මොග්ගල්ලානව්‍යාකරණ විරිතසන්‍යය - රත්මලානේ ධර්මකීර්ති හිමි 1927.pdf

කතෘ :
මොග්ගල්ලාන හිමි
ප්‍රකාශිත වර්ෂය :
1927
මුද්‍රිත වර්ෂය :
1927
පිටු ගණන :
444
බාගත කිරීම් ගණන :
516
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-22
ගොනුවේ ප්‍රමාණය :
106 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 223

මොග්ගල්ලානව්‍යාකරණය හා විරිතසන්‍යය යනු පාලි භාෂා ව්‍යාකරණ සම්ප්‍රදායේ අතිශය වැදගත් ග්‍රන්ථයක් වන මොග්ගල්ලාන මහාස්වාමිපාදයන් වහන්සේගේ ව්‍යාකරණ සූත්‍ර හා වෘත්තියට රචිත පැරණි සිංහල සන්නයයි. මෙම සන්නය පොළොන්නරු යුගයේ විසූ අන්‍යතර ආචාර්යවරයෙකු විසින් රචනා කරන ලද්දක් බව සැලකේ.

මෙම සංස්කරණය පිළියන්දල/පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති, කොළඹ හලාවත දෙදිශාවේ ප්‍රධාන සංඝනායක ධුරන්ධර රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් විවිධ පුස්කොළ පිටපත් සංසන්දනය කර සංශෝධනය කර ඇත. මෙහි ඉංග්‍රීසි හා සිංහල ප්‍රස්තාවනා ඇතුළත් වන අතර, මුල් ග්‍රන්ථයේ නිරවද්‍යතාව හා ඉතිහාසය පිළිබඳ වැදගත් කරුණු එහි විස්තර වේ.

මහවැවේ බාරොන් විජේප්ප්‍රහාමි විදාන මහත්මයාගේ ධන පරිත්‍යාගයෙන් 1927 දී සත්‍යසමුදය යන්ත්‍රාලයේදී මුද්‍රණය කොට විද්‍යාලංකාර පිරිවෙන වෙත පූජා කර තිබේ.

PREFACE.

Pāli is the language in which the teachings of the Buddha have come down to us. It is also known as Māgadhi or Māgadha Bhāsā, as Magadha was the original home of Buddhism which was doubtless preached in the language of the people of that country. It must, however, be noted that Pāli, the language of the sacred texts, differs from Māgadhi, the Prakrit dialect, of which examples are found in Sanskrit dramatic works.

To Ceylon belongs the credit of having propounded the best systems of Pāli grammar. Of these standard works those of Kaccāyana and Moggallāna have for centuries occupied the foremost place, having superseded the earlier grammars, such as the Bodhisatta and Sabbaguṇākara Vyākaraṇas. Kaccāyana’s system, the older of the two, commends itself to the student by its simplicity and lucidity of exposition, while the Moggallāna Vyākaraṇa has for its characteristics comprehensiveness and profundity.

The author of this grammar, Moggallāna Mahā Thera, flourished in the reign of Parākramabāhu the Great of Polonnaruwa. He was one of the great luminaries of the church who by their learning and by their zeal and piety, contributed in no small measure to the national welfare and shed lustre on that prosperous reign. He co-operated with Dimbulāgala Maha Kassapa Mahā Thera in effecting a thorough reform of the Sangha and assisting the King to bring about the amalgamation of the sects into which the Order had split many centuries earlier. A contemporary eulogium places him, as a grammarian, on a level with Paṇini, Cāndra and Kātyāyana.

Moggallāna Mahā Thera perfected his Vyākaraṇa by composing himself not only the Sutras—as the authors of other grammatical systems have done—but the Vritti and the Pancika as well. Subsequent writers have further elucidated the system by their own works. Among the latter a high place must be assigned to the “Virita Sanyaya” which is for the first time presented to the public in printed form in this edition. It is, as its name signifies, a Sinhalese commentary on the Vritti composed by Moggallāna Mahā Thera. Its author’s name is unknown, but it may be surmised that he too belonged to the Polonnaruwa period, and was probably a pupil of the great grammarian himself, as was Piyadassi Mahā Thera, who composed the Pada Sādhana, an elementary treatise on the Moggallāna Vyākarana. Whoever the author was, his work shows not only a complete grasp of the subject, but a comprehensive knowledge of the Pāli language and literature and other systems of grammar, which he lays under contribution for explanations and illustrations in the course of his exposition.

