සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව.pdf

පිටු ගණන :
56
බාගත කිරීම් ගණන :
73,839
වෙබ් අඩවියට එක් කළ දිනය :
2023-10-19
ගොනුවේ ප්‍රමාණය :
294 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 29

මෙම කෘතිය අභිධර්ම පිටකයට අයත් පට්ඨාන ප්‍රකරණයේ එන චූවිසි (24) පච්චය ධර්මයන් සජ්ඣායනා හා වන්දනා කිරීම සඳහා සකස් කරන ලද ධර්ම ග්‍රන්ථයකි.

පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලැබෙන ලෞකික හා ලෝකෝත්තර ආනිසංස, බුරුම රටෙහි මෙම ධර්මය සජ්ඣායනය භාවිත වන ආකාරය මෙන්ම ශාසන පරිහානියේදී මුලින්ම අතුරුදහන් වන ධර්මය පට්ඨානය බැවින් එය රැකගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහි මුල් පිටු වල සඳහන් වේ.

පොතෙහි හේතු පච්චය, ආරම්මණ පච්චය ආදී සූවිසි ප්‍රත්‍යයන්ගේ පාලි පාඨ සහ ඒවායේ සිංහල තේරුම හෝ විස්තර ඇතුළත්ව ධර්ම දානය පිණිස මුද්‍රණය කොට ඇත.

හැඳින්වීම

මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලෞකික-ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය.

මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින ජීවිතවලදී තියුණු ඥානය ලැබීමටද, සියලු කෙලෙස් නසා අරිහත්වය ලැබීමටද, රහත්වන ජීවිතයේදී චතුපටිසම්භිදා-ඤාණයන්හි වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතු වන්නේය.

බුරුම රටෙහි බොහෝ රියදුරෝ රිය අනතුරු වලක්වා ගැනීම පිණිස මෙම ධර්මය සජ්ඣායනා කරති. සමහර ව්‍යාපාරිකයෝද තම ව්‍යාපාර කටයුතුවල දියුණුව සඳහා මෙම ධර්මය සජ්ඣායනා කරති. එසේම හදිසි අනතුරු වලක්වා ගැනීමටද, සතුරු උපද්‍රව වලින් බේරීමටද, තම ආර්ථික තත්ත්වය දියුණු කර ගැනීමටද, තම බලාපොරොත්තු ඉටුකර ගැනීමටද, දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගැනීමටද මෙම ධර්මය භාවිත කරන බොහෝ අය එම රටෙහි ඇත්තාහ. බුරුම රටෙහි දිනපතා ගුවන්විදුලිය මගින් මෙම ධර්ම සජ්ඣායනාව විකාශයට පත්කිරීමෙන් රටෙහි ආරක්ෂාව හා දියුණුව සඳහා මෙම පට්ඨාන ධර්මය භාවිත කරයි.

එහෙයින් බොහෝ ආනිසංස ලබා දෙන මෙම මහඟු ධර්මය දිනපතා සජ්ඣායනා කර තම තමාගේ ජීවිත සාර්ථක කරගැනීමට සියළු දෙනා උත්සාහ කරත්වා!

ඥෙය්‍යසාගර පාරගත වූ අප භාග්‍යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම සඳහා සම්මර්ශනය කළ ධර්මය හේතු-ඵල ධර්මයයි. තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පූර්ණ අති දීර්ඝ හේතු-ඵල දේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි. එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියේදී තථාගත ශ්‍රී ශරීරයෙන් නීල-පීත-ලෝහිතාදී සවණක් ඝන බුදුරැස් මාලාවන්ගෙන් මේ මුළු ලෝකධාතුවම ආලෝකමත් වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හිය. වසර 45 ක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ ධර්මය අතුරින් මුදුන්මල්කඩ වන්නේද, ශ්‍රී සම්මා සම්බුද්ධ ශාසනයෙහි හදවත බඳු වන්නේද, මහාගතිගමිය තිස්සදත්ත තෙරුන්වහන්සේ ඇතුළු බොහෝ දෙනාට අරිහත්වයට මග පාදා දුන්නේද මේ පට්ඨාන ධර්මයයි.

නමුත් සර්වඥශාසනය විනාශ වන කල්හි මුලින්ම අභාවයට පැමිණීමට නියමිතව ඇත්තේ ද මේ පට්ඨාන ධර්මයයි. එමනිසා ශ්‍රද්ධා ප්‍රඥා ඇති පණ්ඩිත සත්පුරුෂ සියළුදෙනා මෙම ධර්මය මතකයෙන් දරා ගැනීමෙන්ද, තමන් නිතර සජ්ඣායනා කිරීමෙන්ද, තම හිතවතුන් ඒ සඳහා උනන්දු කරවීමෙන්ද, ඒ අප මහා කාරුණිකයන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරා දුක්විඳ අප වෙනුවෙන්ම අවබෝධ කළ මෙම වටිනා ධර්මය අතුරුදහන් වීමට ඉඩ නොදී, තවත් චිරාත් කාලයක් ලෝසතුනට හිතසුව පිණිස රැක ගැනීමට අධිෂ්ඨාන පිහිටුවා ගනිත්වා!