අටුවාසන්න සහිත චෙතොඛිල සූත්‍රය - කරොලිස් අප්පුහාමි 1897.pdf

කතෘ :
බී. පී. කරෝලිස් ප්‍රේරා අප්පුහාමි
ප්‍රකාශිත වර්ෂය :
1897
මුද්‍රිත වර්ෂය :
1897
පිටු ගණන :
27
බාගත කිරීම් ගණන :
540
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
7.1 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 14

අටුවා-සන්නසහිත චෙතොඛිල සූත්‍රය යනු මජ්ඣිම නිකායෙහි (මැදුම් සඟියෙහි) සීහනාද වර්ගයට අයත් චෙතොඛිල සූත්‍රයේ පාලි පාඨය, අටුවා කරුණු ඇතුළත් සිංහල සන්නයක් සමඟ පළ කළ ග්‍රන්ථයකි. ක්‍රි. ව. 1897 (ශ්‍රී බු. ව. 2441) දී කොළඹ දී මුද්‍රණය කෙරිණි.

පොතේ මාතෘකා පිටුවට අනුව සන්නය සාමීන්නාන්සේ නමක් ලවා ලියවා ගෙණ බී. පී. කරෝලිස් ප්‍රේරා අප්පුහාමි විසින් කොළඹ යන්ත්‍රාලයක මුද්‍රණය කරවන ලදී. සන්නය ලියූ භික්ෂුවගේ නම සඳහන් නොවේ.

පළමුව ‘චෙතොඛිල සුත්තං’ යන පාලි පාඨය මුද්‍රිතය. ඉන්පසු ‘චෙතොඛිලසූත්‍ර සන්නය’ ආරම්භ වන අතර, එහි පාලි පදවලට සිංහල අර්ථ දී, සාවත්ථිය, ජෙතවනය හා අනේපිඩු සිටුතුමා ජෙතවනාරාමය කරවූ ආකාරය වැනි අටුවා කථා ද විස්තර කරයි. සූත්‍රයෙන් දැක්වෙන්නේ භික්ෂුවකගේ සිතේ ප්‍රහීණ නොකළ ‘චෙතොඛිල’ (සිතේ උල්) පසත්, ‘චෙතසො විනිබන්ධ’ (සිත බඳින බැඳුම්) පසත් ය.

අගට ඇති ප්‍රකාශකයාගේ ‘දැන්වීමයි’ සටහනේ සඳහන් වන්නේ, මෙහි ප්‍රකාශිත චිත්තය සම්බන්ධ උල් පස හා බන්ධන පස ප්‍රහීණ නොකළහොත් නිර්වාණාවබෝධයට බාධා වන බැවින් ඒවා හඳුනාගෙන දුරු කිරීමට උත්සාහ කළ යුතු බවත්, පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා සන්නයක් ද ලියවා ඇතුළත් කළ බවත් ය.

දැන්වීමයි.

‘’චෙතොඛිල සූත්‍රය’’ නැමැති මේ සූත්‍ර දෙශනාව මජ්ඣිම නිකායෙහි (මැදුම් සඟියෙහි) සීහනාද වර්ගයට අන්තර්ගත එක් සූත්‍රයකි.

මෙහි වනාහි ගිහිපැවිදි දෙපක්ෂය විසින්ම නිතර භාවිතාකටයුතුවූ ප්‍රයොජනවත් කොටගැණීමට ඉතා දුලභවූ විශිෂ්ට ධර්මකොටසක් ප්‍රකාශකොට තිබේ.

සනරාමරලොකපූජිතවූ අප භාග්‍යවතුන්වහන්සේගේ බුද්ධශාසනයෙහි මෙය භාවිතාකරන්නවුන්ට අතැඹුලක්සේ වැටහේ.

තවද මෙහි ප්‍රකාශිතවූ චිත්තය සම්බන්ධ උල්පසද විවිධ බන්ධන පසද ප්‍රහීණනොකොළොත් නිර්වාණාවබොධයට බාධාවෙයි.

එබැවින් නිර්වාණාවබොධය ප්‍රාර්ථනාකරන්නන්විසින් මෙයින් එක එක තෝරාගෙණ ප්‍රහීණකටයුතුවූ ඒ උල්පස සහ බන්ධන පසත් දැනගෙණ සතර අපායාදියෙහි සදාකාලික සැපයක්වූ නිවන් සොයා ගන්ට උත්සාහකටයුතුයි.

මෙය භාවිතාකරන්නවුන්ගේම විපුල ප්‍රයොජනය සඳහා සන්නයකුත් ලියවාගෙණ බහාලිමු. මෙහි යම් ප්‍රමාදදීයෙන් ජනිත දෙෂාංශුවක් ඇතත් උපෙක්ෂාව භජනයකරමින් එය නැණැත්තන්ලවා සුද්ධකරවා ගතයුතුයි.

මෙවගට, බී. පී. කරෝලිස් ප්‍රේරා අප්පුහාමි. කොළඹ.