අටුවා සන්න සහිත ධම්මික සූත්‍රය - ජුලියන් ප්‍රනාන්දු 1895.pdf
- කතෘ :
- එච්. ජුලියන් ප්‍රනාන්දු
- ප්‍රකාශිත වර්ෂය :
- 1895
- මුද්‍රිත වර්ෂය :
- 1895
- පිටු ගණන :
- 27
- බාගත කිරීම් ගණන :
- 536
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 6.4 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය ඛුද්දකනිකායේ සුත්තනිපාතයට අයත් ධම්මික සූත්‍රය සහ එහි අටුවා සන්නය ඇතුළත් කොට සකස් කරන ලද දහම් පොතකි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධම්මික නම් අනාගාමී උපාසකතුමා අරබයා දේශනා කරන ලද මෙම සූත්‍රයෙන් භික්ෂු ප්‍රතිපදාව මෙන්ම ගිහි විනය හෙවත් ගිහි ධර්මය ද මැනවින් විස්තර කෙරේ.
සම්‍යක් සාමීන්වහන්සේ නමක් ලවා ශුද්ධ කරවාගෙන එච්. ජුලියන් ප්‍රනාන්දු (H. Julian Fernando) මහතා විසින් මෙම කෘතිය සම්පාදනය කර මුද්‍රණය කරවා ඇත. මෙහි මුලින් ධම්මික සූත්‍ර පාලි පාඨය ද, අනතුරුව අටුවා පාඨය සහ පදගත සන්නය ද අන්තර්ගත වන අතර අවසානයට ඒරාවණ දිව්‍යපුත්‍ර වර්ණනාව ද එක් කොට තිබේ.
මෙම සංස්කරණය බුද්ධ වර්ෂ 2438 (ක්‍රි.ව. 1895) දී කොළඹ ග්රන්ථප්රකාශ යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.
දැන්වීමි.
මෙම ධම්මිකසූත්රය කුදුගොත් සඟියෙහි සුත්රනිපාතයට අයත් මධුරමනෝහර ධර්මදේශනාවකි. හෙදවනාහි ධර්මප්රදීපායමානවූ භාග්‍යවතුන්වහන්සේ විසින් තමන්වහන්සේ කරා පැමිණි නාම සෙන්යාපතිපන්ථයෙන් “ධම්මික” නම්වූ අනාගාමී උපාසකයා අරභයා වදාරණලදුව ඔහු විසින් පිළිගත් බැවින් මෙනම් විය.
මෙය ගිහිපැවිදි උභයපක්ෂයගේම උභයාර්ථසිද්ධිය සඳහා භික්ෂු ධර්මය සහ ගිහිධර්මය (ගිහිවත)ත් විස්තරකොට පූර්වාපරසම්බන්ධයෙන් වදාරණලද්දක් බැවින්ද, පොත්ගුලෙහි භාවිතකරණ සකලසත්පුරුෂ පින්වතුන්ටම මෙහි අනාකූලත්වය අනඹුලක්සේ හැඟී යනබැවින්ද බෙහෙවින් වර්ණනානොකරමු.
එරාවන දිව්‍යපුත්‍රයා සම්බන්ධ අර්ත්ථකථාවත් පදාර්ථ සන්නව තිබුනාබැවින් අර්ත්ථකථාවට අනතුරුව යෙදීමු.
ඒකාන්තයට සම්මනොවූ ඇතැම්පද පුරාණ සන්නයෙහි තිබුනහෙයින් එසේම යෙදීමු.
අටුවා සහ සන්න කියවා පරික්ෂාකොට ශුද්ධකරණලද මෙහි අපගේ ප්රමාදාදියෙන් අමුසිදොසෙක් ඇතහොත් එයද ප්‍රාඥයෝ සෝධනයකෙරෙත්වා.
මගේ සීල්එක නොමැතිපොතක් ලැබුනොත් නඩුමාර්ගයේ ප්‍රකාර අඩුවැඩි පමුණුවනුලැබේ. නැවත නැවතත් අච්චුගැසීමේ අයිතිවාසිකම මටම තබාගත්තෙමි.
H. JULIAN FERNANDO.