වච්චවාචකය - ඤාණතිලක හිමි 1899.pdf

කතෘ :
ධම්මදස්සි හිමි
ප්‍රකාශිත වර්ෂය :
1899
මුද්‍රිත වර්ෂය :
1899
පිටු ගණන :
54
බාගත කිරීම් ගණන :
482
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-22
ගොනුවේ ප්‍රමාණය :
13 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 28

වච්චවාචකය යනු බුරුමයේ (අරිමද්දන පුර) විසූ ධම්මදස්සි මහා සාමිවරයන් වහන්සේ විසින් රචිත ප්‍රකට පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. මෙහි වාච්‍ය සහ වාචක පිළිබඳ විභාගය මූලික වශයෙන් සාකච්ඡා කෙරේ. මෙහි දැක්වෙන සන්නය සහ විස්තර ව්‍යාඛ්‍යානය සම්පාදනය කර ඇත්තේ අමරපුර ගණප්‍රධාන සංඝ නායක වැලිගොඩ ඤාණතිලක නායක ස්ථවිරයන් වහන්සේ විසිනි.

කර්මාකර්තෘ ආදී අට වැදෑරුම් වාච්‍යයන් හා දස වැදෑරුම් වාචකයන් විස්තර කෙරෙන මෙම කෘතිය, පාලි භාෂාව සහ නිරුක්ති ශාස්ත්‍රය හදාරන්නන්ට අත්‍යවශ්‍ය මඟපෙන්වීමක් සපයයි. ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි සිංහල සන්නය සහ ගැඹුරු විස්තරාර්ථ සහිතව සම්පාදනය කර ඇත.

මෙම පොත වර්ෂ 1899 දී (බු.ව. 2443) පී. පී. එස්. ධර්මවර්ධන සහ ටී. ඒ. ඩී. එස්. කේ. ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රකාශනයෙන්, වැලිතොට විද්‍යාරත්නාකර යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ඇත.

සංඥාපනය.

වච්චවාචකය—මෙම ග්‍රන්ථයතෙමේ අරිමද්දන නුවර වැඩවිසූ “ධම්මදස්සි” නම් තෙරණුවහන්දෑ කෙනෙකුන් විසින් කරණලද්දේයි—

මෙතෙමේ පාලි සංස්කෘතාදි භාෂාවන්හිද තවකරණ ඡන්‍දොලංකාරාදි ශාස්ත්‍රයන්හිද ඉතා දක්‍ෂයෙකැයි මේ ග්‍රන්ථයෙන්ම නිශ්චය කලහැක්කේයි—මීතුමන්ට ව්‍යාකරණයෙහි සූක්‍ෂ්මස්ථාන දැක්වෙහි විශේෂ පවුණයක් පවත්නා බැව්ද මෙයින්ම හැඟියන්නේයි—

මෙය බුද්ධ වර්‍ෂ 2000 වැන්නේහි කරණලද බව කියහැක්කේයි

මේ ග්‍රන්ථයතෙමේ කර්‍මාකර්‍තෘදි අටවැදෑරුම්වු වාච්‍යයන්හා දසවැදෑරුම්වු වාචකයන්ද දක්වා කරණලද බැවින් “වච්චවාචකය” යයි කියනුලැබේ—වාච්‍ය වාචකයන්ගේ විශේෂ විභාගාදිය මෙහි මනාසේ දක්වනලද්දේයි—වාච්‍යවාචක දැනගැන්මට ඉවහල්වු එකම ග්‍රන්ථය මේයයි නිර්භීතව කියහැක්කේයි—පාලිව්‍යාකරණයෙහි වාච්‍යවාචක ශබ්දවෘත්ති න්‍යායාදිය ලක්දිව බොහෝ දෙනා මේතාක්ම නොදැන සිටින්නෝයි—හේ මෙවැනි ප්‍රයෝජනවත් ග්‍රන්ථයන්ගේ අභාවයෙන්හා උද්ග්‍රහණ ධාරණාදිය රහිත බැවිනි—බුරුමරටෙහි නෛරුක්තිකයෝ ශිෂ්‍යයන්ට මේ ග්‍රන්ථයද ඉතා ඕනෑකමින් පුහුණුකරවති එයින් ඔවුන්ට නිරුක්තිශාස්ත්‍රයෙහි මනා ව්‍යක්ත භාවයක් ඇතිවන්නේයි—ලක්දිව්හිද ඇතැම් ආචාර්‍ය්‍ය පරම්පරාවල මෙයද රහස්ගතව උගන්වනු ලබන්නේයි—එයින් ඒ පරම්පරාවල ශිෂ්‍යයන්ගේද නිරුක්ති ශාස්ත්‍රයෙහි විශිෂ්ට පාණ්ඩීත්‍යයක් පවත්නේයි—

මෙසේ මේ ප්‍රයෝජනවත්වු ග්‍රන්ථය සභ්‍යයන් නොමැතිව බුද්ධිහීනයන්ට ප්‍රයෝජන ගැන්ම දුෂ්කර බැවින් ඉතා විස්තර සහිතව මේ ව්‍යාඛ්‍යාව ලියනලද්දේයි—මෙයින්ම මේ ග්‍රන්ථයාගේ සම්පූර්ණ අර්ථරසය ලැබියහැක්කේයි—මේ ව්‍යාඛ්‍යාවෙහි ප්‍රයෝජන ප්‍රමාණය මෙය කියැවීමෙන්ම හැඟී යන බැවින් මෙහි ඒ ගැන යමක් නොදක්වමු.

තවද ග්‍රන්ථකරණයෙහි පරිශ්‍රමය ග්‍රන්ථකරණු ලබන්නෝම දනිති පුහුදුන් පුද්ගලයෙකුට සම්පූර්ණ නිදොස් දෙයක් කරණු නොහැක්කේයි—පුහුදුන් දනන්ගේ යෙදුම්වල සම්පූර්ණ නිර්දෝෂ භාවයක් ඇතිවුනොත් හේ පුහුදුන් ස්වභාවයට ඉදුරාම විරුද්ධ වේ—යතත් පරිසයින් සයිනෙහෙවදැක් සර්වක්ලෙශයන් විධවංසනයකල සත්‍යසදෘශීවු සත්‍යශාස්තෲ බුදුරජාණන්ගේ යෙදුම්වල පදයක් පාසා මිථ්‍යාදෘෂ්ටිකයෝ ඊර්ෂ්‍යාපරවශව නානා දෝෂ දක්වති සේද ලොකස්වභාවයෙකි ඒ එසේ නම් අපවැන්නන්ගේ දෝෂ ගැන කියනු කිම?

මෙය ව්‍යාඛ්‍යාකරණයෙහිදී මච්ඡිෂ්‍ය ඤාණාධාර ඤාණකුසල තැනැත්තා සමගද මෙහි යම් යම් ස්ථාන සම්බන්ධව කථාකොට ලියු බවද සතුටින් ප්‍රකාශකරමු.

එතකුදුවුවත් යතිප්‍රාසාදියෙන්වු යම් යම් දෝස් මෙහි නොමැතියයි නොකියමු—රක්‍ෂාපක්‍ෂපාතීවු නියම වෛය්‍යාකරණ බුධිවරයන්ට එහි නිර්දෝෂාර්ථය භාරවේවයි අපගේ රික්ෂායි—