විනයමහානිස්සය සමන්තපාසාදිකා සවිස්තර ව්‍යාඛ්‍යාව - තුඩුවේවත්තේ සිරිපඤ්ඤාසීහ හිමි 1933.pdf
- කතෘ :
- තුඩුවේවත්තේ සිරිපඤ්ඤාසීහ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1933
- මුද්‍රිත වර්ෂය :
- 1933
- පිටු ගණන :
- 250
- බාගත කිරීම් ගණන :
- 618
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්‍රමාණය :
- 64 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විනය පිටකයට අයත් අටුවා ග්‍රන්ථය වන ආචාර්ය බුද්ධඝෝෂ මහාස්ථවිරයන්ගේ ‘සමන්තපාසාදිකා’ විනය අටුවාව සඳහා තුඩුවේවත්තේ සිරිපඤ්ඤාසීහ මහාස්ථවිරයන් වහන්සේ විසින් රචිත ‘විනයමහානිස්සය’ නම් සවිස්තර සිංහල සන්නයෙහි ප්‍රථම භාගය මෙම ග්රන්ථයට ඇතුළත් වේ. මෙම වටිනා ව්‍යාඛ්‍යානය කොස්ගොඩ ගොඩපිටියේ සිරිවිසුද්ධි ස්ථවිරයන් වහන්සේ විසින් සංස්කරණය කොට 1933 දී ප්‍රකාශයට පත් කරන ලද්දකි.
මෙහි ප්‍රධාන වශයෙන් බාහිරනිදානය විස්තර වන අතර, ධර්ම සංගීති, ශාසන ඉතිහාසය, ලක්දිවට බුදුසසුන හා මහින්දාගමනය සිදුවූ ආකාරය මෙන්ම මහාබෝධි හා ධාතු ආගමනය පිළිබඳ දීර්ඝ විස්තර අන්තර්ගත වේ. පැරණි සන්න ක්‍රමයට අනුව පදගත අර්ථ, ටීකා විවරණ සහ ව්‍යාකරණ විග්රහයන් දක්වමින් ශාස්ත්‍රීය ලෙස මෙම ව්‍යාඛ්‍යාව සකසා තිබේ.
මෙම මුද්‍රණය පීටර් හැන්රි ද සොයිසා සහ හැන්රි පීටර් ද සිල්වා යන මහතුන්ගේ ප්රකාශනයක් ලෙස කොළඹ මහාබෝධි මුද්‍රණාලයේදී මුද්‍රණය කොට ඇත.
- බාහිරනිදානය සහ අට්ඨකථාප්රාරම්භය
- ප්‍රථම, ද්විතීය සහ තෘතීය මහාසංගීති විස්තර
- දඹදිව හා ලක්දිව ආචාර්ය පරම්පරාව
- මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සහ ශාසන ප්‍රතිෂ්ඨාපනය
- මහාවිහාරය පිළිගැනීම, ධාතු ආගමනය සහ මහාබෝධි රෝපණය
PREFACE.
This volume, which we have much pleasure in placing before the public, is the first part of the Sinhalese paraphrase to Samantapāsādika Aṭṭhakathā written by Buddhaghosha, the erudite Pāli Commentator, who lived in the 10th century of the Buddhist Era. This commentary (aṭṭhakathā) deals with the entire Vinayapitaka, composed of Pārājika Pāli, Pāchittiya Pāli, Chullawagga Pāli, Mahawagga Pāli and Pariwāra Pāli, and may, therefore, be justly called a compendium of that pitaka. As may be expected of a person of his scholastic attainments, Buddhaghosha has culled and co-ordinated into his book the best of the Kurundiya, the Pacchariya, and the Mahāaṭṭhakathā, the only Sinhalese commentaries to the Vinaya Pitaka extant in his day. In this treatise, he has, inter alia, traced the history of the Sangha of the Mahāvihāra Paramparā from his time back to the Buddha period. The information on which he based this historical review was supplied by the Bhikkhus of the Mahā Vihāra.
The Sinhalese paraphrase embodied in this volume was written about three score years ago by Tuduwewatte Siri Paññāseeha Mahā Thero of Madampe in Galle District, on the invitation of Siri Ratana Tissa Thero of Siri Niwesārāmaya at Godapitiya in Kosgoda. Siri Paññaseeha Mahā Thero was a pupil of Lankāgoda Siri Dhīrānanda Mahā Nāyaka Thero, one of the greatest Pāli Scholars of his time. This paraphrase, which is his masterpiece, bears favourable comparison with the best works of the Polonnaruwa and Dambadeniya periods, and he is also the author of the following works:—Nāmabhedappakāsinīya, Paranjasadīpanīya, Uttamārtha-Sangraha, Nirwānapurawarnanā, Sīla Sandīpaniya, Māra Yuddhaya, Sansārachakraya and Ratanasūtravyākhyāwa.
