්ගල පුඤ්ඤාජී මයුරවංශ ස්වාමීන් වහන්සේ මේ පොත් පෙළ පළකිරීමට බලය අප වෙත පැවරීමෙන් කරන ලද අනුග්‍රහය ගැන උන්වහන්සේට අපගේ ගෞරවාදර ස්තුතිය පුදකරමි.

තවද මෙම ග්‍රන්ථය මුද්‍රණය කිරීමට මා දිරි ගැන්වූ අප සංගමයේ ගරු සභාපති තැන්පත් රාජනීතිඥ සිරි පෙරේරා මැතිතුමාටත් මගේ කෘතඥතා පූර්‍වක ගෞරවය හා ස්තුතිය පුදකරමි.

මෙයට ශාසනස්ථිතිකාමී,
ඩී. සී. ශ්‍රී දිල්ලිමුනි
ධර්‍ම පරීක්‍ෂණ පිළිබඳ ගරු ලේකම්.
තරුණ බෞද්ධ සංගමය,
කොළඹ 08.
07. 03. 81.