භාවාර්ථ කෞමුදී කාත්යායනභෙද වර්ණනාව - පාරුතොට ධර්මාරාම හිමි 1938.pdf
- කතෘ :
- පාරුතොට ධම්මාරාම තිස්ස හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1939
- මුද්‍රිත වර්ෂය :
- 1939
- පිටු ගණන :
- 59
- බාගත කිරීම් ගණන :
- 431
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්‍රමාණය :
- 14 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භාවාර්ථ කෞමුදී කාත්යායනභෙද වර්ණනාව යනු පාලි ව්‍යාකරණ ක්ෂේත්රයේ ප්‍රකට කෘතියක් වන කාත්යායනභේදය (කච්චායන භෙදො) සඳහා සිංහලෙන් රචිත සවිස්තර භාවාර්ථ වර්ණනාවකි. මෙය අම්බලන්ගොඩ රන්දොඹේ මහාවෙතිය පිරිවෙන්වාසී පාරුතොට ධම්මාරාම තිස්ස හිමියන් විසින් සම්පාදනය කර ඇත.
කාත්‍යායන ව්‍යාකරණ සම්ප්‍රදායට අනුව පාලි භාෂාවේ සංඥා, නාම, කාරක, සමාස, තද්ධිත, ආඛ්‍යාත සහ කෘදන්ත (කිබ්බිධාන) යන ප්‍රධාන ව්‍යාකරණාංග සූත්‍ර සහ ගාථාවලින් පහදා දෙන මෙම කෘතිය, ප්‍රාචීන භාෂා අධ්‍යයනයේ නිරත පිරිවෙන් ශිෂ්‍යයන්ට හා පාලි භාෂා ප්‍රේමීන්ට අගනා අත්පොතකි.
මෙහි ආරම්භයේ අමරපුර නිකායික ආචාර්ය පරම්පරාව සිහිපත් කෙරෙන ගාථා සංග්‍රහයක් ද ඇතුළත් වේ. මෙම මුද්‍රණය සඳහා කොළඹ වෛද්‍ය එච්. ශ්රෙබ්රියෙල් ද සිල්වා මහතා දායකත්වය ලබා දී ඇති අතර බුද්ධ වර්ෂ 2482 දී (ක්‍රි.ව. 1939) පළ කොට තිබේ.
සංඥාපනය
මේ පිරිවෙනේ උපාචාය්ර්ය්ය මාදම්පේ සොමාරාම තිස්ස ස්ථවිර පාදයන් වහන්සේ හා, මෙහි ආදියෙහි පටන් අවසානය දක්වා ඉතා සැලකිලිවන්තව කටයුතු කළ මේ පිරිවෙන්හි ආවාසී බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස හිමියන් ද, අප සහෝදර රන්දොඹේ විජිතාලොක තිස්ස ස්වාමින් වහන්සේ ද ගෞරවයෙන් සිහිකරමු.
මෙහි මුද්‍රණ වියදම් ආදිය දරු කොළඹ ප්‍රසිද්ධ ඉංග්‍රීසි වෛද්යාචාර්ය්ය වරයෙක් වූ අපේ කැපකරු දායක එච්. ශ්රෙබ්රියෙල් ද සිල්වා දොස්තර මහතාට ද කෘතඥ වෙමින් දිගාසිරි සෙත් පතමු. තවද; ඉතා සුළු කාලයක දී කරනලද මෙහි නොයෙක් ඌනතාදිය ඇතිවිය හැකි බව හා මතුවරකදී ඒ ඌනතාදිය සම්පූර්ණ කරන බවත් සඳහන් කරමු.
මෙයට-ලෝවැඩ කැමති, පාරුතොට ධම්මාරාම තිස්ස. ශ්‍රී බුද්ධ වර්ෂ 2482 න් මතුයෙහි වූ පොසොන් මස පුර අටවක් ලත් ශනිදින. මහාවෙතිය පිරිවෙන. රන්දොඹේ - අම්බලම්ගොඩ.
ආචරිය පරම්පරානුස්සරණා.
1 අමරපුර නිකායං යො - සණ්ඨපෙසි ධ සග්ගුණී, ඤාණවිමල තිස්සො ඛ්යා - යති සෙට්ඨං නමාමි තං.
2 තස්සසුද්ධජසෙවීසු - පධානො බුද්ධ සෙඛරො, ධම්මාධාර මහානෙතු - ථෙර පාදෙසි තං නමෙ.
3 කහවෙ සිරි ඤාණාදි - නන්ද ථෙරො මහාමති, පාසාදිකොසි සාධූහි - වණ්ණිතො තං නමාම හං.
4 කවිසෙට්ඨො මහා ගන්ථ - කත්තා විබුධ සෙඛරො, මහානෙතා සි විමල - සාර තිස්සො, නමාමි තං.
5 තස්ස සිස්සො ධුනා තස්මිං - මහානෙතු ධුරන්ධරො, පඤ්ඤාමොලි යතිජෙට්ඨො - ජයතං කවිකෙසරො.
6 මරම්මවංසාවතංසො - ධම්මරක්ඛිත විස්සුතො, අනුනෙතු මහාථෙර - පාදෙ විලසතං චිරං.
7 සධම්ම විනයෙ ඡෙකො - සන්තවෙසො දයාධනො, සාසනතිලකත්ථෙර - පාදෙ විජයතං සදා.
8 සද්ධො වාදී දයාලූ යො - පණ්ඩිතා චරියුත්තමො, සොමාලොකත්ථෙර පාදෙ - චිරං ජීවතු සො සුධී.
9 විනෙන්තො සාසනෙ මං යො - වුද්ධිං පාපෙසි සග්ගුණී ධම්මාධාරො මමා චෙරො - සිවං ඵුසතු සො සුධී.
10 පරත්ථ නිරතා මය්හං - අඤ්ඤෙ වාපි යතිස්සරා, මාතා පිතා දයො සබ්බෙ - චිරං ජීවන්තු දායකා.
11 දිවංගතා චෙර පාදා - දයො සබ්බහිතෙසිනො, අනුමොදිය පුඤ්ඤං තෙ - ඉමං පප්පොන්තු නිබ්බුතිං.