අටුවා සන්න සහිත අපුත්තක සූත්‍රය - ප්‍රේරා අප්පුහාමි 1900.pdf
- කතෘ :
- ප්‍රේරා අප්පුහාමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1900
- මුද්‍රිත වර්ෂය :
- 1900
- පිටු ගණන :
- 16
- බාගත කිරීම් ගණන :
- 526
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 3.4 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අටුවා සන්න සහිත අපුත්තක සූත්‍රය යනු සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයට අයත් අපුත්තක සූත්‍රය, එහි අටුවා කථාව සහ සිංහල සන්නය ඇතුළත් කොට සකස් කරන ලද ධර්ම ග්රන්ථයකි. මෙහි අගට දානානිසංසදීපක ගාථාපන්තියක් සහ පාලිපාඨ කිහිපයක් ද එකතු කර ඇත.
උගත් ස්වාමීන්වහන්සේ නමක ලවා පිළියෙල කරවා ගන්නා ලද මෙම ග්‍රන්ථය, 1900 වර්ෂයේදී කොළඹ ග්රන්ථාලෝක යන්ත්‍රාලයේදී ජේ. ඩී. ජේ. ප්‍රේරා අප්පුහාමි විසින් අච්චුගස්වා ප්‍රසිද්ධ කරවා තිබේ.
දරුවන් නොමැතිව මියගිය මසුරු සිටුවරයෙකුගේ ධනය රජු සතු වීම නිමිති කරගෙන දේශනා කරන ලද අපුත්තක සූත්‍රයේ නිදාන කථාව, පාලි සූත්‍ර පාඨය, අටුවාව සහ සවිස්තරාත්මක සන්නය මෙහි අන්තර්ගත වන අතර, දානයෙහි ආනිසංස හා පින්කම් පිළිබඳ විස්තර ද විවරණය කෙරේ.
අපුත්තක සූත්රදේශනාවගේ නිදාන කථාව.
ස්කලලොකස්වාමිවූ අප තිලෝගුරු භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කර වදාරණ කාලයෙහි එම නුවර රන් රිදී මුතු මැණික් දසි දස කෙත්වත් ගවමහිෂාදි අමිත භෝගීව ගෘහපති සිටානෝයයි ප්‍රසිඬවූ එක්තරා සිටු එකනෙක් වූයේය, මෙතෙමේ කෙතරම් වස්තු ඇත්තෙක් විනමුත් එම වස්තුවට හිමිකාරයෙක්වූ එකම දරුවෙක්වත් නොලැබ වස්තු ලෝභයෙන් මියගොස් රෞරවනම් නරකයෙහි උපන්නේය; එකල්හි පසේනදි කොසොල් මහරජානෝ ගෘහපති සිටුතෙමේ කළුරියකෙළේයයි අසා සපිරිවරින් සිටුගෙදරට ගොස් පරීක්ෂාකොට බලා හිමියෙක් නැත්තාවූ ඒ සිටුහුගේ සම්පත්තිය ඇතුළු රජපුරයට ගෙන්වාගෙන යනගමන් බුදුන් දැක සතුටුව යාම පිණිස දෙව්රම්වෙහෙරට ගොස් මනාකොට වැඳ අවසරයෙන් එකත්පස්ව උන්නේය. එසේ වැඳ එක්ත්පස්ව උන්කල්හි සර්වඥයන් වහන්සේ මහරජ තෙපි මේ දිවාභාගයෙහි කොයිසිට එන්නේදැයි අසා වදාලකල්හි ස්වාමීනී, සැවැත්නුවර විසූ ගෘහපති සිටානෝ කළුරියකළේය. ඔහුගේ රන් රන් සම්බන්ධවූ වස්තුවම සියක්ලක්ෂයක, රිදි සම්බන්ධවූ වස්තුව එතෙකැයි කියනුම කවරේද? මොහු මෙසේ අපමණ වස්තු ඇත්තෙක්විනමුත් කුද දෙවැනිකොට ඇත්තාවූ සූනුසහලින් පිසනලද බතක් අනුභවකෙළේය. තුන්කඩිකාව මසනලද දිරාහු හන වැහැරක් ඇන්දේය. පත්වලින් කරණලද කුඩයක් ඉසලමින් දිරාහු රථයකින් ගමන්කෙළේය. මොහුගේ මේ සම්පත්තිය අනුභවකිරීමට හේතුවන්නාවූ එකද දරුවෙකුත් නැති බැවින් රාජ සන්තකවූ ඒ වස්තුව ඇතුළුනුවරට ගෙන්වාගෙන යන්නේ නුඹවහන්සේ දැක සතුටුව යාම පිණිස ආයෙමියි සැලකෙළේය.
