පෙළ සහිත සප්තආර්‍යධන සූත්‍ර සන්නය - නානායක්කාර අප්පුහාමි 1896.pdf
- කතෘ :
- පුරාණ මහා ස්ථවිර
- ප්‍රකාශිත වර්ෂය :
- 1896
- මුද්‍රිත වර්ෂය :
- 1896
- පිටු ගණන :
- 19
- බාගත කිරීම් ගණන :
- 403
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 3.4 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය පුරාණ මහා ස්ථවිරයන් වහන්සේ නමක විසින් රචිත, පාලි පෙළ සහිත සප්ත ආර්‍ය්‍යධන සූත්‍රය සහ එහි සිංහල සන්නය ඇතුළත් ධර්ම ග්‍රන්ථයකි. අංගුත්තර නිකායේ සත්තක නිපාතයට අයත් සත්තධන සූත්‍රය පාදක කරගනිමින්, ආර්යයන්ගේ ආධ්‍යාත්මික ධනයන් ලෙස සැලකෙන ශ්‍රද්ධා, සීල, හිරි, ඔත්තප්ප, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන සප්ත ආර්ය ධනයන් පිළිබඳ විස්තරාත්මක විවරණයක් මෙහි අන්තර්ගත වේ.
මෙම සන්නය විස්තරාත්මකව කරුණු දක්වමින්, බුදුගුණ, චතුරාර්ය සත්‍යය, ත්‍රිවිධ දුශ්චරිත සහ සුචරිත ආදී විවිධ ධර්ම කරුණුද අතුරු විවරණ වශයෙන් ගෙනහැර දක්වයි. ධර්මදාන කටයුත්තක් වශයෙන් ඩී. ඩී. පී. ඇන්. නානායක්කාර අප්පුහාමි මහතා විසින් මෙම පොත ශුද්ධ කරවා, කොළඹ ග්‍රන්ථප්‍රකාශ යන්ත්‍රාලයෙහි බුද්ධ වර්ෂ 2440 (ක්‍රි.ව. 1896) දී මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කර ඇත.
සප්තආර්‍ය්‍යධන සූත්‍රය.
මෙනම් සූත්‍රය ලොකාග්‍රවූ සර්වඥයන් වහන්සේ විසින් සියලු සත්වයන්ට හිතපිණිසැ වදාරණලද එක් සූත්‍ර දෙශනාවකි මෙහි ප්‍රකාශවන්නාවූ ධර්‍මයෝනම් ආර්‍ය්‍යයන්ගේ දිළිඳුබැව් දුරුකරණ ධනයන්කි, ඔහුනම්:— 1 ශ්‍රද්ධා ධනය 2 සීල ධනය 3 හිරි ධනය 4 ඔත්තප්ප ධනය 5 ශ්‍රැත ධනය 6 ත්‍යාග ධනය 7 ප්‍රඥා ධනය—යන මොහුයි.
මීට ලියා තිබෙන සන්නයද බොහෝ සේ විස්තරකොට බොහෝ ධර්‍මයන් ඇතුලත්කොට සියලුදෙනාට ප්‍රයෝජන ලෙස තනාතිබේ—මෙය සියලු බුද්ධ භක්තිකයින් විසින් ඉගෙනගත යුතුබැව් පොතබලා සිතාගන්ට පුලුවන්වෙයි. මෙබඳු ධර්‍මයන් ඉගෙනගැන්මෙන් සසරදුක් ගෙවා අමානිවන් ලබාගැන්මට උපාය ගෙනදෙයි—එහෙයින් සියලු බෞද්ධයින් විසින් මෙය සමාදරයෙන් ගෙණ බැලීමෙන් නිවන්සම්පත් සාදාගතයුතුයි.
මෙබව, D. D. P. N. Nànàyakkára Appuhàmi.
D. D. P. N. Nànàyakkára Appuhàmi.