අභිධර්මාර්ත්ථ විභාවනි සන්නය 2 - ඇම් ධර්මරත්න 1912.pdf
- කතෘ :
- ඇම්. ධර්මරත්න
- ප්‍රකාශිත වර්ෂය :
- 1912
- මුද්‍රිත වර්ෂය :
- 1912
- පිටු ගණන :
- 297
- බාගත කිරීම් ගණන :
- 463
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්‍රමාණය :
- 109 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පරමාර්‍ත්‍ථ සුධානියි නම්වු අභිධර්මාර්ත්ථ විභාවනී සන්නය (දෙවන භාගය) යනු අභිධර්මාර්ථ සංග්‍රහය සඳහා සුමංගල සාමණේරයන් වහන්සේ විසින් රචිත අභිධර්මාර්ථ විභාවිනී ටීකාවට ඇම්. ධර්මරත්න පඬිතුමන් විසින් විස්තරාත්මකව සිංහලෙන් සම්පාදනය කරන ලද අගනා සන්න ග්රන්ථයකි.
මෙහි අඩංගු වන්නේ රූප පරිච්ඡේදය, සමුච්චය සංග්‍රහය, ප්‍රත්‍යය සංග්‍රහය සහ කර්මස්ථාන සංග්‍රහය යන සතර පරිච්ඡේදයන්ගෙන් සමන්විත උත්තර ඛණ්ඩයයි. බු.ව. 2456 (ක්‍රි.ව. 1912) දී කොළඹ සඳකිරණ මුද්‍රණාලයේදී පි. මර්ෂිලස් ප්‍රනාන්දු සහ ජී. සෙසමන් අන්ද්‍රීස් මුදලාලි යන මහතුන්ගේ මූලිකත්වයෙන් මුද්‍රණය කරවා ඇත.
ග්රන්ථාවසානයේ කර්තෘවරයා විසින් දක්වන පරිදි, ලක්දිව වසර සිය ගණනක් මුළුල්ලේ අභාවයට ගොස් පැවති අභිධර්ම ටීකා සම්ප්රදාය නඟාසිටුවීමට සහ විසුද්ධිමාර්ග මහාසන්නය ඇසුරින් ගැඹුරු අභිධර්ම සංකල්ප පැහැදිලි කිරීමට මෙම සන්නය මහෝපකාරී වේ.
මෙනෙහි කටයුත්තක්.
මෙම සන්නයේ ප්රථමඛණ්ඩයෙහි ශුද්ධිපත්‍රයක් පළමුවරයොදා ප්රසිද්ධකළනුමුත් ඒ අපගේ කෘතියක් නොවන නිසා මේවර මුල්ප්රතිඥාවපරිදි ප්‍රසිද්ධ උත්තරඛණ්ඩයේම ශුද්ධිපත්‍රය මහත් ආයාසයෙන් සම්පාදනය කළනුමුත් තවත් වද්යස්ථාන නොපෙනී වැළහී ඇතැයි සිතමු. පෙරනොවූ අභිනව සන්න පොතක් සම්පාදනය කිරීමේදී මෙබඳු ඛලිතස්ථාන ඇතිවීම පාඨකජන ගතියේ දෙයෙකි. මේ ධර්මය ප්‍රකෘතියෙන්ම ගැඹුරු බැවින්ද මේ සන්නය පුරාණ නොපැවති බැවින්ද වද්යස්ථාන ඇතිවීම පුදුමයක් නොවන්නාක්මෙන්ම මුද්රායනප්රකාරයන්ගේ අප්‍රවේසමෙන් හා ශුද්ධකළතැන් කම්මැළිකමින් නුදුටුවාක්මෙන් සකස් නොකිරීමෙන්ද ඒ ඒ සංඥා ලකුණු යථාස්ථානයෙහි නොයෙදීමෙන්ද සිදුවීතිබෙන වැරදි නිතර සම්භවන නුමුත් අර්ත්ථහානිකරවූ මහාදෝෂ බොහෝසෙයින්යෙදී නැත්තේය මේ වර පොත් කෙළවර වූවායින්පසු 1, 2, වෙනි ඛණ්ඩය එක්කොට මුද්‍රණය කරවන්නාවූ මිත්‍රයන් විසින් ශුද්ධිපත්රයට එකතුකොට පොතක අකුරු සකස්කොටදී අකුරු අමුනවා ශුද්ධකොට දෙවෙනිවර මේ ලක්දිව නොපැවති අභිධර්ම මහාසාගරය එතරකරණ පසුරක බඳුවූ මේ “සුධානිධි සන්නය” සකස්කරගතයුතුයි, ලක්දිව අටුවා ටීකා පොත්වලට අර්ත්ථකියවීමේ පරම්පරාව මීට අවුරුදු 400 කට පමණ පූර්වයෙහි ලංකාශාසනය විනාශකළාවූ සතුරන් විසින්ම මුල් සිඳ නැසූහෙයින් අටුවාටීකාවන්ට අර්ත්ථ කියවීම ලංකාවාසීන්ට අවිෂයව තිබේ. නුමුත් විසුද්ධි මාර්ග අටුවාවේ පුරාණ සන්නය පමණක් නොනැසී පවත්නා බැවින් අපේ මේ සන්නයට එම පොත හා බුදුරැස් පොත්පත්ද අතිශයින් පිටිවහල්වූහයි දතයුතු.
(ඇම්. ධර්මරත්න.)