අර්ථකථා සහිත කායවිච්ඡන්දනික විජය සූත්‍රය - කරොසයිමන් අප්පු 1898.pdf

කතෘ :
පුරාණ පණ්ඩිතයෙකු විසින් ලියනලද
ප්‍රකාශිත වර්ෂය :
1898
මුද්‍රිත වර්ෂය :
1898
පිටු ගණන :
47
බාගත කිරීම් ගණන :
507
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
11 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 24

ඛුද්දකනිකායේ සුත්තනිපාතයට අයත් උරග වග්ගයේ එන කායවිච්ඡන්දනික සූත්‍රය හෙවත් විජය සූත්‍රය, එහි පාලි අටුවාව සහ පුරාණ පණ්ඩිතයෙකු විසින් සම්පාදිත පද්‍ය-භාවාර්ථ සන්නය සහිතව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. ශරීරයේ දෙතිස් කුණුප කොට්ඨාසයන්ගේ අනිත්‍ය හා අසුභ ස්වභාවය විදහා දක්වමින් කාය විච්ඡන්දනය හා පරමාර්ථ ධර්මය අවබෝධ කරවීම මෙම සූත්‍ර දේශනාවේ මූලික අරමුණයි.

පැරණි පුස්කොළ පිටපත් ආශ්‍රයෙන් කාලාන්තරයක් තිස්සේ ඇති වූ අඩුපාඩු වියත් ස්ථවිර නමක ලවා සංශෝධනය කරවා, බණ්ඩාරමුල්ලේ පදිංචි ගලපතතිගෙයි කරෝ අප්පු සහ ඇන්. ඒ. ඇස්. සයිමන් අප්පු යන මහතුන්ගේ මූලිකත්වයෙන් බු.ව. 2442 (ක්‍රි.ව. 1898) දී ජිනාලංකාර යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා පළ කර තිබේ.

දැන්වීමයි,

කායවිච්ඡන්දනික සූත්‍රය—

මේ මාහැඟි සූත්‍රධර්‍මය කුදුගොත් සඟියේ සූත්‍රනිපාතයෙහි උරගවර්‍ගයේ ප්‍රකාශිත සූත්‍රධර්‍මයකි—මෙහි ශරීරය සම්බන්ධවූ දෙතිස් කුණුපකොට්ඨාසයන්ගේ තත්ගත් ආකාර ප්‍රකාශ කිරීමෙන් ශරීරයාගේ නිස්සාරත්‍වය දක්වා පරමාර්‍ථ ධර්‍මය උතුම්කොට දේශනාකර තිබේ. ඊට යොදා තිබෙන සන්නයද මනුෂ්‍යයේ පද්‍යාර්‍ථ භාවාර්‍ථදෙකින් යුක්ත කොට වචන සිථිලතාවයෙන් හා විස්තරාර්‍ථ දැක්වීමෙන්ද සියලුදෙනාහට සුඛාව බෝධවනසේ මධුර නාදයෙන් ලියා තිබෙන බවද පෙනෙණි. මෙම සන්නය කවරෙකු විසින් කොයිකලක ලියන ලද්දේද කියා නිසැකව දැනගැන්මට කරුණු නැතියෙන් පුද්ගල අවස්ථාවක් මෙහි නොදක්වනලදී. මේ ධර්‍මකොට්ඨාශය ගිහි පැවිදි හැමදෙනා විසින්ම ආදර ගෞරවයෙන් භාවිතා කළයුතුවූ යහපත් උත්තම ධර්‍මයක් බවද සැලකිය යුතුයි. මෙහි කාලාන්තරයෙන් ඇතිවූ ඌනාතිරෙකස්ථානයන් ආගම දැනුගත් ස්ථවිරකෙනෙක් ලවා අටුවා සන්නාදියට සමකොට බැලීමෙන් සොධනය කරවා ලෝකශාසනාභිවෘද්ධිය සඳහා මෙහි පහත නම්පෙණෙන අප විසින් අච්චුගැස්වීම ආරම්භ කර තිබෙද්දී මෙම සන්නය කිසිවෙකු විසින් මුද්‍රණය කරවන බව දැනගත් නමුත් අප උත්සාහයද නිස්ඵල නොවන පිණිස අපවිසින්ද මුද්‍රණය කරවන ලද්දයි මෙත්සිත පෙරටු කොට දතයුතුයි.

තවද මේපොත නැවත අච්චුගැස්වීමේ අයිති වාසිකමද මෙහි පහත නම් පෙණෙන අපටම තබාගතිමු.

අපේ සීල්එක නැතිපොතක් යමෙක් වෙත තිබි සම්භවුනිනම් නීතිමාර්‍ගයෙන් ඔහුට විරුද්ධව ක්‍රියාකරණ බවද සැලකිය යුතුයි.

මේවගට
බණ්ඩාරමුල්ලේපදිංචි
ගලපතතිගෙයි කරො අප්පු සහ
ඇන්. ඒ. ඇස්. සයිමන් අප්පුවන අපිදෙදෙනාය.