Having realised the inestimable service which the publication of this book is bound to render to the Sangha in particular, and students of Buddhism in general, we invited Kosgoda Siri Visuddhi Thero, pupil of Siri Ratana Tissa Anunāyaka Thero of the Amarapura Sect, to revise and compile this work, and our grateful thanks are due to him, and also to Talalle Ihalawela Siri Dhīrānanda Dhammarakkhita Nāyaka Thero and Kosgoda Siri Sumana Thero, who assisted him in this task. Kosgoda Siri Sumedha Bhikkhu and Kosgoda Dhammawansa Bhikkhu, who transcribed the paraphrase from the original ola manuscript deserve our thanks.
Kahawe Siri Sumangala Ratanasāra Nāyaka Mahā Thero, Principal of the Vidyodaya Oriental College, Colombo, who has been pleased to accept the dedication of this volume, has highly commended it as being specially suitable for students preparing for the examinations conducted by the Oriental Studies Committee.
We intend, as time permits, to place before the public the remaining parts of the commentary with the paraphrase which is now undergoing revision.
Our thanks are due to the Maha Bodhi Press for having, under much inconvenience, turned out this volume expeditiously and well.
All rights of publication of this work are reserved to Dégiri Peter Henry de Zoysa of “Devagiri,” Kosgoda, and every copy of this book will bear his signature.
P. H. de Zoysa.
H. P. de Silva.
“Devagiri” Kosgoda, March 25, 1933.
සංඥාපනය.
අර්ත්ථකථාවාචාරී අනුබුද්ධ බුද්ධඝොෂ මහාස්ථවිරපාදයන් වහන්සේ විසින් පර්‍ය්‍යාප්ති - ප්‍රතිපත්ති - ප්‍රතිවෙධ යන ත්‍රිවිධ ශාසනාන්තර්ගත විනය පිටකය සංවර්ණිතවූ “සමන්තපාසාදිකා” නම් විනයාර්ත්ථ කථාවතොමෝ සම්බුද්ධශාසනයාගේ චිරස්ථිතිය අනවරොධයෙන් සිදු කරන්තීය.
“විනයො නාම බුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” යනුහෙයින් විනය සම්බුද්ධශාසනයාගේ ආයුෂය බව ද විනය පැවතිකල්හි සම්බුද්ධශාසනය පවත්නා බව ද මෙයින් සුව්යක්තයි.
අනවරාග්ර සංසාරදුඃඛසාගරාවතරණයෙන් අසංඛතධාතු ප්‍රතිලාභයට අසහායොපායමාර්ගයවූ සුවිශුද්ධ විශුද්ධිමාර්ගොපගත ශීල සමාධි ප්‍රඥා යන ත්රිශික්ෂාවගේ ආදිමවූ ශීලයතෙමේ විනයයෙන් පරිපොෂණය වන්නේය.
තදුක්ත ශීලපාරිශුද්ධියෙන් සමාධිභාවනාව ද සමාධිභාවනාවෙන් විදර්ශනාභාවනාව ද විදර්ශනාභාවනාවෙන් නිර්වාණධර්මය ද ප්‍රතිලබ්ධ වන්නේය
එසේහෙයින් මහාකාශ්‍යප මහාක්ෂීණාශ්රවප්රමුඛ පඤ්චශතික මහා ක්ෂීණාශ්රවයන් වහන්සේ විසින් ප්‍රථම මහා සඞ්ගීතියෙහිදී පඤ්ච ග්රන්ථයකින් සමුපෙත විනයපිටකයතෙම පළමුකොට සඞ්ගායනාකරණලද්දේය.
තදුක්තකාරයෙන් සඞ්ගීතිත්රයාරූඪ සකලවිනයපිටකය සංවර්ණිතවූ “සමන්තපාසාදිකා” නම් විනයාර්ත්ථකථා තොමෝ විනය මහාර්ණවාවතරණය කරණුවනට මහාර්ඝ නෞකාවක් වන්නීය.
