අටුවා සන්න සහිත කර්මනිදාන සූත්‍රය - සෙනරත් යාපා 1897.pdf
- කතෘ :
- දොන් මෙශියස් සෙනරත් යාපා
- ප්‍රකාශිත වර්ෂය :
- 1897
- මුද්‍රිත වර්ෂය :
- 1897
- පිටු ගණන :
- 23
- බාගත කිරීම් ගණන :
- 594
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 4.6 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අංගුත්තර නිකායේ තික නිපාතයේ දේවදූත වර්ගයට අයත් කර්මනිදාන සූත්‍රය (කම්මනිදාන සුත්තං), එහි අටුවා කතාව සහ සිංහල සන්නය සහිතව මෙම ග්රන්ථයෙහි ඇතුළත් වේ.
හිත්තේටියේ දොන් මෙශියස් සෙනරත් යාපා අප්පුහාමි විසින් උඩ පහත දෙරටින් සපයාගත් පුස්කොළ පොත් කිහිපයක් සංසන්දනය කොට, වියත් ස්වාමීන් වහන්සේ නමක ලවා ශෝධනය කරවා 1897 (බු.ව. 2440) දී ප්‍රකාශයට පත් කර ඇත.
කොළඹ හුණුපිටියේ පිහිටි ජිනාලංකාර මුද්‍රණාලයෙහි (Jinalankara Press) මෙම පොත මුද්‍රණය කරවා තිබේ.
දැන්වීමයි.
කම්ම නිදාන සූත්‍රය.
ශ්‍රී-සද්ධර්මවරචක්රවර්තිත්රෛලෝක්යනාථ වූ සම්බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරණලද මෙනම් මහානිශංසානාන ධර්මදේශනාව අංගුත්තරනිකායේ තිකනිපාතයෙහි දේවදූත වර්ගයෙහි
ඒ මේ සූත්රදෙශනාව ලොකවාසී සිය සව්යාපාරිකාදී ගෘහස්ථ ප්‍රව්‍රජිත සියලුදෙනාගේ අතට දීමෙන් යහපත් මාර්ගයක හසුරුවා ලොකශාසනාභිවෘද්ධියහා කෙළවර නිර්ර්වාණසම්පත්තියත් හස්තප්රාප්තකරවීම පරමාර්ථිකරගෙණ බොහොදෙනෙකුගේ ආයාචනාව පෙරටුකොට උඩපාත දෙරටින් පොත් කීපයක් සපයා සංසන්දනය කොටබලා අවශ්යකාලෙලභ්යමානපාඨයන්හා අතරතුර තුබූ ඌනාතිරික්තස්ථානයන්දු සම්පූර්ණ කිරීමෙන් ශාස්ත්‍රාගම දත් ස්වාමින්වහන්සේ කෙනෙකුන්ලවා යථාශක්තියෙන් සංශොධනය කරවාගෙණ මෙසේ මුද්රණයකරවන්ට කල්පනාකෙළෙමි.
ඉන්නිසා අපගේ මෙ ලොකශාසනාභිවෘද්ධිකාමීත්වය සියලුදෙනා විසින්ම සලකා මින් එක එක පොතබැගෙණ ග්රහණධාරණය කිරීමෙන් දෙව්මිනිස්සැප සහ කෙළවර නිර්ර්වාණසම්පත්තිය අත්පත්කරගන්නාමෙන් කරුණා පුරස්සරව මතක්කරමි.
මෙහිඇර මෙය සංශොධනයකිරීමෙහිදී අපගේ ප්‍රමාද ප්රමාදින් ජනිත දොෂ ඇතත් නැණවත් පණ්ඩිතජනයා ලවා නිරාකරණය කරවා ගැණීමෙන් ධාරණයකටයුතුයි
තවද මුද්‍රණයෙහිදී අක්ෂරයොජකයන්ගෙන් හටගත් - ස්වල්පදොෂ ඇතත් ඉන් අර්ථයට හානියක්නොමැති බැවින් ශුද්ධිපත්‍රයක් නොයෙදුවැයි සැලකිය යුතුයි.
මෙය නැවත මුද්රණයකරවීමේ අයිතිවාසිකමත් මෙහි නම්සඳහන්වන මටම තබාගනිමි.
මෙව්ගව,
හිත්තේටියේ
දොන් මෙශියස් සෙනරත් යාපා
අප්පුහාමි.
බු.ව. 2440.