කාරිකාව - ඤාණතිලක හිමි 1897.pdf
- කතෘ :
- ධම්මසේනාපති හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1897
- මුද්‍රිත වර්ෂය :
- 1897
- පිටු ගණන :
- 164
- බාගත කිරීම් ගණන :
- 481
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්‍රමාණය :
- 32 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කාරිකාව හෙවත් කාරිකා ව්‍යාකරණය යනු බුරුමයේ අරිමද්දනපුර (පගාන්) නන්දනාරාමවාසී ධම්මසේනාපති මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත පාලි ව්‍යාකරණ ග්රන්ථයකි. මෙහි පාලි මූල ගාථාවලට සන්න සහිතව (සන්න සහිත කාරිකාව) වැලිගොඩ විද්යාශාඛා පරිවෙණාධිපති අමරපුර ගණප්‍රධාන සංඝනායක උභයභික්ෂුශාසනාලංකාර ප්රවාචක ඤාණතිලක නායක ස්ථවිරයන් වහන්සේ විසින් රචිත ව්‍යාඛ්‍යානය ඇතුළත් වේ.
නාමය, රූපසිද්ධි, නිරුත්තිසාරමඤ්ජුසා, කාතන්ත්‍ර ආදී ප්‍රකට පාලි හා සංස්කෘත ව්‍යාකරණ ග්රන්ථයන්හි එන කරුණු සංග්‍රහ කරමින් පරිච්ඡේද 16කින් යුක්තව රචනා කර ඇති මෙම කෘතිය, එකල ලක්දිව සොයාගැනීමට දුර්ලභව පැවති පොතක් විවිධ පුස්කොළ පිටපත් සසඳා බලා ශෝධනය කර මුද්‍රණය කරවා ඇත.
මෙම කෘතිය ක්‍රි.ව. 1897 (බු.ව. 2441) දී ඩී. ඇස්. පී. රජකරුණා බස්නායක ආරච්චි සහ ඇන්. මාර්ලිස් ද සිල්වා වෙද මහතාගේ දායකත්වයෙන් වැලිගොඩ විද්යාරත්නාකර යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද්දකි.
සංඥාපනය.
කාරිකාව-මෙමග්රන්ථය තඹදිපරටේ අරිමද්දනපුර නන්දනම් විහාරයෙහි වැඩවිසූ ‘‘ධම්මසෙනාපති’’ නම් මහාස්ථවිරකෙනෙකුන් විසින් කරණලද්දකි—
මේ ස්ථවිරොත්තමයෝ වනාහි තෙවළා බුදුවදන්ද මාගධී සංස්කෘතාදි නොයෙක් භාෂාවන්ද තච්ඡන්දොලංකාර ව්‍යාකරණාදි නා නා ශාස්ත්‍රයන්ද අතිශය පටු න්‍යායක් ඇති කෙනෙක්වූයෙයි—
බුද්ධවර්ෂ එක්දහස් සසිය එක්වැන්නෙහි රජපැමිණි ‘‘ජයතුශික්කු’’ නම් මහීපාලයන්ගේ කාලයෙහි මෙය කරණලදබවද ඒකාලයෙහි රහතන්වහන්සේලා ගණ්ඩොදන පර්වතයෙහි සිට මෙනන්දනම් විහාරයට පැමිණ වස්විසූබවද ඒකාලයෙහි උන්වහන්සේලාගේ හමුවෙහි මෙය ලියනලදබවද එහෙයින් මෙය ගරුවශයෙන් සැලකියයුතු මාහැඟි ග්‍රන්ථයෙකැයි ආචාර්ය්යන්විසින් කියනලද බවද ශාසනවංශයෙහි දක්වාතිබේ—
මෙසින්ම මෙම ග්රන්ථයාගේ අනර්ඝත්වය ප්‍රකාශිත බැවින් ග්රන්ථප්රශංසනය බෙහෙවින් කුමට වර්ණනා කරමුද?—