“විනයමහානිස්සය” නම් සමන්තපාසාදිකා සවිස්තර ව්‍යාඛ්‍යාව. කොස්ගොඩ ගොඩපිටියේ සිරිනිවෙසාරාම විහාරාධිපතිව වැඩවිසූ “සිරිවිසුද්ධ අරියවංසපාල” සිරි රතනතිස්ස මහා ස්ථවිරපාදයන් වහන්සේගේ ආරාධනය පිළිගත් “සිරිවිසුද්ධ අරියවංසපාල මහා නිස්සය කාරකාචරිය” තුඩුවේවත්තේ සිරිපඤ්ඤාසීහ මහාස්ථවිර පාදයන් වහන්සේ විසින් “සමන්තපාසාදිකා” නම් විනය මහ අටුවාවට මෙම සවිස්තර ව්‍යාඛ්‍යාව ලියනලදී.
ගොඩපිටියේ සිරිරතනතිස්ස මහාස්ථවිරයන් වහන්සේ වනාහී ලංකාගොඩ සිරිධීරනන්ද මහානායක මහාස්ථවිරපාදයන් වහන්සේට සහායව “අමරපුර සිරිසද්ධම්මවංස මහානිකාය පරිපාලනයෙහි නිරතවැ උන්වහන්සේට ඉක්බිති එම නිකාය භාරොද්ධහනය කළ යතිශ්රෙෂ්ඨයන් අතර අග්රෙසරද වූහ.
ස්වියාරාධනයෙන් කරණලද මෙම ව්‍යාඛ්‍යානයෙන් ප්‍රමුදිත තන්මහාස්ථවිරාභිමුඛ මහාසංඝයා වහන්සේ විසින් ව්‍යාඛ්‍යා කර්තෘවූ මහාස්ථවිරයන්වහන්සේට “මහානිස්සය කාරකාචරිය” යන ගරු නාමය ප්රදානය කරණලදී.
ව්‍යාඛ්‍යා කර්තෘවූ තුඩුවේවත්තේ සිරි පඤ්ඤාසීහ මහාස්ථවිරයන් වහන්සේ. මුන්වහන්සේ වනාහි දකුණු ලක්දිව මාදම්පානම් නිගමායත්ත තුඩුවේවත්ත නම් ප්‍රදේශය නිජ ජන්මභූමි කොට ඇත්තෝ පැවිදිව කොළඹ දෙමටගොඩ ජයශෙඛරාරාමාධිපතිව වැඩවිසූ “අමරපුර සිරිසද්ධම්මවංසික මහානිකායේ ආදිකර්තෲභූත සිරිසද්ධම්මවංසපාල ලංකාගොඩ සිරි ධීරනන්දාභිධාන මහානායක මහාස්ථවිරපාදයන් වහන්සේගේ ශිෂ්යභාවොපගතව ධර්මවිනය සඞ්ඛ්‍යාත ප්‍රවචනයෙහි හා තර්ක ව්‍යාකරණ ඡන්දොලංකාරාදි නානා භාෂා ශාස්ත්‍රයන්හි කොවිදවූවෝ විශේෂයෙන් විනයපරිඥානයෙහි අප්‍රතිහත බුද්ධිමත් කෙනෙක් ද වූහ.
දහනව වෙනි ශතවර්ෂයේ මැද භාගයෙහි පමණ ලංකාශාසනාවභාසනය කළ කවිකෙසරින් අතර අද්විතීය වැ වැජඹුණු මුන්වහන්සේ විසින්-
සමන්තපාසාදිකා විනය මහ අටුවාවේ සවිස්තර ව්‍යාඛ්‍යාව, නාම භෙදප්පකාසිනිය, පරඤ්ජසදීපනිය, උත්තමාර්ත්ථසඞ්ග්රහය, නිර්වාණපුර වර්ණනාව, ශීලසන්දීපනිය, මාරයුද්ධය, සංසාරචක්‍රය, රතනසූත්රව්යාඛ්යාව යන මේ ග්රන්ථයෝ නිපදවනලදහ.
මොවුනතුරෙන් සමන්තපාසාදිකා විනයමහඅටුවාවේ ව්‍යාඛ්‍යාව අතිවිශාලවූවකි. ටීකාගත විස්තරයන් නොපිරිහෙළා අර්ත්ථය ඇතුළත් කිරීමෙන් හා යොග්යස්ථානයන්හි ටීකාපාඨ පද විග්රහ වියරණ විදි ආදී ශාස්ත්‍රීය ක්‍රම පෙන්වීමෙන්ද කරණලද මේ අරුත්විවරණ පොලොන්නරු දඹදෙණි කාලයන්හිවූ කෘතීන් අනුගමනය කරණලද්දක් සේ පෙනේ.