මෙසේ සැලකලකල්හි අප බුදුරජානන් වහන්සේ බුදු ඇසින් බලා වදාරණසේක්, මහරජ මේ ගෘහපති සිටානෝ මීට පෙර අත්බැවෙක්හි මෙසේම වස්තු ඇත්තෙක්ව ඉපිද ලෝභීව වාසයකෙළේය එකල පද්මාවතීගේ තුන්වෙනි පුත්‍රවූ තගරසිඛිනම් පසේබුදුන්ගෙම නිවදිනක් පිඬුසිඟා වැඩියේ නමුත් දානයක් නුදුන්නේය, දිනක් මේ සිටානෝ උදයම නැගිට මුවසෝදා ප්‍රනීතවූ භෝජනය අනුභව කොට දන් අඟුර සුබකරමින් මිදුලෙහි ආසනයක් තබා එහි දැඩීව උන්නේය. එකල ශ්‍රාවක පසේබුදුරජානෝ අනෝතත්තවිල ජලයෙන් මුවසෝදා මනාකොට හැඳ පොරවා පාත්‍රය අතින්ගෙන ඉර්ධියෙන් අහසට නැගී නුවර දොර සමීපයෙහි බැස පේලිවලින් පිඬු සිඟා වඩින්නේක් සිටුහුගේ ගෙදරටද වැඩිසේක. එදවස සිටානෝ බත් අනුභවකොට අවසානව උන්හෙයින් දෙගෙට පිඬුපාතයක් දෙවු මියන කුසල්චේතනාවක් ඇතිව සිටුදේවියට අඬගසා මේ ශ්‍රමණයාට පිඬුපාතයක් දෙවීයි කියා තෙමේ යම්කිසි කම්යක් පිණිස රජගෙදරට පිටත්ව ගියේය. සිටුදේවියද බොහෝ කලකින් දෙවයි යන බසක් මගේ හිමියානේ කටින් පිටවියයි ඉතා සතුටුව පසේබුදුන් ගෙට වඩා මහාර්ඝ අස්නක්පිට හිඳුවා රසමයවුලෙන් යුත් ආහාරය පාත්‍රයෙහි පුරවා බුදුන්ට පිළිගැන්වූවාය. එකල පසේබුදුතෙම අනිකුදු බුදුවරයින්ටත් දෙමි යන අදහසින් එහිදී නොවලඳා අනුමෝදනා කොට වැඩියේය. සිටානෝ රජගෙට ගොස් එන්නේ අතරමගදී පසේබුදුන් දැක නුඹවහන්සේට දානයක් දෙවයි කියා මම දේවියට කීමි. ලැබුනේදැයි ඇසුවේය. එසේය සිටානෙනි ලැබුනේයයි පසේබුදුන් වදාලකල්හි මමත් එය බලමියි පාත්‍රයට මුහුන ලන්කලකල්හි ආහාරගන්ධය මුහුනට වැදුනෙන් මේ දානය මම හෝ මගේ කම්කරුවෙක් හෝ අනුභවකෙළේනම් මීට වඩා හොඳය යන ලෝභචේතනාවක් උපදවූයේය. මෙසේ මේ සිටානෝ ප්‍රථම චේතනාව පිරිසිදු කොට දානය දුන්නාවූ ආනිශංසයෙන් වස්තුලාභීව උපන්නේය. අන්තිම චේතනාව අපරිසිදුකරගත් පවින් වස්තුවෙන් ප්‍රයෝජන ගැනීමට හේතුවන්නායෙක් නොවූයේය.
තවද මෙම සිටුතෙම ඒකාලයෙහි තමාගේ වැඩිමහළු සහෝදරයා කළුරියකලකල්හි ඔහුගේ භාර්‍ය්‍යාව පාදපරිචාරිකාකොට වාසයකරන්නේ සියලු සම්පතිය මොහු හිමිකරගනිමි යන අදහසින් සහෝදරයාගේ එකම දරුවා වනයට කැඳවාගෙන ගොස් මරාදැමුවේය. ඒ පවින් මොහුට මේ ආත්මභාවයෙහි එකම දරුවෙක්වත් නූපන්නේයයි වදාරා මේ අපුත්තකසූත්රය කොසොල්මහරජහට දේශනාකර වදාලසේක.