Manuscripts of this important work are very scarce, and of those which are to be found few are complete, while all are full of copyists’ errors. The task of revision has consequently involved considerable labour. The present edition is the result of carefully collating several manuscripts which are indicated more fully in the Sinhalese Preface. To the esteemed friends who helped me by the loan of manuscripts I tender my grateful thanks.

Dharmakirti Sri Dharmananda Nayaka Sthavira, Vidyalankara College, 7 March 1927.

සංඥාපනය.

ශ්‍රීඝනසුගතතථාගත අප සම්යක්සම්බුද්ධයන්වහන්සේ සාරාසංඛ්‍යකල්පලක්‍ෂයක් මුළුල්ලෙහි පූරිතපාරමිතානුභාවයෙන් ප්‍රතිලබ්ධ වූ සර්‍වඥතාඥානයට විෂය වූ ලෞකිකාලොකොත්තරවශයෙන් දෙවැදෑරුම් වූ අර්‍ථය සනරාමරලොකයාගේ අවබොධය සඳහා අනන්‍යසාධාරණවාග්විලාසයෙන් කරවදාල සච්ඡිද්‍රාඛණ්ඩනෛය්‍යාණීක ධර්මදේශනාතොමෝ පාලි නම් වන්නීය: එ මැ පාලි (ත්‍රිපිටකධර්‍ම)යට ප්‍රභවස්ථානය සාමාන්‍යවිශෙෂව්‍යවහාරවශයෙන් මගධදේශය මැ බැවින් ‘මගධෙ විදිතා මාගධා (සඤ්ඤා) මගධෙ භවා මාගධී (භාසා)’ යන තද්ධිත නිප්ඵන්නවශයෙන් මාගධී නම් වන්නීය. පාලිභාෂා නම් ලද මේ මගධභාෂාව දෙශීයමගධභාෂාව නො වන බැවින් ද සකලශබ්දශාස්ත්‍රාචාර්ය්‍යයන් හුදු අවිෂයකළ ඥානමහත්ත්‍වය ඇති තථාගතයන් වහන්සේ විසින් ප්‍රවචනපාලි ධර්‍මය ව්‍යාකරණයුක්තීන් සුපිරිසුදු වූ මූලභාෂාවෙන් සුදෙසිත බැවින් ද ශබ්දානුශාසනා රහිත වී නම් කාලාන්තරයෙහි “පාලි ව්‍යාකරණ නො දන්නා තැන්ත්තේ අර්‍ථානුරූප වූ ව්‍යඤ්ජනය ද ව්‍යඤ්ජනානුරූප වූ අර්‍ථය ද නො සලකා වරදවා පිළිපදිමින් ත්‍රිවිධ සද්ධර්මය යි සම්මත පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවෙධ සංඛ්‍යාත ත්‍රිවිධ ශාසනය අන්‍යථා කරන්නේ යැ” යනු ආචාර්‍ය්‍යසම්මතබැවින් ප්‍රවචන පාලිභාෂාසංරක්‍ෂණය එයින් මැ ත්‍රිවිධශාසනසංරක්‍ෂණය ද සිදුවනු සඳහා මාගධශබ්දලක්‍ෂණාව ශාසනිකාචාර්‍ය්‍යවරයන්ට ආගමිකකෘත්‍යවශයෙන් මැ භාර විය.

එ මැ ශාසනභාරොද්වහනය ද බොහෝසෙයින් ජිනශාසන ප්‍රතිෂ්ඨාධාර වූ ශ්‍රීලංකාද්වීපවාසී මහා විහාරාම්නායාගත ත්‍රිපිටක පර්‍ය්‍යාප්තිධර සවසමය සමයාන්තර ප්‍රවීණ ශාස්ත්‍රාර්‍ණවපාරදෘශ්ව වූ ආචාර්‍ය්‍යවරයන් විසින් මැ අධිගෘහීතයැ.

