චතුවිපත්තිවණ්ණනා
“යං තං ආපුච්ඡිම්හ” තෝ යමක් විචාළමෝද, “අකිත්තයී” වදාළ සේක. “නො” අපට “තං තං බ්‍යාකතං” යමක් යමක් විචාරණ ලද්දේ ද, එය එයම ප්‍රකාශ කරණලද්දේය. “අනඤ්ඤථා” අන්පරිදි නොකොට ප්‍රකාශකරණ ලද්දේය.
“යෙදුට්ඨුල්ලා සා සීලවිපත්ති” මෙහි කිසිසේත් සීලවිපත්ති නම් ප්‍රශ්නයෙක් නැත්තේය. එහෙත් දුට්ඨුල්ලය විසඳනු කැමැති බැවින් මෙය වදාරණ ලදී. සිවුවිපත් අතුරෙහි දුට්ඨුල්ලය එක් විපත්තියක් හා සඞ්ග්‍රහ කරණලද්දේය. අදුට්ඨුල්ලාය විපත් තුනක් හා සඞ්ග්‍රහ කරණලද්දේය. එහෙයින් “යෙ දුට්ඨුල්ලා සා සීලවිපත්ති” වදාරා එයම විස්තර වශයෙන් දක්වන්නට “පාරාජිකං සඞ්ඝාදිසෙසො සීලවිපත්තීති වුච්චති” යනු වදාළ සේක.
දැන් තුන් විපත්තීන්ගේ වසයෙන් අදුට්ඨුල්ලය දක්වන්නට “ථුල්ලච්චයං” යනාදිය වදාළසේක. එහි “යො චායං අක්කොසති හාසාධිප්පායො” යන මෙය දුර්‍භාෂිතය පිළිබඳ වස්තුව දක්වනු පිණිස වදාරණ ලදී.
“අබ්හාචික්‍ඛන්ති” “තථාහං භගවතා ධම්මං දෙසිතං, ආජානාමි”යි කියමින් ගර්‍හා කෙරෙත්.
“අයං සා ආජීවවිපත්ති සම්මතා” මෝ ආජීවවිපත්ති තොමෝ ශික්‍ෂාපද සයකින් සඞ්ග්‍රහ කරණලදී. ආජීවවිපත්ති නම් සිවුවන විපත්තියයි සම්මත කරන ලදී. මෙපමණකින් “අදුට්ඨුල්ලං” යන මෙය විසඳන ලද්දේය.
දැන් “යෙ ච යාවතතියකා” ප්‍රශ්නය විසඳන්නට “එකාදස” යනාදිය වදාළසේක.
ඡෙදනකාදිවණ්ණනා
යම්හෙයකින් වනාහි “යෙච යාවතතියකා” යන මේ ප්‍රශ්නය “එකාදස යාවත්තියකා”යි සඞ්ඛ්‍යා වශයෙන් විසඳන ලදද, එහෙයින් සඞ්ඛ්‍යානුසන්‍ධි වශයෙන්ම “කති ඡෙදනකානි” යනාදීවූ අන් අතුරු ප්‍රශ්නයන් විචාළේය. ඒ ප්‍රශ්නයන් විසදනු පිණිස “ඡ ඡෙදනකානි” යනාදිය කියනලදී. එහි “එකං භෙදනකං එකං උද්දාලනකං -පෙ- සොදස ජානත්ති පඤ්ඤත්තා” යන මේ ම පෙර නොවීය. සෙස්ස මහාවග්ගෙහි විභාගකරණ ලද්දේමය. යම් මේ පෙර නොවූවක්වේද, එහි “එකං භෙදනකං” යනු හිඳිගේය. “එකං උද්දාලනකං” යනු පුළුන් එළා මැසූ ඇඳපුටුය. “සොදස” යනු සොළොසය. “ජානන්ති පඤ්ඤත්තා” “ජාතං”යි මෙසේ කියා පණවන ලද්දාහුය. ඔවුහු මෙසේ දතයුත්තාහ. “ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙය්‍ය, ජානං පුබ්බූපගතං භික්‍ඛුං අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙය්‍ය, ජානං සප්පාණකං උදකං තිණං වා මත්තිකං වා සිඤ්චෙය්‍ය වා සිඤ්චොපෙය්‍ය වා, ජානං භික්‍ඛුණීපරිපාචිතං පිණ්ඩපාතං භුඤ්ජෙය්‍ය, ජානං ආසාදනාපෙක්‍ඛා භුත්තස්මිං පාචිත්තියං, ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජෙය්‍ය, ජානං යථාධම්මං නිහතාධිකරණං, ජානං දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙය්‍ය, ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙය්‍ය, ජානං ථෙය්‍යසන්‍ථෙන සද්ධිං, ජානං තථාවාදිනා භික්‍ඛුනා අකතානුධම්මෙන, ජානං තථානාසිතං සමණුද්දෙසං, ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙය්‍ය, ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්‍ඛුණිං නෙව අත්තනා පටිචොදෙස්සං, ජානං චොරිං වජ්ඣං විදිතං අනපලොකෙත්‍වා, ජානං සභික්‍ඛුකං ආරාමං අනාපුච්ඡා පවිසෙය්‍ය” යන මේ සොළොසය.
අසාධාරණාදිවණ්ණනා
දැන් “සාධාරණං අසාධාරණං” මේ පුරිම ප්‍රශ්නය විසඳමින්, “වීසං ද්වෙ සතානි” යනාදිය කීහ. එහි මෙහෙණන් හා අසාධාරණ තන්හි, “ඡ සඞ්ඝාදිසෙසා” සුක්කවිසට්ඨි-කායසංසග්ග- දුට්ඨුල්ල-අත්තකාම-කුටිකාර-විහාරකාර යන සයය. “ද්වීහි අනියතෙහි අට්ඨ” අනියත දෙක සමග අටය.
