අභිධර්මාර්ත්ථ විභාවනි සන්නය 1 - ඇම් ධර්මරත්න 1903.pdf
- කතෘ :
- ඇම්. ධර්මරත්න
- ප්‍රකාශිත වර්ෂය :
- 1903
- මුද්‍රිත වර්ෂය :
- 1903
- පිටු ගණන :
- 508
- බාගත කිරීම් ගණන :
- 558
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්‍රමාණය :
- 213 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පරමාර්‍ත්‍ථ සුධා නිධි නම්වූ අභිධර්මාර්ත්ථ විභාවනී සන්නය යනු අනුරුද්ධ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත අභිධර්මාර්ථ සංග්‍රහය සඳහා සුමංගල මහාසාමිපාදයන් වහන්සේ විසින් කළ ‘අභිධම්මත්ථ විභාවිනී’ ටීකාවට ලක්මිණිපහන් කර්තෘ ඇම්. ධර්මරත්න පණ්ඩිතයන් විසින් රචිත සිංහල සන්නයකි.
මෙහි පළමු ඛණ්ඩය පඤ්ච පරිච්ඡේදයකින් සමන්විත වන අතර, ආරම්භයේදී අභිධර්ම පිටකය හා එහි ඉතිහාසය විස්තර කෙරෙන දීර්ඝ අභිධර්ම නිදාන කථාවක් සහ ගාථා සහිත කර්තෘ ප්රශස්තියක් ඇතුළත් වේ. දෙවන භාගය වන උත්තර ඛණ්ඩය ඉතිරි සතර පරිච්ඡේදයෙන් සමන්විත බව දක්වා ඇත.
මෙම කෘතිය බුද්ධ වර්ෂ 2446 (ක්‍රි.ව. 1903) දී කොළඹ ලක්මිණිපහන් යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත්තේ පී. මර්තේලිස් ප්‍රනාන්දු, පී. ඩේවිඩ් ප්‍රනාන්දු සහ ජේ. ඇස්. අන්ද්‍රිස් සිල්වා යන මහතුන් විසිනි. මෙම සන්නය ලිවීමට හා මුද්‍රණයට වැලිතර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ විශේෂයෙන් උපකාරී වූ බව කර්තෘ සඳහන් කරයි.
දැන්වීම්පත්රයයි.
අප විසින් අළුතෙන් ලියා සකස්කරණලද මෙම “පරමාර්‍ත්‍ථ සුධානිධි” නම්වූ අභිධර්මාර්ත්ථ විභාවනි සන්නය පලමුවෙනිවර පොත් 2000 ක් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අච්චුගස්වාගැණීම පිණිස පලිශෙබඩතොගේ මර්තේලිස් ප්‍රනාන්දු මහත්මයා සහ එම ඩේවිඩ් ප්‍රනාන්දු මහත්මයා, ඒ. ජෙසේමන් අන්ද්‍රිස් සිල්වා මහත්මයා යන තුන්පොලට බලය පවරාදෙන්ට යෙදුනේය. පොතේ මුල් අයිතිවාසිකම නොහොත් ඉන්මතු අච්චුගස්වා විකිණීමේ හෝ කැමැත්තක්කරගැණීමේ බලය අපගේ ඇවෑමෙන් අපපුත්රවූ පීටර් ධර්මරත්න බස්නායකට අයිතිකරදෙන්ට යෙදුනා ඇත. තවද අපට අයිතිවූ ලක්මිණිපහන් පත්‍රය සහ අච්චුගන්තෝරුවද, අප විසින් අළුතෙන් සම්පාදනය කරණලද ග්රන්ථනීසාර සන්නය, සචෙතොපත්ති විනිශ්චය, පඤ්චස්කන්ධවිභාගය, විඥානමාර්ග භාවසන්නය, ත්රෛරුවන්වැඳීමය, චතුරාර්‍ය්‍ය සත්‍ය කාව්‍ය සන්නය, ආයුර්වර්ධන ක්‍රමය, නෙත්තිප්රදීපය, දසඅකුශල කර්මවිභාගය, ශාක්යසද්ධර්මය, මූලයමක සන්නය, යනාදි සියළු පොත් පත්වල අයිතිවාසිකමේ බලයද එම බස්නායකට මෙයින් පවරාදෙන්ට යෙදුනා ඇත. තවද මේ සියල්ල ඔහුගේ මව්වන කැලණියේ දොන හෙලේනාහාමිනේට අයිතිව බුක්තිවිඳ ඇගේ ඇවෑමෙන් ඉහතකී බස්නායකට අයිතිවියයුතුයි.
තවද මෙම සන්නය සම්පූර්ණකර විකිණීමට පළමුවෙන් අදහස්කළ නමුත් දැනට වියදන්කරණ අයිතිකාර තුන්පොලගේ කැමැත්ත පරිද්දෙන් පරිච්ඡේද පසකින්යුක්තවූ ප්රථමඛණ්ඩය පලමු වෙනිවර ප්රසිද්ධකරන්නට යෙදුනු නමුත් අවශිෂ්ටපරිච්ඡේද සතරකින් යුක්තවූ උත්තරඛණ්ඩය දැනට වැඩකරගෙණ යනබවද, මේ සන්නය ලිවීමට සහ අච්චු ගැසීමට වැලිතර පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ විශේෂ වශයෙන් උපස්තම්භකව ක්රියාකළබවද සඳහන් කරමු.
ඇම්. ධර්මරත්න. (ලක්මිණිපහන්කර්තෘ)