එසේ රචිත මාගධව්‍යාකරණ අතුරෙන් කච්චායන මොග්ගල්ලාන ව්‍යාකරණද්වය මේ දක්වා ග්‍රහණධාරණානුප්‍රවෘත්ත වැ ශාසනස්ථිති සාධන වැ පවත්නේයැ. එයිනු දු මේ මොග්ගල්ලාන ව්‍යාකරණය කච්චායනව්‍යාකරණ රචනාවෙන් පසු වැ රචිත බැවින් ද සූත්‍රවෘත්ති පඤ්චිකාඛ්‍යග්‍රන්ථත්‍රයාත්මක ශබ්දශාස්ත්‍රය අනන්‍යසාධාරණාභිප්‍රායානුගතියෙන් සමලංකෘතබැවින් ද අත්‍යන්ත නිර්මල අනුනමාගධශබ්දශාස්ත්‍රයෙකැයි සම්මත විය. එබැවින් මැ දිඹුලාගල මහාකාශ්‍යප මාහිමියන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය උතුමන් ඇතුළු වූ ත්‍රිපිටකපර්‍ය්‍යාප්තිධර ප්‍රෙක්‍ෂාවච්ඡිෂ්‍යාර්‍ථ උතුමන් විසින් ග්‍රහණධාරණපරිවාරග්‍රන්ථරචනාදිවශයෙන් භාවිත සුභාවිත විය.

මේ මාගධශබ්ද ලක්‍ෂණය මීට අවුරුදු සත්සියපනසකින් පෙර පුලත්ථිපුරවරධිවාසී ශ්‍රී සඟබෝධි ශ්‍රී පරාක්‍රමබාහු මහාරාජාධිරාජයන්ගේ කාලයෙහි නිකායත්‍රයසාමග්‍රීකරණයෙහි අනුශාසක වූ උභයවාසයෙහි යතිසංඝසාර වූ දිඹුලාගල මහාකාශ්‍යප මාහිමියන් වහන්සේට සහාය වැ ශාසනභාරොද්වහනය කරවදාළා වූ අනුරාධපුරයෙහි ථූපාරාමමහාවිහාරාධිවාසී ශීලාචාරශ්‍රද්ධාධ්‍යාශයප්‍රඥාකෘපාදි ලොකොත්තරගුණරතනභූෂණයෙන් විභූෂිත වූ:-

“යා ශක්ති: පාණිනෞ යා ච වෘත්තෞ කාත්‍යායනාදිෂු සෙයම්මූර්තිමතී මන්‍යෙ මොග්ගල්ලායනරූපිණී”

යනාදීන් ස්වකෘතව්‍යාකරණග්‍රන්ථපරිශිෂ්ටප්‍රතිග්‍රහීතගද්‍යනීත්‍යාන මහා චෛය්‍යාකරණකවීශ්වරයන් විසින් ශබ්දශාස්ත්‍රාකරණයෙහි දත්තාභිෂෙක ඇති ප්‍රමණ්ඩලමණ්ඩන සකලගණිගණයන් විසින් සත්භාවනීය වූ ආචාර්‍ය්‍ය මොග්ගල්ලානමහාස්වාමිපාදයන්වහන්සේ විසින් විරචිතයැ.

මේ මහාස්වාමිපාදයන් වහන්සේ විසින් විරචිත ශබ්දශාස්ත්‍රසංඛ්‍යාත සූත්‍රපාඨය සූත්‍රසඞ්ඛ්‍යාවශයෙන් (817) අටසියසතළොසකැයි ද ග්‍රන්ථ සංඛ්‍යාවශයෙන් (163) එක්සියතෙසැටකැයි ද දක්වනලදුවත් මෙකල පවත්නා සූත්‍රපාඨ වෘත්තිග්‍රන්ථාදියෙහි 808 ක් මැ දක්නා ලැබේත්. ගණසූත්‍ර (36) සතිස මෙ සංඛ්‍යාවට ඇතුළත් නුවුවත් 1 වෙනි 2 වෙනි ගණසූත්‍ර දෙක පුරාතන සූත්‍රපාඨවල ඇතුළත් වැ පවත්නා බැවින් එ දෙක මෙහි ද ඒ සංඛ්‍යාවෙහි ද ලා සලකනලදී.