මේසා විශාල ග්රන්ථ රත්නයකගේ ප්රාදුර්භාවයෙන් සිදුවියහැකි ශාස්ත්‍රික විපුල ප්‍රයෝජනය දැනගත් සම්බුද්ධ ශාසනොදයගාමී පීටර් හැන්රි ද සොයිසා සහ හැන්රි පීටර් ද සිල්වා යන මැතිතුමන් දෙපල ගේ ආරාධනය පිළිගත් අපවිසින් අස්මදාචාර්ය්ය කොස්ගොඩ ගොඩපිටියේ සිරිනිවෙසාරාමාධිපති සිරිවිසුද්ධ අරියවංසපාල ගණාචරිය සිරිරතනතිස්සාභිධාන අමරපුර සිරිසද්ධම්මවංසික මහානිකායේ අනුනායක මාහිමියානන් වහන්සේගෙන් ලබනලද අවසරය පරිදි, මෙය ලෙඛකදොෂාපහරණයෙන් ප්රතිසංස්කරණයෙහි ව්යාපෘතවීමු.
මෙය වනාහි කොළඹ විද්‍යොදය මහාවිද්යාලයාධීශ්වර විද්වජ්ජන ශෙඛරායමානවූ කහවේ ශ්‍රී සුමඞ්ගල රතනසාරාභිධාන කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක මාහිමියානන් වහන්සේ විසින් සමාදරයෙන් ප්රතිගෘහිතය. එය අපගේ ව්‍යාපාර සාඵල්‍යයට අසහාය හෙතුවන බැව් සගෞරව භක්ති පුරඃසරව පවසම්හ.
මෙම ව්‍යාඛ්‍යාවෙහි පේශී දශයකින් යුත් කලාපයක් ශිෂ්‍යාලංකාර පරිවෙණාධිපති විනයාචාර්‍ය්‍ය රජ්ගුරු ශ්‍රී සුදර්ශන නායක මහාස්ථවිරපාදයන් වහන්සේ විසින් සංශෝධන කරණයෙන් ප්රාක්ප්රකටීකෘතය.
ප්රථමොක්ත ලංකාගොඩ සිරිධීරනන්දාභිධාන මහානායක මහාස්ථවිර පාදයන් වහන්සේගේ අනුශිෂ්‍ය වූ කොළඹ දෙමටගොඩ ජයශෙඛරාරාමාධිපති තලල්ලේ ඉහලවෙල සිරිධීරනන්ද ධම්මරක්ඛිතාභිධාන අමරපුර සිරිසද්ධම්මවංස මහානිකායේ කොළඹපළාතේ ප්‍රධාන සංඝ නායක මහාස්ථවිරයන් වහන්සේගෙන් මෙහි ඇතැම් කරුණු විනිශ්චය කරගැනීම පිළිබඳ බොහෝසෙයින් ආධාර ලැබුණුබැව් බුහුමන්පෙරටුව සිහිපත් කරවමු.
මෙහි (පාඨශුද්ධි) බැලීමෙහිදී අස්මදාචාර්ය්ය නායක මාහිමිතුමන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්යවූ කොස්ගොඩ සිරිසුමන ස්ථවිරපාදයන්වහන්සේ විසින් අපට සහායව බොහෝසේ ආධාර කරණලද බැව්ද, ගල්මංගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති ගල්මංගොඩ විමලසිරිතීස්ස ස්ථවිරපාදයන් වහන්සේ වෙතින් ලැබුණු පුස්කොල පොත අපේ මේ ශාස්ත්‍රික කෘතියට ආධාරවූ බැව්ද කෘතඥතා පූර්වකව පවසමු.
ආධුනිකානුග්රහය සඳහා මේවරට බාහිරනිදානය අවසනව මුද්‍රණය කරවනලද නමුත් අවශෙෂ කොටස් ද ක්‍රමයෙන් මුද්‍රණය කරවීමට කටයුතු පිළියෙල කරතිබෙන බැව්ද මෙහි සඳහන් කරමු.
හැටවසකට පමණ ඔබ්බේ කරණලද මේ ව්‍යාඛ්‍යාවෙහි ලිවිදොෂ ඉතාබොහෝවූහ. එය යථාශක්තින් නිරාකරණය කොට ස්වල්ප කාලයක් තුළදී ආධුනිකයන් අතට පමුණුවන්ට වීම අපට මහත් සතුටකි.
