කච්චායනසාරය සන්න සහිත - ඤාණතිලක හිමි 1892.pdf

කතෘ :
මහායස හිමි
ප්‍රකාශිත වර්ෂය :
1892
මුද්‍රිත වර්ෂය :
1892
පිටු ගණන :
50
බාගත කිරීම් ගණන :
535
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-22
ගොනුවේ ප්‍රමාණය :
8.4 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 26

කච්චායනසාරය යනු බුරුම රට වැඩවිසූ අභායස නම් මහාධම්මස්සාමි හිමියන් විසින් සංස්කෘත ‘ජංඝදාස’ ග්‍රන්ථය ඇසුරු කරමින් විරචිත ප්‍රකට පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. මෙහි පාලි ව්‍යාකරණ ලක්ෂණ ගාථා හැත්තෑ ගණනකින් සාමාන්‍ය, ආඛ්‍යාත, කෘදන්ත, කාරක, සමාස සහ තද්ධිත යන පරිච්ඡේද හයකින් යුක්තව සංක්ෂිප්තව හා ගැඹුරුව විස්තර කර ඇත.

පාලි වියරණ හදාරන ආධුනිකයන්ගේ ප්‍රයෝජනය සඳහා මෙහි සන්නය සම්පාදනය කරන ලද්දේ වැලිතොට විදේතභාෂ පරිවේණාධිපති උභයධම්මාතිස්ස අරියවංසධජ ඤාණතිලක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍ය බණ්ඩාරමුල්ලේ අමරසිංහ හිමියන් විසිනි. කොස්ගොඩ ඒ. ඩී. ඇස්. විජයගුණ වෛද්‍යරත්න මහතාගේ ඇරයුමෙන් මෙම සන්නය ලියැවී තිබේ.

මෙම කෘතිය ඩී. ඇස්. පී. රජකරුණා ධර්මප්‍රිය කර්නල් තුමාගේ ප්‍රකාශනයෙන්, බුද්ධ වර්ෂ 2436 (ක්‍රි.ව. 1892) දී වැලිතොට විද්‍යාරත්නාකර යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

සංග්‍රහනය.

කච්චායන සාරය— මෙම මාගධී ව්‍යාකරණ ග්‍රන්ථය ව්‍යාකරණාදියහා පාලිසංස්කෘතාදි නානාභාෂා විශාරදයෙහි අතිශය පටුත්‍වයක් ඇතිවු කච්චායන භෙදයෙහිද කර්තෘහූවු බුරූමරටේ අචාය්‍යී මහායසනම් මහාස්වාමිවර කෙනෙකුන්විසින් ‘ජංඝදාස’ නම් සංස්කෘත ග්‍රන්ථය ඇසුරුකොට කරණලද්දේයි—

මෙකීකාලය බාලාවතාර රූපසිද්ධි සම්බන්ධචින්තා චුල්ලනිරුත්ති යන ආදි ග්‍රන්ථවලට පසුබවත් කච්චායන භෙද ටීකාදියට පූර්‍වබවත් කියහැක්කේයි—

ප්‍රමාණයෙන් ගාථා හැත්තෑගණනකින් යුත් කුඩාග්‍රන්ථයක් වුවත් සාමාන්‍ය නිර්ද්දෙශ ආඛ්‍යාත නිර්ද්දෙශ කිතක නිර්ද්දෙශ කාරක නිර්ද්දෙශ සමාස නිර්ද්දෙශ තද්ධිත නිර්ද්දෙශවශයෙන් පරිච්ඡේද සයකටබෙදනලද ඉතාගම්භීර ග්‍රන්ථයෙක්වෙයි— ඒඒ පරිච්ඡෙදවල ව්‍යාකරණ ලක්‍ෂණ දක්වාතිබෙනපරිදි ප්‍රාඥයන් විසින් ප්‍රශංසාකලමනායි— මගද වියරණ ඉගෙනුමෙහි තත්පරවු ආධුනිකයන්ට මේපොත අතිප්‍රයෝජනවුවත් සන්නයක්නැතිව ප්‍රයෝජනගැන්ම අතිශයින්මඋගහට වෙයි—මෙය යමෙකුන් විසින් උද්ග්‍රහණ ධාරණාදිය කලහොත් මාගධී ව්‍යාකරණයෙහිහා තෙවළාබුදුවදන්හිද අතිශය කෞශල්‍යයක්ඇතිවීම නියතයි—

එහෙයින් ආධුනිකයන්ගේ දැනගැන්ම සඳහාද කොස්ගොඩ ඒ. ඩී. ඇස්. විජයගුණ වෛද්‍යරත්න මහතා විසින් ගැඹුරු වියරණ පොතක් සන්නකොට දුනමැනවැයි ඇරයුනිසාද වැලිතොට විදෙත්‍යභාෂ පරිවෙණාධිපති පාලිව්‍යාකරණපෞරුෂයක් සන්නකලාවූ ආචාය්‍යී උභයධම්මාතිස්ස අරියවංසධජ ඤාණතිලක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේවිසින් තමන්ශිෂ්‍ය බණ්ඩාරමුල්ලේ අමරසිංහ යතිතුමන් වහන්සේහාසමග මෙමසන්නය ලියනලද්දේයි—මෙහින් ලැබියහැකි ප්‍රයෝජනය පොත රැගෙන බැලුකල

දැනගන්ට හැකිහෙයින් ඒගැන කිසිවක් නොකියමු—

තවද ප්‍රමාද භ්‍රමාදියෙන්වූ යම්යම් වරද සියලු පුහුදුන් පණ්ඩිතවරුන්ගෙන්ම වියහැක්කේයි—එසේම මෙහිදු ප්‍රමාද භ්‍රමාදියෙන්වූවරද ඇතොත් පණ්ඩිතවරු නිදොස්අරුතම සලකත්වා—

මෙසේ වගට,

ඩී. ඇස්. පි. රජකරුණා ධර්‍මප්‍රිය කර්නල්වන මමය.
වර්ෂ 1892 ක්වූ ජුලි මස 2 වෙනිදිනදිය-