එ මැ සූත්‍රයන්ගේ විවරණවශයෙන් තමන්වහන්සේ විසින් මැ කරවදාළ සබණවරක් පමණ වූ වෘත්තියට මාගධශබ්දශාස්ත්‍රාර්‍ණවපාරදෘශී වූ ත්‍රිපිටකපර්‍ය්‍යාප්තිධර ව්‍යඤ්ජනානීත්‍යාදි ශාස්ත්‍රාන්තරප්‍රවීණ වූ අන්‍යතර ආචාර්‍ය්‍ය මහාස්ථවිරකෙනකුන් විසින් විඥයන්ගේ පවා ශබ්දශාස්ත්‍රාවබොධයට උපකාරවශයෙන් මේ “විරිතසන්‍යය” යැ නම් වූ අතිප්‍රශස්තව්‍යාඛ්‍යානයැ වෘත්තිරචනාවට සමීප වූ කාලයෙහි මැ කරවදනලදී. එහි “වි වීතිහාරෙ” 3.51. යන සූත්‍රවිවරණයට කළ සන්‍යයෙහි “සුගන්‍ධි දුගන්‍ධීති පයොගිනා ‘න දිස්සන්තෙ’ති ජුල්ලෙ නො වන බව ගෙනැ කියා:-

“පුනො පත්තං ගහෙත්වාන සොධයිත්වා සුගන්ධිනා පසන්නචිත්තා පූරෙඩ්ඩා සන්තං සක්ඛාරං අදං”

යන ඛුද්දකනිකායනිස්සිතඅපදානාදි පාලියෙහි පැනෙන සුගන්ධි ආදි ප්‍රයෝග මේ සූතුරෙහි ‘වි’ යන යෝගවිභාගයෙන් කටයුතු ‘සොභනො ගන්ධො යස්ස සො සුගන්ධී’ යි විග්‍රහ යි” යනුවෙන් දක්වනලද බෞද්ධ පණ්ඩිතමනෝහ්ලාදකර විස්මාපනීය ව්‍යාඛ්‍යානවිධී එලෙසින් මැ තොටගමුවේ ෂඩ්භාෂාපරමෙශ්වර ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය ශ්‍රීරාහුල මාහිමියන්වහන්සේ විසිනු දු පිළිගෙන පඤ්චිකා ප්‍රදීප නම් වූ ස්වකීය ව්‍යාඛ්‍යානයට ඇතුළත් කරගැනිමෙන් මේ මැ විරිතසන්‍යකාර ආචාර්ය්‍යොත්තමයන්ගේ ශාස්ත්‍රාගමාවබොධනෛපුණ්‍යය සකල බෞද්ධපණ්ඩිතයන් විසින් සම්භාවනීය සේ සම්මත කරවදාලසේ දැයෙ.

මේ මැ විරිතසන්‍යකාර ආචාර්‍ය්‍ය උතුමා විරිතෙහි විස්තර කළයුතු ගැඹුරු තැන් සූත්‍රෝද්ධරණයෙන් පදසිද්ධි නිරූපණය කොට දැක්වීමෙන් ද වෘත්තියෙහි නොදැක්වූ පඤ්චිකාගත විශෙෂොක්ති ව්‍යාඛ්‍යාන කරමින් ද සුදුසුතැන්හි ශාස්ත්‍රාන්තරයුක්ති ගෙනහැර දක්වමින් ද සූත්‍රයෙන් හා වෘත්තියෙනු දු ශෙෂ වූ ප්‍රවචනාගත පද ව්‍යාඛ්‍යාතෘකාර ආචාර්ය්‍යස්ථානයෙහි සිට සූත්‍රවිභාගවිධියෙන් සිද්ධ කරමින් ද සුබොධත්‍වයෙන් ග්‍රන්ථලාඝවය සඳහා සංක්‍ෂෙප කිරීමෙන් හා ව්‍යාඛ්‍යාන නො කිරීමෙන් ද මේ මැ සන්‍යය අන්‍ය ශබ්දශාස්ත්‍රව්‍යාඛ්‍යානයන්ට වඩා විශිෂ්ටතර සංක්‍ෂිප්තාතිශයෙන් සම්පාදිතය. මොග්ගල්ලානවෘත්තියේ කර්‍තෘසඤ්ජීවනාප්‍රාර්ත්‍ථිකාවට පුරාණ ව්‍යාඛ්‍යානයක් නො පැවැත්තෙන් එය ද අප විසින් ව්‍යාඛ්‍යාතයැ.

