සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය 2 - ශබ්දකෝෂ සම්පාදන ආයතනය 2009.pdf
1st ed
- කතෘ :
- ආනන්ද අබේසිරිවර්ධන
- ප්‍රකාශිත වර්ෂය :
- 2009
- මුද්‍රිත වර්ෂය :
- 2009
- පිටු ගණන :
- 1,277
- බාගත කිරීම් ගණන :
- 1,737
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2023-04-01
- ගොනුවේ ප්‍රමාණය :
- 237 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය (ද්විතිය භාගය) යනු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල ශබ්දකෝෂ කාර්යාලය මගින් සම්පාදනය කර ප්‍රකාශයට පත් කරන ලද සම්පූර්ණ සංක්ෂිප්ත ශබ්දකෝෂයේ දෙවන හා අවසාන භාගයයි.
වෙළුම් 26කින් සමන්විත වූ සිංහල-සිංහල මහා ශබ්දකෝෂය සාමාන්‍ය පාඨකයන්ට පරිහරණය කිරීමට පහසු වන පරිදි සංක්ෂිප්තව සකස් කිරීමේ අරමුණින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙහි ප්‍රධාන කර්තෘත්වය මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහතා විසින් හොබවන ලද අතර ආචාර්ය පණ්ඩිත හොරණ වජිරඥාන නාහිමි ඇතුළු විද්වත් කර්තෘ මණ්ඩලයක් විසින් මෙය සකස් කර ඇත.
මෙම දෙවන භාගයෙහි ‘ප’ අක්ෂරයේ සිට ‘ළ’ දක්වා වූ සිංහල වචනවල අර්ථ නිරූපණ, ව්‍යාකරණ විග්රහ හා යෙදුම් අක්ෂරානුක්රමයෙන් අන්තර්ගත වේ. මෙම මුද්‍රණය 2009 වසරේදී බොරැල්ලේ රජයේ මුද්‍රණාලය මඟින් මුද්‍රණය කර ඇත.
පෙරවදන
1992 වර්ෂයෙහි සිංහල-සිංහල මහා ශබ්දකෝෂයේ කටයුතු අවසන්වීමත් සමග එහි නව සංස්කරණයක් කළයුතු බව ද එසේම මහා ශබ්දකෝෂයේ වෙළුම් 26කින් සමන්විත හෙයින් වැඩි පාඨක පිරිසකට පරිහරණය කිරීමේ දුෂ්කරතාවක් පැන නගින අයුරක් පෙනී ගිය හෙයින් ද එකී අඩුපාඩුව මගහරවා ගනු පිණිස සංක්ෂිප්ත සිංහල-සිංහල ශබ්දකෝෂයක් පළ කළයුතු බවද අවධාරණය කෙරිණි. ඒ අනුව එවකට ප්‍රධාන කර්තෘ ධුරය දැරූ ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල මහතා සංක්ෂිප්ත ශබ්දකෝෂයේ කටයුතු සම්පාදන කර්තෘ ආචාර්ය පණ්ඩිත හොරණ වජිරඥාන නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළයුතු යැයි නිර්දේශ කොට ඒ කාර්යභාරය උන්වහන්සේට පැවරීය.
ඉහත කී කාර්යභාරයේ ප්‍රතිඵලයක් වශයෙන් සංක්ෂිප්ත සිංහල-සිංහල ශබ්දකෝෂයේ ප්‍රථම භාගය 2007.03.15 දින ප්‍රකාශයට පත් කිරීමට හැකි විය. එම ශබ්දකෝෂයේ දෙවන භාගය (අවසාන භාගය) මුද්‍රණයෙන් නිකුත් කිරීමට හැකිවීම මහත් භාග්‍යයක් කොට සලකමි. මේ කාර්යයෙහි ලා පුරෝගාමී වූ විද්වත් මණ්ඩලයේ සරෝජා පරණවිතාණ මහත්මිය, උප කර්තෘවරුන් වන යූ. කේ. ලීලවංශ සිල්වා මහතා හා පී. ඒ. ඩී. හේමසිරි පන්නිපිටිය මහතා ද මේ භාරධූර කාර්යය සාර්ථක කර ගැනීමට අපට නොමඳව සහාය වූ කර්තෘ මණ්ඩලය හා කාර්ය මණ්ඩලයද මෙහි දී ස්තුති පූර්වකව සිහිපත් කරමි.
මේ කාර්යයෙහි ලා අපව දිරිමත් කළ සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ ගරු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාත්, එම අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය පියසිරි විජේනායක මැතිතුමාත්, එසේම එම අමාත්‍යාංශ ලේකම්වර ජී. එල්. ඩබ්ලිව්. සමරසිංහ මැතිතුමාත් මෙහිදී තුති පෙරටුව සිහිපත් කරමි.
එසේම ශබ්දකෝෂ සම්පාදන කාර්යයෙහි දී අපට නන් අයුරින් උපදෙස් දුන් හා අප ධෛර්යවත් කළ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඊ. එම්. අභයරත්න මහතා, නියෝජ්‍ය අධ්යක්ෂ යූ. පී. එල්. ඩී. පතිරණ මහත්මිය සහ එම කාර්ය මණ්ඩලය ද මෙහිලා කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුව ඇත.
අවසාන වශයෙන් මෙබඳු ශබ්දකෝෂයක් මුද්‍රණය කිරීමේ දී ඉවසීමෙන් හා සැලකිල්ලෙන් යුතුව ශෝභන ලෙස මෙය මුද්‍රණය කර දුන් රජයේ මුද්‍රණාලයාධිපති හා එහි කාර්ය මණ්ඩලයට මාගේ ප්‍රශංසාව හිමි වෙයි.
මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන,
සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ.
සිංහල ශබ්දකෝෂ කාර්යාලය,
අංක 46, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.