පදාර්ථ භාවාර්ථ සහිත විජය සූත්‍රය - ධර්මතිලක අප්පුහාමි 1898.pdf
- කතෘ :
- කේ. ඩී. ඇල්. ධර්මතිලක අප්පුහාමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1898
- මුද්‍රිත වර්ෂය :
- 1898
- පිටු ගණන :
- 37
- බාගත කිරීම් ගණන :
- 454
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 8.8 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ඛුද්දක නිකායේ සුත්තනිපාතයට අයත් විජය සූත්‍රය (කායවිච්ඡන්දික සූත්‍රය) පාලි ගාථා, පදගත අර්ථ (පදාර්ථ) සහ විස්තරාත්මක භාවාර්ථ සහිතව මෙම කෘතියෙන් ඉදිරිපත් කර ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් රූප මදයෙන් මත්ව සිටි රූපනන්දා තෙරණිය අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම සූත්‍රයෙහි නිදාන කථාව ද මෙහි විස්තර කෙරේ.
මිනිස් සිරුරෙහි පවත්නා දෙතිස් කුණප කොටස් පිළිබඳ ගැඹුරු විවරණයක් මෙන්ම ශරීරයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සහ අසුභ ස්වභාවය පසක් කරමින් කයෙහි ඇල්ම දුරු කිරීමට (කායවිච්ඡන්දනයට) හේතුවන කරුණු මෙහි මනාව පැහැදිලි කර ඇත.
මෙම පොත උගත් ස්වාමීන් වහන්සේ නමක ලවා සංශෝධනය කරවාගෙන මාතර කේ. ඩී. ඇල්. ධර්මතිලක අප්පුහාමි විසින් බුද්ධ වර්ෂ 2441 (ක්‍රි.ව. 1898) දී මාතර ග්රන්ථප්රකාශ යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.
දැ න් වී ම යි.
මධුර මනොහර මෙම සූත්රදෙශනාව භාග්‍යවතුන්වහන්සේ විසින් රූපමදයෙන් මත්වූ “රූපනන්දා”නම් භික්ෂුණිය මුල්කොට දෙශනාකරණලද්දකි—මෙයින් වනාහි සත්වයන්ගේ සාරීරිකවූ දෙතිස්කුණප කොට්ඨාසයන්ගේ විශෙෂවිභාග මනාව ප්‍රකාශ වෙයි—එහෙයින් අතිවිසිතුරු වූ මෙම සූත්රදෙශනාව යමෙකු විසින් පරිශීලනය කරණුලැබේද හෙතෙම වනාහි මමය මාගේය යන මමත්වයෙන් යුක්තවූ මේ ශරීරය කෙරෙහි අතිශයින් කලකිරීම් ස්වභාව ඇත්තෙක් වෙනවාට අනුමාන නැත.
එමනිසා නිස්ප්රයෝජන විහිළු පොත්පත් කියන කියවන සියළු දෙනාම තමන්ගේ ශරීරස්වභාව දැන නිස්සාරවූ මෙම දෙතිස් කුණපකොට්ඨාසයෙන් මිදී නිවන් අත්පත්කරණු පිණිස මේ පොත භාවිතකරණමෙන් මතක්කරම්හ:
මීටවගට,
කේ. ඩී. ඇල්, ධර්මතිලකවන මමය.
1898-3-18 වෙනි දින
මාතරදීය.