මේ මැ මොග්ගල්ලානවෘත්තිය පිළිබඳ සූත්‍රව්‍යාහෘත්‍යුදාහරණයන්හි ද එමැ විරිතසන්‍යයෙහි ද ශතවර්‍ෂකීපයක් පමණ වූ දීර්ඝකාලයක පටන් පතිත ප්‍රමාදපාඨ හා ඌනාතිරික්තතා ද ඇති වැ පවත්නා අතර ගුරුපරම්පරානුස්මරණවශයෙන් තත්සංශෝධනය සඳහා ආරබ්ධ වූ අපට ඒ සඳහා උපකාර වූ පොත් නම්:- මහනුවර ශ්‍රී හයගිරි විජයසුන්දර මහා විහාරාධිපති වැ වැඩසිට ස්වර්‍ගස්ථවී වදාළ අඹගැස්වැවේ ශ්‍රී ධර්‍මපාල රත්නජොත්‍යාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ විසින් අප ආචාර්ය්‍යොත්තම වූ විද්‍යාලංකාර පරිවෙණාධිපති මහනුවර ශ්‍රී පුෂ්පාරාම පොත්ගුල්මහා සංඝ සභාවෙහි ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය උපාධ්‍යාය ධුරන්ධර රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාමාභිධාන කොළඹ හලාවත දෙදිශාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතැ පත් කරවදාලා වූ මෙ කලැ ඉතා දුර්ලභ වූ මොග්ගල්ලානපොත්පිටපත ද, අප ආචාර්ය්‍යොත්තමයන් වහන්සේගේ සංශෝධනයෙන් ලද්දා වූ උන්වහන්සේ විසින් මුද්‍රිත වැ පවත්නා පඤ්චිකාප්‍රදීපය ද, කොළඹ රාජකීය පණ්ඩිත වැ විසූ දොන් අන්ද්‍රියස් ද සිල්වා බටුවන්තුඩාවේ පඬිතුමාගේ හා විද්‍යොදයපරිවෙණාධිපති වැ වැඩ විසූ ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය උපාධ්‍යාය ධුරන්ධර හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන ශ්‍රීපාදස්ථානය ඇතුළු ගාලු පළාතේ හා කොළඹ නවකෝරළයෙහි ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද උපදෙශ ඇති වැ ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය හෙයියන්තුඩුවේ ශ්‍රී දෙවමිත්තාභිධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංශෝධිත වැ මීට සතිස් වසකින් පෙර මුද්‍රිත මොග්ගල්ලානවෘත්තිය ද, මහනුවර ශ්‍රී පුෂ්පාරාම මහා විහාරවාසී වැලිවිට ශ්‍රී සරණංකර ස්ථවිරයන් වහන්සේගෙන් ද නාවල සිරිසිද්ධාත්‍ථාරාමාධිපති වලානේ පඤ්ඤාතිස්ස ස්ථවිරයන්වහන්සේගෙන් ද වැලිගම අග්‍රබෝධි පරිවෙණාධිපති බද්දේගම කීර්ති ශ්‍රී ධර්මරත්නාභිධාන නායක ස්ථවිරයන් වහන්සේ විසින් වැලිතර අඹරුක්ඛාරාම විහාරවාසී විමලකිත්තිතිස්ස ස්ථවිරයන්ගෙන් ලබාදුන් විරිතසන්‍ය සහිත වෘත්තිය ද, බුදුරස්නේ මුද්‍රිත නිදානදීපනී හා උණාදිවෘත්ති ද, මහනුවර ගෙඩිගේ විහාරාධිවාසී උඩුවාවල රෙවත ස්ථවිරයන්ගෙන් හා රන්දෙණියේ ශ්‍රී සුදර්ශනාභිධාන නායක ස්ථවිරයන්ගෙන් ද ලැබුණු සූත්‍රපාඨ ද, මහනුවර ශ්‍රීහයගිරිවිජයසුන්දර මහා විහාරවාසී වැල්ලව ඛණ්ඩදස්සී ස්ථවිරයන්ගෙන් ද මරදන්කඩවල ජනානන්ද ගල්විහාරාධිවාසී පහළකුඹුක්ගොල්ලේ මෙධංකර ස්ථවිරයන්ගෙන් ද මැදදෙපොළ රජමහ විහාරාධිපති කඩහපොළ ශ්‍රී සංඝරක්ඛිත මේධංකරාභිධාන පහළදොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේගෙන් ද මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන් පුස්තකාලයාධිවාසී හික්කඩුවේ පෙමානන්ද ස්ථවිරයන් වහන්සේගෙන් ද ලැබුණු විරිතසන්‍ය හා මේ විද්‍යාලංකාර පුස්තකාලයේ විරිතසන්‍යය ද යනාදි පොත් පත් බැවින් ශාස්ත්‍රාගමාභිවෘද්ධියට උපකාර වූ මෙ සත්කාරය ගැන පොත්පත් සපයා දුන් පිනැතියන් හා මේ ගැන අන්‍යවිධියෙන් ද සද්ග්‍රහ කළ සියලු පිනැතියනුදු මීට සහභාගී ලෙස පිළිගත් බව ස්තෝත්‍රපුරස්සර වැ සඳහන් කරම්හ.

