සන්න සහිත ආමගන්ධ සූත්‍රය - කළුතර ධම්මින්ද හිමි 1911.pdf

කතෘ :
කළුතර ධම්මින්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1911
මුද්‍රිත වර්ෂය :
1911
පිටු ගණන :
35
බාගත කිරීම් ගණන :
531
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
7.1 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 18

ඛුද්දක නිකායේ සුත්තනිපාතයට අයත් ආමගන්ධ සූත්‍රය, එහි නිදාන කථාව, පාලි අටුවාව, පදගත සන්නය සහ භාවාර්ථය ඇතුළත් කොට කළුතර ධම්මින්ද ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයකි.

මස් මාංස අනුභවය පිළිබඳව ආමගන්ධ බමුණා විසින් නඟන ලද ප්‍රශ්නයට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ බුදුවරුන් දුන් පිළිතුරත්, සැබෑ ආමගන්ධය (කිලුට/කුණුපය) යනු මස් කෑම නොව ප්‍රාණඝාතාදී පාප ක්‍රියා බවත් මෙහිදී පැහැදිලි කෙරේ. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය කැප වන අයුරුද විස්තර වේ.

ගාල්ලේ පරමවිඥානාර්ථ බෞද්ධ සමිතියේ ලේකම් ඩී. ජේ. සුබසිංහ මහතාගේ ආරාධනය පරිදි සම්පාදිත මෙම කෘතිය, ගාල්ලේ කාලෙහේගාන පදිංචි දොන් අල්විස් දේවෙන්ද්‍ර මහතා විසින් වර්ෂ 1911 දී (බු.ව. 2454) අලුත්ගම සද්ධර්‍මප්‍රකාශ යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කර ඇත.

සංඥාපනය.

ආමගන්ධ සූත්‍රය.

මේ සූත්‍රාන්තය වනාහි අපත්‍රෛලොකස්වාමිවු තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් ලෞකිකසත්ත්‍වොත්කර්‍ෂාශයෙන් දේශනාකොට වදාරණලද සූත්‍රශීර්‍ෂවිධිනය සංඛ්‍යාත පිටකත්‍රය අතුරෙන් සූත්‍රපිටකයෙහි ඇතුළත්වු කුදුගොත් සඟියෙහි සුත්තනිපාතාඛ්‍යාත ධර්‍මකොෂ්ඨාසයෙහි,

අපගේ සිද්ධාර්ත්‍ථගෞතම ශාක්‍ය මුනීන්ද්‍රාණන් වහන්සේ විසින් මත්ස්‍යමාංසායන් අනුභව කිරීම ආමගන්ධයයි කියමින් වාදයට පැමිණි ආමගන්ධ නම් බමුණාහු හට, “අතීතයෙහි තිස්ස නම් මාණවකයෙකු විසින් කාශ්‍යප සර්‍වඥයන්වහන්සේ අතින් ආමගන්ධය විචාළ පරිදි හා උන්වහන්සේ විසින් එය විසඳා වදාළ පරිදින් ප්‍රකාශිත” ගාථාවන් ගෙනහැර දක්වා, මත්ස්‍යමාංසානුභවය ආමගන්ධය නොවන බවත්, ප්‍රාණඝාතාදි අකුශල ධර්‍මයන් කිරීම ආමගන්ධය බවත්, අදෘෂ්ට, අශ්‍රැත, අපරිශංකිත වශයෙන් ලද ත්‍රිකොටිපරිශුද්ධ මත්ස්‍ය මාංසය කැපබවත් ප්‍රකාශකරමින් මේ සූත්‍රය දේශනා කරනලද්දේය.

ලෞකික දේ ගැන පමණක් දන්නා වූන්ට එබඳුවන්ගේ මතය මැනවැයි වැටහීම නෛසර්ගික බැවින් හා සුකර බැවිනුත් ආමගන්ධ බමුණාගේ මතය පිළිගෙන අනුමත කරන්නවුන් වැඩිකොටසක් මෙකලද ඇත, නිර්විවාදය, එබැවින් ඔවුන්ගේ ඒ දුර්මතය දුරලා ඒ පිළිබඳ යථා ධර්‍මය දැන ඉගෙන පිළිගැනීමට යම් සුවිනිශ්චිත විනිශ්චයකවු මේ තථාගත භාෂිත සූත්‍රාන්තය අභියොගකාරීවන්නේය. නමුත් පාළිභාෂාව නොදන්නාවු සාමාන්‍ය ජනතාවට පාළි ගාථාමාත්‍ර මේ සූත්‍රාන්තයෙන් ප්‍රයෝජනයක් ගැනීම උගහට වන්නේය. පාළිභාෂාව දන්නා තැනැත්තවුන්ටවුවත් මෙහි අර්ත්‍ථකථාව නැතිව තථාර්ත්‍ථය දැනගැනීම නොහැක්කේය. එබැවින් අප විසින් මේ ආමගන්ධ සූත්‍රයෙහි හා අර්ත්‍ථකථාවෙහිදු චිරාගත ලෙඛක ප්‍රමාදාපතිත දොෂයන් සංශොධනය කොට මෙහි උත්පත්ති කථා හා පදාර්ත්‍ථ, භාවාර්ත්‍ථ ප්‍රකාශිත සන්නයක්ද යොදා මෙසේ සකස්කරනලද්දේය. අපගේ වියත්‍වපාදින් ජනිත දොෂාංශයක් මෙහි දෘශ්‍යමානවේ නම් ගුණොත්තරඥවු ප්‍රමාණානුසාරි විද්වත්නයෝ ශාසනාලයෙන් විශොධනය කෙරෙත්වා.

මීටවගට,
ගාල්ලේ කුඹල්වැල්ලේ
පෝයගලකන්දේ ධර්‍මරාජපරිවෙණාධිවාසී
කළුතර ධම්මින්දාභිධානස්ථවිරයෝය.
15. 4 11.
ගාල්ලේදීය.