සන්න සහිත චුන්ද සූත්‍රය - විජේසිංහ 1896.pdf
- කතෘ :
- විජේසිංහ
- ප්‍රකාශිත වර්ෂය :
- 1896
- මුද්‍රිත වර්ෂය :
- 1896
- පිටු ගණන :
- 8
- බාගත කිරීම් ගණන :
- 539
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 1.6 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සන්න සහිත චුන්ද සූත්‍රය යනු ඛුද්දක නිකායේ සුත්ත නිපාතයට (උරග වර්ගය) අයත් චුන්ද සූත්‍රයේ පාලි ගාථාවන් හා එහි සිංහල සන්නය සහ අර්ථ විවරණය ඇතුළත් කෘතියකි. මෙහි සන්නය හා සංස්කරණය ඩී. ඩී. විජේසිංහ මහතා විසින් සිදු කර ඇත.
චුන්ද කර්මාරපුත්රයා විසින් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රභේද විමසූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මග්ගජින, මග්ගදේසක, මග්ගජීවී සහ මග්ගදූසී යන සිව්වැදෑරුම් ශ්රමණයන් පිළිබඳ විස්තරය මෙම සූත්‍රයේ අන්තර්ගත වේ. දුශ්ශීල හා සුප්‍රතිපන්න භික්ෂූන් හඳුනාගෙන ධර්මානුකූලව කටයුතු කිරීමට මෙම සූත්‍රය මහෝපකාරී වන බව කර්තෘවරයා සිය දැන්වීමෙහි දක්වයි.
මෙම කෘතිය බුද්ධ වර්ෂ 2440 හෙවත් ක්‍රි.ව. 1896 දී කොළඹ ග්රන්ථප්රකාශ යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.
දැ න් වී ම ය.
චුන්දසූත්රය නමැති මේ මධුර මනෝහර කණ්රසායන ධර්මදෙශනාව ප්‍රවර සමස්ත ගුණයන්ට වාසස්ථානවූ සකල ක්ලෙශමල ක්ෂය කර නලාලොකය ක්මෙන් අවබොධ කළාවූ දශබලධාරීවූ බුදුරජාණන්වහන්සේ විසින් වදාරණලද සූත්රාභිධර්මවිනය සංඛ්‍යාත ත්රිපිටකධර්මය අතුරෙන් සූත්‍රපිටකයෙහි කුදුගොත්සඟියට අන්තර්ගත සුත්තනිපාතයෙහි උරග වර්ගයට ඇතුලත් සූත්රයකි. මෙම සූත්‍රය යම්කෙනෙක් දැන ඉගෙනගත්තාහු නම් ඔවුන්ට භික්ෂූන්ගේ දුෂ්ප්‍රතිපත්ති සුප්රතිපත්ති දැන ඉගෙන දුශ්ශීල මහණුන් අත්හැර සිල්වතුන්සේවනය කිරීමෙන් ආත්මාර්ථ පරාර්ථ වැඩ සිදුකරගැනීමෙන් නිර්වාණයට පැමිණිය හැක්කේය. එම නිසා මෙම සූත්‍රය සකල බෞද්ධ ජනයන් විසින් පරිශීලණය කටයුත්තේමය.
මෙසේ වග,
D. D. WIJESINGHA.
වර්ෂ 1896 ක්වූ නොවැම්බර් මස 25 වෙනි දිනදීය.