මෙහි අරුත් කියනලද්දේ පැරණි ක්‍රමයට අනුවය. පෙළ වචන කිහිපයක් එකවරට යොදා අරුත් කියනලද තැන්ද, සංස්කෘත වචන හා සිංහල වචන එකට මුසුකොට අරුත් දෙනලද තැන්ද - පරිපුච්ඡි - ආයං යනාදි පදයන්ට පුච්ඡිත්ථ - කිං - යනාදීන් පවසනලද තැන්ද බොහෝසේ දක්නාලැබෙති. එබඳු තැන් වත්මන් වහරට අනුරූපසේ යොදන්නට අදහස් නොකෙළෙමු.
මෙහි මැදභාගයෙහි පමණ- 1- 2- 3 යනාදීන් අංකපරිපාටිය ප්‍රමාදයකින් වැටී තිබෙන හෙයින් ඊට නිසි අංක පරිශීලනය කරන්නන් විසින් යොදාගත යුතුය.
ශුද්ධිපත්‍රයක් සහ විස්තර පටුනක් පොත අවසානයෙහි යොදනවා ඇත. මෙය නැවත මුද්‍රණය කරවීමේ සම්පූර්ණ බලය දේගිරි පීටර් හැන්රි ද සොයිසා මහතාට මෙයින් පවරණලදි. මෙය ඉතා ටික කාලයක් තුළදී සකස්කරණ ලද්දෙකි. මෙහි අපගේ සහ වර්ණියෝජකා දීන්ගේද ප්රමාදානුපාදියෙන් ජනිත යම් යම් දොස් විද්‍යාමාන වෙත්නම් එය අප වෙත දන්වා එවීමෙන් අප කෙරෙහි අනුකම්පා පරවශ වෙත්වා.
තවද මේ පොත ප්රයත්නදරා ඉතා ස්වල්ප කාලයකින් අතිසුන්දරව මුද්‍රණය කරදීම ගැන අපේ අවංක ස්තුතිය මහාබෝධි මුද්‍රණාලයේ මහතුන් වෙත නොමසුරුව පිරිනමම්හ.
කොස්ගොඩ සිරිවිසුද්ධි ස්ථවිර.
K. Siri Visuddhi.
ශ්‍රී: බු: වර්ෂ 2475 හෙවත් මතු අවුරුදු
මීනරවි 12 භාග ශනි දින
කොස්ගොඩ ගොඩපිටියේ
සිරිනිවෙසාරාමයේදීය.
ශාසනාලයෙන් නිවේදනය කිරීමයි.
විනයමහානිස්සය නම්වූ සමන්තපාසාදිකා සවිස්තර ව්‍යාඛ්‍යාව දැනට අවුරුදු හැටකට පමණ පෙර ලක්දිව වැඩසිටි සිරිවිසුද්ධ අරියවංසපාල මහානිස්සයකාරකාචරිය තුඩුවේවත්තේ සිරි පඤ්ඤාසීහ මහාස්ථවිරපාදයන් වහන්සේ විසින් ලියනලද්දක් බව අසා දනිමු. එය සඟවා නොතබා විනයධර්මාභිලාෂීන් අතට දෙනු කැමැත්තෙන් මුද්‍රණය කරවනලද මේ කාණ්ඩයෙන් කොපි කිපයක් මමද බලා සතුටුවීමි. ඒ මහාස්ථවිරයන් වහන්සේ පාලි ධර්ම විනයාදිය සම්බන්ධයෙන් හොඳ දැනීමක් ඇති කෙනෙකු බව ස්වකීය කෘතියෙන් දැන හැකි වේ.
මේවනාහි සවිස්තර ව්යාඛ්යානයෙකි. බොහෝ තන්හි ඒ ඒ පදයන්ගේ නිරුක්ති ආදියද දැක්වීමෙන් මනාසේ විස්තර කොට ලියා තිබේ. මෙය සඟවා නොතබා පළකරවා ලීමෙන් පාලි විනයාභිලාෂීන්ට මහත් ප්‍රයෝජනයක් වේයයි සිතමි.
මීට,
K. Ratanasara.
විද්‍යොදය පරිවෙණාධිපති නායකස්ථවිර.
2476
1933 මාර්තු මස 25 දින
විද්‍යොදය පරිවෙණයේදීය.