අටුවා සහිත සමිද්ධි සූත්‍ර සන්නය - සිල්වා 1898.pdf

කතෘ :
සිල්වා
ප්‍රකාශිත වර්ෂය :
1898
මුද්‍රිත වර්ෂය :
1898
පිටු ගණන :
19
බාගත කිරීම් ගණන :
480
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
4.0 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 10

මෙම ග්‍රන්ථය සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයට අයත් නන්දන වර්ගයේ දසවැනි සූත්‍රය වන සමිද්ධි සූත්‍රය, එහි අටුවාව (සමිද්ධිසුත්තවණ්ණනා) සහ සිංහල සන්නය ඇතුළත් කොට සකස් කරන ලද්දකි.

රජගහනුවර තපෝදාරාමයෙහි වැඩවිසූ සමිද්ධි හිමියන් අලුයම් කාලයේ තපෝදා නදියෙන් පැන් සනහා සිටියදී කාමයෙන් මුළා වූ එක්තරා දේවතාවියක් කළ ආරාධනය ප්‍රතික්ෂේප කරමින්, කාමය කාලික බවත් ධර්මය අකාලික බවත් දක්වා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ විවරණය ලැබූ පුවත මෙම සූත්‍රයෙන් විස්තර කෙරේ. ධර්ම කථිකයන් වහන්සේලාට දේශනා සඳහා මහත් උපකාරී වන පරිදි උගත් ස්වාමීන් වහන්සේ නමක ලවා සන්නය ලියවා සංස්කරණය කරවා ඇත.

මෙම කෘතිය ඩී. ජේ. ඩී. සිල්වා මහතාගේ ප්‍රකාශනයක් ලෙස ක්‍රි.ව. 1898 දී විද්‍යාසාගර යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ප්‍රසිද්ධියට පත් කර තිබේ.

දැ න් වී ම යි.

“සමිද්ධිසූත්‍රසන්නය” මෙනම් සූත්‍රය අපලොකස්වාමිවූ බුදුරජාණන්වහන්සේ රජගහනුවර තපොදාරාමයෙහි වැඩවසනකල්හි ගොහාසම්පන්න ශරීරලක්‍ෂණඇති යොගාවචරවූ සමිද්ධිහිස්සුන් වහන්සේ රාත්‍රිකාලයෙහි භාවනාකොට අලුයම්වේලෙහි තපොදනදියටබැස උණුපැතුර ස්නානයකොට සිටිකල්හි උන්වහන්සේගේ ශරීරලක්‍ෂණයෙන් කාමාභිභූතව ප්‍රලොභිත්ඇති එක්තරා හුළුදේවදූවක් මුන්වහන්සේ කාමයෙන් පොළඹවන්නෙමැයි සිතා පැමිණ සමීපාකාශයෙහි සිට “මහණ තරුණකාලයෙහි කාලික (කල්ගොසින් ලැබෙන දෙව්)සැපය නොපතා ඉහාත්මයෙහි මිනිස්කම්සැපවින්ඳනායයි”කී කථාවට (විරුඬවූ) උන්වහන්සේ කාමය කාලිකය යනබවත් නිවාණය අකාලිකය මාර්ගීසිතට අනතුරුව ලැබියයුතුය යනබවත් වදාළ කල්හි ඒබව විස්තරව අසනුකැමති දේවදූව භාග්‍යවතුන්වහන්සේ කරා පැමිණවූකල දේශනාකළ සූත්‍රයකි.

මෙය සංගීතිකාරක මහරහතන්වහන්සේලා සංයුක්තසඟියට ඇතුළත් දෙවතාසංයුත්තකයෙහි නන්දනවර්ගයසම්බන්ධ දසවෙනි සූත්‍රය කොට සංගායනාකර වදාරනලදී. ඒමේ විචිත්‍රධර්‍මපීඨියන්ඇති සූත්‍රය ධර්‍මපිරිස් හොබවා ධර්‍මදේශනාකරන ධර්‍මකථිකයන්ට ක්ලෙශාදීනව ආයතීමාර්ග නිර්වාණගුණ විස්තර වර්‍ණනාවෙන් ප්‍රකාශකිරීමට බොහෝ අර්‍ථමුඛඇතිබැවින් උගත් යතිතුමකුන් ලවා සුඬකරවා සන්නලියවා ගෙන අටුවාකථාව සහිතව ප්‍රසිඬකරන්ට යෙදුණේය.

මෙබව,
ඩී. ජේ. ඩී. සිල්වා.
ශ්‍රී. බු. නප්ජන.