සන්න සහිත චක්‍රවර්තිසීහනාද සූත්‍රය - දාවිත් අප්පුහාමි 1895.pdf

ප්‍රකාශිත වර්ෂය :
1895
මුද්‍රිත වර්ෂය :
1895
පිටු ගණන :
78
බාගත කිරීම් ගණන :
515
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
26 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 40

දීඝ නිකායේ පාථික වග්ගයට අයත් චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ පාලි පාඨය සහ පුරාණ සිංහල සන්නය මෙහි අන්තර්ගත වේ. බුදුරජාණන් වහන්සේ විසින් මාතුලා නුවරදී දේශනා කරන ලද මෙම සූත්‍රයෙන් චක්‍රවර්ති රාජ්‍ය විචාරණ පිළිවෙළ හෙවත් දස සක්විති වත්, මිනිසුන්ගේ පිරිහීම හා ආයුෂ අඩුවැඩි වීමේ හේතු මෙන්ම මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේගේ පහළවීම ආදී කරුණු විස්තර කෙරේ.

මෙම කෘතිය සමස්ත ස්ථවිරයන් වහන්සේ නමක ලවා ශුද්ධ කරවා, ඇස්. ඩී. දාවිත් අප්පුහාමි විසින් 1895 දී කොළඹ ග්‍රන්ථප්‍රකාශ මුද්‍රණාලයෙහි (Granthaprakasa Press) මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කර ඇත. පොත අවසානයෙහි සූත්‍රයේ පසුබිම හා අන්තර්ගතය පැහැදිලි කරන ‘දැන්වීම’ නම් කෙටි සටහනක් ද ඇතුළත් වේ.

දැන්වීමයි.

චක්‍රවර්තී සිංහනාද සූත්‍ර සන්නය.

අනාගතවංශ ප්‍රකාශකවූ මේ සූත්‍රාන්තධර්‍මදේශනාවෙන් මාතුලානම්නුවරවාසීන් ඇතුළුවූ දෙව්මිනිසුන් සහිත අසූසාරදහසක් ප්‍රාණීන්ට ධර්‍මාභිසමයවනබව සම්‍යක්සම්බුද්ධසර්‍වඥවරෝත්තමයාණන්වහන්සේවිසින් දැකවදාරා විසිදහසක්පමණ භික්‍ෂුසඞ්ඝයා වහන්සේ පිරිවරාගෙන මාතුලානම්නුවරට වැඩවදාරා දිව්‍යමනුෂ්‍යයන් සහිත මහපිරිස්මැද මාතුලනම් වෘක්‍ෂමූලයෙහිදී දේශනා කරණ ලද්දේය.

මෙහි චක්‍රවර්තී දශරාජධර්‍මය මනුෂ්‍යයින්ගේ ආයුර්‍වර්‍ණාදි සම්පත් අඩුවැඩිවීමේ හේතුව මිථ්‍යාදෘෂ්ට්‍යාදි අකුශලධර්‍මයන් විපුලභාවයටපැමිණි කාලපරිච්ඡේද යනාදිය විස්තරයෙන් ප්‍රකාශවූ වඩ්ඪනගාමී කුශලා කුශලයද “අත්තදීපා භික්ඛවෙ විහරථ” යනාදීන් සතරසතිපට්ඨානය චතුර්‍විධඍද්ධිපාදය ශීලය චතුර්‍විධධ්‍යානය බ්‍රහ්මවිහාරය ආශ්‍රවක්‍ෂය යන විවට්ටගාමී කුශලයද මේ දේශනාවෙහි විස්තරයෙන් ප්‍රකාශිතයි.

ලොකස්වභාව ආයුර්‍වර්‍ණාදීන්ගේ විපරිනාම ස්වභාව ලෞකික ලොකොත්තර සැප යනාදි ධර්‍මයන් පහසුවෙන් අවබොධකළ හැකිවූ මේ උතුම් සූත්‍රදේශනාව පින්තනාභිලාසී සියල්ලන්විසින් සම්ආදරයෙන් භාවිතකිරීමෙන් ලෞකිකලොකොත්තරසැප සිද්ධකටයුතුයි.

මේ සූත්‍රය දීඝ නිකායෙහි (දික්සඟියෙහි) පාථිකවග්ගයට ඇතුළත් තුන්වෙනි සූත්‍රය වේ.

මෙහි සන්න කර්‍තෘවිසින් සන්නලියනලද්දේ භාවාර්‍ත්‍ථයම ගරුකොටබව හැඟෙනබැවින් යම් යම් දෝස් ඇතත් එය අර්‍ත්‍ථාවබොධයට බාධානොමැතිසේ සැලකියයුතුයි.