මෙහි සඳහන් විරිතසන්‍ය අතුරෙන් ශ්‍රී හයගිරි විහාර හා ජනානන්ද ගල්විහාර සතු පොත් දෙකේ ආඛ්‍යාතකාණ්ඩාවසානය දක්වා සෙසු පොත්වලට බොහෝ තැන් අසමානව ද තද්ධිතකාණ්ඩය සෙසු පොත්වලට සමානව ද මැද්දෙපොළ විහාර විද්‍යාලංකාර පුස්තකාලය සතු පොත් දෙක ආඛ්‍යාතකාණ්ඩාවසානයට පමණක් ලියැවුණු පොත් බව ද පොත්වල ස්වභාවය දැක්වීම් වශයෙන් සඳහන් කරම්හ.*

* ඒ වෙනස් තැන් බොහොමයක් අඩොලිපිවලින් සඳහන් වැ ඇත. එහි ‘A. J.’ යනු අස්ගිරි, ජනානන්ද පොත්යයි හැඳිනවීමේ ලකුණුයි. තවද විරිතසන්‍යකාර උතුමාගේ සමාසශාස්ත්‍රඥානය පිළිබඳ ඌනත්‍වයෙකැයි වූ ප්‍රකාශය ද සවුරුදු 469 ක් ගත වූ මේ වර්‍ෂයේ මේ පොත් දෙකින් ලිපිකරප්‍රමාදජන්‍යස්ථානයෙකැයි යාථාර්‍ථය ප්‍රකාශවීම ශාස්ත්‍රඥයන්ගේ ප්‍රීත්‍යාවහකාරණ යෙකැයි සලකමු. ‘A’ සෙසු පොත් හැඳිනීමේ ලකුණුයි.

මොග්ගල්ලාන සූත්‍රවෘත්‍යුදාහරණ හා විරිතසන්‍යය පිළිබඳ වැ පැවති ප්‍රමාදස්ථාන මේ ශබ්දශාස්ත්‍රයට අයත් පොත් හා සසඳමින් ද බොහෝ තැන් පාණිනීය කාශිකාවෘත්‍යානුසාරයෙන් ද ගුරුක්‍රමසම්ප්‍රදාය පරිදි සංශෝධනය කෙරෙමින් සිදුකළ මේ ශාස්ත්‍රාගමාභිවෘද්ධිසාධනය තදනුගතමනීෂීන්ගේ ධර්‍මොද්ධාර්‍ශිත ප්‍රීතිය පිණිස ද ආධුනිකයන්ගේ නිරායාසයෙන් ග්‍රහණධාරණය පිණිස ද කාරණ වෙවයි ද පාලිශබ්දශාස්ත්‍රාවබොධයෙන් තන්මූලික ධර්‍මශාස්ත්‍රාවබොධය ද එයින් තන්මූලික ප්‍රතිපත්තිය ද එයින් තන්මූලික ප්‍රතිවෙධොපකාරිත්‍වය ද මුළුලොවට මැනෙවින් සිදුවෙවයි ද ආශංසනය කරම්හ.

L. Sri Dharmananda, C. H. P., 1927 මාර්තු 1 වෙනි දින, විද්‍යාලංකාරපිරිවෙන්හිදීය.

මොග්ගල්ලානව්‍යාකරණ විරිතසන්‍යය.

ශාස්ත්‍රාගමාභිවෘද්ධියට උපකාර වූ මෙම පොත මහවැවේ පදිංචි වික්‍රමනායක පතිරන්නැහෙලාගේ බාරොන් විජේප්ප්‍රහාමි විදාන මහත්මයා විසින් සිය වියදමින් මුද්‍රණයට පමුණුවා එම මුද්‍රිත පොත පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රයෝජනයට මැ පිළිගන්නා ලෙස කළා වූ පරිත්‍යාගය විද්‍යාලංකාර දායක සභාව ස්තූති සහිතව පිළිගත් බව මෙයින් ප්‍රකාශ කරම්හ.

ඩී. ඒ. ජයතිලක, විද්‍යාලංකාර දායක සභාවේ ගරු: ලේකම්තැන. 1. 3. 27 පැලියගොඩ.