මේ නිසගිදොළොසය -
“ධොවනඤ්ච පටිග්ගහො කොසෙය්‍ය සුද්ධ ද්වෙභාගා, ඡබ්බස්සානි නිසීදනං, දෙවලොමා පඨමො පත්තො වස්සිකාරඤ්ඤකෙන ච”යි
“ද්වාවීසති ඛුද්දකා” -
සියලු භික්‍ෂුණී වර්‍ගය, පරම්පරභොජනය, අනතිරිත්ත භොජනය, අභිහට භොජනය, ප්‍රණීතභොජනය, අචෙලකය, විකාලයෙහි ගාමප්පවෙසය, දැන දුට්ඨුල්ලච්ඡාදනය,
මාගමක හා සංවිධානකොට ගමනය, අනික්‍ඛන්තරාජකය, විද්‍යමාන මහණහු නොවිචාරා විකාලයෙහි ගාමප්පවෙසනය,
නිසීදනයෙහි යම් ශික්‍ෂාවක්, යම් වස්සිකසාටිකා ශික්‍ෂාවක් කියනලදද, යන මේ දෙවිසි ශික්‍ෂාවෝ ක්‍ෂුද්‍රක වස්තුවෙහි මොනවට ප්‍රකාශ කරණලද්දාහුය.
මොවුහු මෙහෙණන් හා සාධාරණ නොවූ මහණුන්ට පණවන ලද ශික්‍ෂාපදයෝය. මහණුන් හා අසාධාරණ ශික්‍ෂාපදයන්හි “සඞ්ඝම්හා දස නිස්සරෙ” “සඞ්ඝම්හා නිස්සාරීයති”යි මෙසේ විභඞ්ගයෙහි කියන ලද මාතෘකාවෙහි වනාහි “නිස්සාරණීයං සඞ්ඝාදිසෙසං”යි ආ දසයය. “නිස්සග්ගියානි ද්වාදස” භික්‍ෂුණී විභඞ්ගයෙහි විභාගකරණලද නිසගිහුමය. ක්‍ෂුද්‍රශික්‍ෂාවෝද එහි භික්‍ෂුණි විභඞ්ගයෙහි විභාග කරණලද ක්‍ෂුද්‍ර ශික්‍ෂාවෝමය. එසේ සතර පාටිදෙසනීයයෝය. මෙසේ එක්සිය තිසක් ශික්‍ෂාවෝ විභඞ්ඝයෙහි මෙහෙණන්හට මහණුන් හා අසාධාරණයෝය. සෙස්ස, මේ සාධාරණ අසාධාරණයන් විසදීමෙහි ප්‍රකටමය.
දැන් විපත්තීහුද “යෙහි සමථෙහි සම්මන්ති” යන මේ ප්‍රශ්නය විසඳනසේක් “අට්ඨෙව පාරාජිකා” යනාදිය වදාළසේක. එහි “දුරාසදා” යන මෙයින් ඒ අෂ්ට පාරාජිකාවන් ප්‍රතිභයසහිතබව දක්වාලන්නෝය. මොවුහු කෘෂණ සර්‍පාදීන් මෙන් නොපැමිණිය යුත්තාහුය. නොඑළැඹිය යුත්තාහුය. නොලංවිය යුත්තාහුය. ලංවනු ලබන්නාහු මූලච්ඡෙදය පිණිස පවත්නාහුය. “තාලවත්‍ථුසමූපමා” සියලු තල් උදුරා දමා තල්වත්ත පමණක් කිරීම හා සමඋපමා ඇත්තාහුය. යම්සේ වස්තුව පමණක් කළ තල්රුක නැවැත පියවිසැහැවි ඇත්තේ නොවේද, මෙසේ නැවත පියවි සැහැවි ඇත්තෝ නොවෙති.
මෙසේ සාධාරණ උපමා දක්වා නැවත එකක් එකක්හට වදාළ උපමා දක්වන සේක්. “පණ්ඩුපලාසො” යනාදිය වදාළසේක. “අවිරූළ්හි භවන්ති තෙ” යම්සේ මේ පඬු පැහැති කොළපත් ආදී වස්තු නැවැත නිල් පැහැතිවීම් ආදිභාවයෙන් නොවැඩෙන සැහැවි ඇත්තාහු වෙත්ද, එසේ පරිජි ඇවතට පැමිණියාහුද නැවැත පියවි සිල් නොලැබීමෙන් නොවැඩෙන සැහැවි ඇත්තාහු වෙත්ය යන අර්‍ත්‍ථයි. මෙපමණකින් “විපත්තියො ච යෙහි සමථෙහි සම්මන්ති” යන මෙහි අටවැදෑරුම් පාරාජික විපත්තීහු කිසියම් සමථයකින් සමථය නොවෙත්යයි මෙසේ දක්වන ලද්දේ වේ. යම් විපත්තීහු සමථය වෙත්ද, ඔවුන් දක්වනු පිණිස “තෙ වීසති සඞ්ඝාදිසෙසා” යනාදිය කියනලදී. එහි “තීහි සමථෙහි” යන මෙය සර්‍වසඞ්ග්‍රාහිකවචනයි. සඞ්ඝාදිසෙසයෝ සමථ දෙකකින් සමථයට පැමිණෙත්. තිණවත්‍ථාරකයෙන් සමථයට නොපැමිණෙත්. සෙස්සෝ තුන් සමථයෙන්ම සමථයට පැමිණෙත්.