භාවසන්න සහිත චූලකම්මවිභංග සූත්‍රය - ගිරිදර රතනජොති හිමි 1890.pdf
- කතෘ :
- ගිරිදර රතනජොති හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1890
- මුද්‍රිත වර්ෂය :
- 1890
- පිටු ගණන :
- 44
- බාගත කිරීම් ගණන :
- 517
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 12 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය මජ්ඣිම නිකායේ විභංග වග්ගයට අයත් චූලකම්මවිභංග සූත්‍රය (ශුභ සූත්‍රය) සඳහා රචිත පදගතාර්ථ සහ භාව සන්නයකි. තෝදෙය්‍ය පුත්‍ර ශුභ මාණවකයා විසින් අසන ලද ප්‍රශ්න දහහතරකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කර්මය සහ කර්ම ඵල පිළිබඳ විස්තරය මෙහි අන්තර්ගත වේ.
මෙහි සංඥාපනයෙහි සඳහන් වන අන්දමට, පුරාණ පණ්ඩිතාචාර්යවරයෙකු විසින් කරන ලද පදගතාර්ථ ව්‍යාඛ්‍යානයක් ඇසුරෙන් ගිරිදර රතනජොති ස්වාමීන් වහන්සේ විසින් අක්ෂර දෝෂ දුරු කොට සකස් කර භාව සන්නයක්ද එක් කරමින් මෙම කෘතිය සම්පාදනය කරවා ඇත.
සත්වයන්ගේ ආයුෂ, වර්ණය, බලය, ධනය, කුලය සහ ප්‍රඥාව ආදී විෂමතාවන්ට හේතුවන කුසලාකුසල කර්මයන් සහ ඒවායේ විපාක විස්තර කෙරෙන මෙම සූත්‍ර දේශනාව, ජේ. ඩී. ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් 1890 වර්ෂයේදී කොළඹ ශාස්ත්රාධාර යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.
සංඥාපනය.
“ශුභසූත්රය” හෙවත් “චූලකම්මවිභඞ්ග” නම්වූ මෙම සූත්‍රය මජ්ඣිමනිකායෙහි විභඞ්ගවග්ගයට ඇතුළත් එත්තරා සූත්‍රාන්ත දේශනාවකි.
මෙය ශුභනම්මාණවකයා විසින් අසනලද ප්රශ්නතුදුසකට පිළිතුරු වශයෙන් වදාළ හෙයින් ‘ශුභසූත්රය’ කියාද මහාකම්මවිභඞ්ග දේශනාවක් තිබෙන බැවින් සහ කර්මවිභාග ප්‍රකාශකරණ පිණිස වදාළ හෙයින්ද “චූලකම්මවිභඞ්ග” සූත්‍රයයි කියාද ව්‍යවහාරයට පැමිණ තිබේ.
මෙහි මෙහි ප්‍රාණඝාතාදි අකුශලකර්මයන්ගේ ආදීනව සහ ප්‍රාණඝාත විරත්යාදි කුශලකර්මයන්ගේ ආනිසංසයන්ද විස්තරලෙස දක්වාවදාරණ ලදී.
මෙය ලෝකවාසී සත්වයන් අතුරෙහි ඇතැම් කෙනෙක් ආයුවර්ණාදියෙන් පිරිහීමට පැමිණෙන්ටත් ඇතැම් කෙනෙක් ආයුවර්ණාදියෙන් වැඩිබවට පැමිණෙන්ටත් හේතුවනම් තමතමන් කළාවූ කුශලාකුශලකර්මස්වභාව සහ යම්කිසි දෙවියෙකු විසින් ලෝකසත්වයන් මවා ආරක්ෂා කරණු නොලැබෙන බවද වෙසෙසින් තේරුම්ගැනීමටද අත්‍යන්තොපකාරී වේ.
සිංහලබෞද්ධ මහාජනයාගේ ප්‍රයෝජනය පිණිස ධර්මවිනයධර පුරාණ පණ්ඩිතාචාර්ය්ය වරයෙක් විසින් මීට කරණලද විසිතුරු පදගතාර්ථව්යාඛ්යානයක් දකින්ට ලැබුණුබැවින් අපවිසින් එයින්පොත් කීපයක්සපයා ගිරිදරරතනජොතිසාමින්ලවාලිපිදොෂාපහරණයෙන් සකස්කරවාගෙන භාවසන්නයක්ද යොදවා අච්චුගස්වනලදී.