පෙළ සහිත මහා ප්‍රධාන සූත්‍ර සන්නය සහ ප්‍රත්‍යවෙක්ෂා ක්‍රමය - සිරිධම්ම හිමි 1915.pdf

කතෘ :
සිරිධම්ම හිමි
ප්‍රකාශිත වර්ෂය :
1915
මුද්‍රිත වර්ෂය :
1915
පිටු ගණන :
55
බාගත කිරීම් ගණන :
578
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
8.8 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 28

මෙම කෘතිය සුත්ත නිපාතයේ එන පධාන සූත්‍රය හෙවත් ‘මහා ප්‍රධාන සූත්‍රය’ පාලි පෙළ සහ සිංහල සන්නය සහිතව ඉදිරිපත් කර ඇත. ඊට අමතරව භික්ෂූන් වහන්සේලාගේ සිව්පස පරිභෝගය උදෙසා උපකාරී වන ‘ප්‍රත්‍යවෙක්ෂා ක්‍රමය’ ද ඇතුළත් වේ.

කොළඹ මාලිගාවත්තේ විසුද්ධාරාමාධිපති ආචාර්ය සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් සන්නය සහ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය ලියා සකස් කර ඇති අතර, පාණදුරේ ඇන්. ඊ. ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශනයෙන් 1915 (බු.ව. 2459) දී විද්‍යාසාගර යන්ත්‍රාලයේ මුද්‍රණය කර ඇත.

මහා බෝසතාණන් වහන්සේගේ ප්‍රධාන වීර්යය, මාර යුද්ධය සහ දස මාර සේනාව පිළිබඳ විස්තර වන මෙම සූත්‍රය ගැඹුරු අරුත් පහදා දෙන සන්නයක් සහිතව දැක්වීමත්, අභිනව පැවිදි කුලදරුවන්ගේ නුවණ වැඩීම පිණිස පාලි සහ සිංහල භාෂාවෙන් සකස් කළ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයක් අන්තර්ගත වීමත් මෙහි විශේෂත්වයයි.

සංඥාපනය.

මේ “මහාප්‍රධාන සූත්‍රය” සතරමර ලොකශිවංකරවූ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ මහාභිනිෂ්ක්‍රමණයෙහි පටන් සත්අවුරුද්දක් මුළුල්ලෙහි තමන්වහන්සේ පොළඹවනු කැමැත්තෙන් නොයෙක් වඤ්චාබස් බිණිමින් සිදුරු සොය සොයා පසුපස්සේ ආවාවූ වසවර්තිමාර දිව්‍යපුත්‍රයා හා සමිඟ ඇතිවූ කථාප්‍රබන්ධයද ප්‍රධාන වීර්‍ය්‍යය ආදී ධර්මකොෂ්ඨාසද ප්‍රකාශවන සූත්‍රයකි. එහි ප්‍රධාන ශබ්දයෙන් “කාමං තචොව නහාරුච අට්ඨිච අවසිස්සතු උපස්සුස්සතු මෙසරීරෙ මංසලොහිතං යන්තං පුරිසථාමෙන පුරිසපරක්කමෙන පත්තබ්බං නතං අපත්වා විරියස්ස සණ්ඨානං භවිස්සති” යනුවෙන් වදාරණ ලද චතුරංගයෙන් යුත් වීර්‍ය්‍යය ප්‍රකාශවේ. එහි 1. සම පමණක් ඉතුරුවී සෙසු අවයව සුණුවිසුණු වේවා. 2. නහර පමණක් ඉතුරුවී සෙසු අවයව සුණුවිසුණුවේවා. 3. ඇට පමණක් ඉතුරුවී සෙසු අවයව සුණුවිසුණුවේවා. 4. ලෙහෙ මස් වියළේවායි කියා මෙසේ අධිෂ්ඨානකරනලද චතුරංගයෙන් යුක්ත වීර්‍ය්‍යය ප්‍රධාන වීර්‍ය්‍යයයි කියනලදී. හෙද මහාබොධිය පිණිස පවත්වනලදහෙයින් හෝ මහබෝසතාණන් වහන්සේ විසින් පවත්වනලද හෙයින් මහාප්‍රධාන වීර්‍ය්‍ය නම්විය. සඞ්ගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් ඒ මේ මහාප්‍රධාන සූත්‍රය සුත්ත නිපාත පාලියෙහි ඇතුළත්කොට සංගායනා කරන ලද්දේය. මෙබඳු ගැඹුරු අරුත් අදහස් සහිත සූත්‍ර පාළිභාෂාව නූගතුන්ට තබා උගතුන්ටත් සන්න නැතිව තේරුම්ගැනීම ඉතා දුෂ්කරය. එහෙයින් මේ සන්නය ආචාර්‍ය්‍ය සිරිධම්ම ස්වාමින්වහන්සේ ලවා ලියවාගෙන පෙළට අභින් යොදා ගිහි පැවිදි සැදැහැවතුන්ගේ ප්‍රයෝජනය පිණිස මුද්‍රණයට නැංවීමු. තවද අළුතෙන් පැවිදිකම් ලබන කුලදරුවන්ට ප්‍රත්‍යවේක්‍ෂා සූත්‍ර පාළි පමණක් ප්‍රගුණ කරවන්මුන් එපමණකින් සිවුපස පරිභොගයේදි ඔවුන් තුළ යහපත් ප්‍රත්‍යවේක්‍ෂා ඥානය ඇතිකරගැනීම දුෂ්කරහෙයින් ඒ කුලදරුවන්ගේ ප්‍රයෝජනය පිණිස පාළි සිංහල යන උභයභාෂාවෙන් ප්‍රත්‍යවෙක්‍ෂා ක්‍රමයද සිරිධම්ම ස්වාමින්වහන්සේ විසින්ම ලියාදෙන ලදින් මෙහි අගට යොදනබව සැලකියයුතු.

මේවගට, N. E. Fernando.