මෙම ග්‍රන්ථය ගාථාපන්තිය හැටපහකින්පමණ යුක්තවූයේයි. නාමය, රූපසිද්ධි, නිරුත්ති සාරමඤ්ජුසා, විභක්තිමාලිකා, සද්දනීතිකා, යන ආදි මාගධී ග්රන්ථයන්ද, කාතන්ත්‍ර කාශිකාවෘත්ති යන ආදි සංස්කෘත ග්රන්ථයන්ද, ආශ්‍රය කොට නා නා ආචාර්ය්යමතද අන්යමාගධව්යාකරණ ග්රන්ථයන්හි නොදක්වනලද ඇතැම්වැදගත් ව්‍යාකරණ ලක්ෂණද දක්වා කරණලද ප්‍රයෝජනවත් ප්රශස්ත ග්රන්ථයෙක් වූයේයි—
මාගධිව්යාකරණ ලක්ෂණෝද්ග්රහණයෙහි කච්චායනභේද, නිරුක්තිසංග්රහ, සද්දසාරත්ථජාලිනී, ආදිය මෙන් මෙය ප්‍රයෝජනවත් ඒග්රන්ථයන්ටවඩා අතිශයින් දුර්බොධ ගම්භීර ග්රන්ථස්ථානවලින්ද යුක්ත වූයේයි—
මෙය ශබ්දවින්යාසය, ශබ්දඋත්පාදනවින්යාසය, කාරිකාවින්යාසය, ඥානගුණ වින්‍යාසය, අක්ෂර වින්‍යාසය, වරවිභක්තිවින්යාසය, ප්‍රථම දීර්ඝ වින්‍යාසය, ඛ්යාත්යාදිගාථාත් ධ්යානවින්යාසය, වර්ණාද්යාදේශ සන්ධිවින්යාසය, සන්ධිකාරිකාය, නාමකාරිකාය, කාරකකාරිකාය, සමාසකාරිකාය, තද්ධිතකාරිකාය, ආඛ්යාතකාරිකාය, කිබ්බිධානකාරිකායයි පරිච්ඡේද සොළසකින් යුක්තවූයේයි—
මෙය බුරුමරටේ ප්‍රාඥයෝ තම්බියානඃදියමෙන් ශිෂ්‍යයන්ට පුහුණුකරවති. පුහුණුකරණුලබන්නෝද මාගධී ව්‍යාකරණයෙහි අතිශයින් නිපුණවූවෝවෙති-බුරුමරටේ ව්‍යාකරණ ලක්ෂණ උගන්වනුලබන දශවිධග්රන්ථයන්ට මෙයද ඇතුළත් කරණලද්දේයි—
ව්‍යාකරණ ලක්ෂණ ඉගැන්වීමෙහි මෙය ඉතා ප්රයෝජනවත්මුත් ලක්දිව් සොයාගැන්මටද ඉතා දුෂ්කර වූයේයි—ඒ සොයාගත්නමුත් කාලාන්තරයෙන්ජනිත නානා දොෂයන්ගේ බාහුල්යතාවයෙන් පොත කියවන්ට පවා නොහැක්කේයි. කෙතරම් දුරට ව්යාකූලවතිබේදැයි කිවහොත් පොත්දෙකක් එකට තියවා බැලූකල නිරායාසයෙන් හැඟීයෙයි—බොහෝසෙයින්ම මේ පොත ඔවුන්නොවුන්අතර රහස්ගතව පැවැත ඇතැයි—
මෙහි අගයදත් කතිපය භවතුන්විසින් මෙය සකස්කළ මැනවැයි අපට නොයෙක්වර ඇවිටිලිකලහෙයින්ද ව්යාඛ්යානයක්නොමැතිව මෙහි තත්වාබබොධය අතිශයින් දුෂ්කරහෙයින්ද අපමිත්‍ර බුස්සේ සඛාරිස්ස යතිතුමන්ගෙන් පොත්දෙකක්ද මොරකොළ සීලරතනස්ථවිරතුමන්ගෙන් පොතක්ද වැලිවත්තේ වජිරසාර ස්ථවිරතුමන්ගෙන් පොතක්ද ගෙන්වා බලා බණ්ඩාරමුල්ලේ ශිෂ්යනායන්සමග බොහෝපරිශ්රමයෙන් යුක්තකොට මෙසේ මේ ව්‍යාඛ්‍යානය ලියනලද්දේයි—එතකුදුවූවත් මෙවැන්නෙහිදු අපගේ පෘථග්ජනස්වභාවය වැලකියනොහැක්කේයි—එහෙයින් ප්රමාදානුමාදියෙන් ජනිත යම්කිසි දෝෂාංශවුනූදු මෙහි සර්විද්යාමානයයි නොකියමු. ප්‍රාඥයෝ එහි නිර්දොෂාර්ථයම සංග්රහකෙරෙත්වයි ප්‍රාර්ථනය කරමු—