සන්න සහිත අෂ්ඨිපුඤ්ජ සූත්‍රය සහ පාවෙය්‍යක සූත්‍රය - වීරනායක 1897.pdf

කතෘ :
වීරනායක
ප්‍රකාශිත වර්ෂය :
1897
මුද්‍රිත වර්ෂය :
1897
පිටු ගණන :
10
බාගත කිරීම් ගණන :
483
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
2.7 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 6

මෙම කෘතිය සංයුත්ත නිකායට අයත් සූත්‍ර දේශනා දෙකක් වන අස්ථිපුඤ්ජ (අට්ඨිපුඤ්ජ) සූත්‍රය සහ පාවෙය්‍යක සූත්‍රය යන සූත්‍රයන්හි පාලි පාඨය සහ ඒවායේ සිංහල සන්නය ඇතුළත් කොට සකස් කරන ලද පැරණි ධර්ම ග්‍රන්ථයකි.

සමර්ථ ස්වාමීන් වහන්සේ නමක් ලවා පාලි මූලය සඳහා සිංහල පදගත සන්නය සකස් කරවාගෙන ජේ. ඇම්. වීරනායක මහතා විසින් මෙම කෘතිය 1897 වර්ෂයේදී මහනුවර බෞද්ධ මුද්‍රා යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

සංසාරයේ දීර්ඝත්වය, එක් පුද්ගලයෙකු එක් කල්පයකදී ඉපදී මියයාමෙන් එක්රැස් වන ඇටසැකිලි ප්‍රමාණය හා සසර දුක පිළිබඳ විස්තර කෙරෙන අස්ථිපුඤ්ජ සූත්‍රයත්, පාප මිත්‍රයන් ආශ්‍රය නොකොට ධර්මයෙහි හැසිරීමේ අනුසස් පහදන පාවෙය්‍යක සූත්‍රයත් මෙහි අන්තර්ගත වේ.