සන්න සහිත ආශිර්විෂෝපම සූත්‍රය නයි සතරදෙනා - වැලිපැන්නේ උපතිස්ස හිමි 1955.pdf
- කතෘ :
- වැලිපැන්නේ උපතිස්ස හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1955
- මුද්‍රිත වර්ෂය :
- 1955
- පිටු ගණන :
- 55
- බාගත කිරීම් ගණන :
- 560
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 13 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ආශීර්විෂෝපම සූත්‍රය හෙවත් නයි සතරදෙනා යනු සංයුක්ත නිකායේ ආසීවිස වර්ගයට අයත් ප්‍රකට ආශීර්විෂෝපම සූත්‍රයේ පාලි පෙළ, අටුවාව, පදගතාර්ථය සහ විස්තර භාවය ඇතුළත් කෘතියකි. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දෙවනපෑතිස් නිරිඳුන් ඇතුළු පිරිසට දේශනා කළ සූත්‍රයක් ලෙසින් ද මෙය ඓතිහාසික ප්‍රසිද්ධියක් උසුලයි.
බෙන්තොට ගලපාත රජමහා විහාරාධිවාසී, ශෛලාන්තායතන පරිවෙණාධිපති අතිගරු වැලිපැන්නේ ශ්‍රී උපතිස්ස දක්ෂිණ ලංකාවේ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පැරණි සන්නයේ අඩුපාඩු සකස් කර අටුවා විස්තර ද එක් කරමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
මෙම පොත ‘සම්බුද්ධ ජයන්ති අනුස්මරණ ප්‍රකාශන පංක්තියේ’ අංක 2 ලෙස ඇන්. ජේ. කුරේ සහ ඇන්. ඊ. කුරේ යන මහත්වරුන්ගේ ප්රකාශනයෙන් මරදානේ අනුල මුද්‍රණාලයේදී බු.ව. 2499 (ක්‍රි.ව. 1955) දී මුද්‍රණය කරවා ඇත.
හැඳින්වීම
අප තථාගත සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සැවැත්නුවර ජෙතවනාරාම වෙහෙර වැඩ සිටින සමයක දම්සභා මණ්ඩපයට රැස්ව වැඩහුන් දිශාවාසී අන්‍යතර ශ්රෙෂ්ඨාවර භික්ෂු පිරිසකට වදාළ මෙම ආශීර්විෂොපම සූත්‍රය වනාහි සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායට අයත් සළායතන සංයුක්තකයේ සතරවන පණ්ණාසකයේ ආශීර්විෂොපම වර්ගයේ පළමුවැන්නට තබා සංගීතිකාර මහරහතුන් වහන්සේ විසින් සංග්‍රහ කරණ ලද්දකි.
විෂඝොර නාගයින් සතර දෙනෙක් උපමාකොට වදාළ හෙයින් ආශීර්විෂොපම යයි හැඳින්වෙන මෙම සූත්‍රයේ බෞද්ධ ජනයා විශේෂයෙන් දතයුතු පංචක්ඛන්ධ - ආයතන අෂ්ඨාංගික මාර්ගාදි ධර්මයන් ඇතුලත්ව තිබෙත්.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 දී ලංකාවට වැඩම කළ ප්‍රථම ධර්මදූතයන් වහන්සේ වන මිහිඳු මහරහතුන් වහන්සේ අනුරාධපුර නන්දන වනයේදී දෙවන පෑතිස් මහරජ තුමා ප්රමුඛ මහා පිරිසට දෙසූ අවස්ථාවේ එකවිට දහසකට ධර්මාවබෝධය ඇතිවූ මෙම ආශීර්විෂොපම සූත්‍රය පුරාතන ධර්මධර උතුමෙකු විසින් කරණ ලද පදගතාත්ර්ථ හා විස්තර භාවයකින් යුක්තවැ තිබී සැදැහැවතුන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ ඒ පින්වතුන් විසින් කතිපය වාරයක් මුද්‍රණය කරවා විසුරුවා හැර තිබෙණ බැවින් හැඳින්වීම සඳහා වෙහෙසීම නුවුමනායයි හඟිමු.
බොහෝ දෙනා භාවිතා කොට පලුපුරුදු මෙම සූත්‍ර සන්නයේ හා භාවයෙත් අඩු පාඩු දුටු අප විසින් “බෙන්තොට ගලපාත රජමහා විහාරාධිවාසී ශෛලාන්තායතන පරිවෙණාධිපති අතිගරු පණ්ඩිතාචාර්ය්ය සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ පුජ්‍ය උපාධ්‍යාය ධුරන්ධර ආනන්ද ධර්මදර්ශී ශ්‍රී සරණංකර වැලිපැන්නේ ශ්‍රී උපතිස්සාභිධාන දක්ෂිණ ලංකාවේ සංඝනායක” ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලවා බොහෝ දුරට සකස් කරවා එහි අටුවාවද යොදා පැරණි භාෂාරීත්යාදි නොපිරිහෙලා අපේ සම්බුද්ධ ජයන්ති අනුස්මරණ පොත් පෙළේ 2 වැනි අංකය වශයෙන් මෙසේ මුද්‍රණය කරවූවෙමු.
එහෙයින් සැදැහැ වතුන් කාලෝචිත ධර්ම සංග්රහයක්වූ මෙම පොත රැගෙණ ආදරයෙන් කියවා පරිශීලනය කොට ප්රතිපද සසර කතරින් එතරවැ අමාමහ නිවන් සැප ලබා ගත්තා මෙන් මෙන් සිත් පෙරටුව දැනුම් දෙමු.
මීට
ශාසන මාමක ඇන්. ජේ. කුරේ, ඇන්. ඊ. කුරේ
2499
1955 අගෝස්තු මස 15 වැනි දින දීය.
නුගේගොඩ