මහාසඞ්ගාමො
වොහරන්තෙන ජානිතබ්බාදිවණ්ණනා
මහාසඞ්ග්‍රාමයෙහි - “වත්‍ථුතො වා වත්‍ථුං සඞ්කමති” ‘ප්‍රථමපාරාජික වස්තුව මාවිසින් දක්නා ලද්දේය’යි හෝ අසනලද්දේය’යි හෝ කියා නැවැත විචාරණු ලබන්නේ ගටනු ලබන්නේ ‘මාවිසින් ප්‍රථමපාරාජිකවස්තුව නොදක්නා ලද්දේය, නොඅසන ලද්දේය, ද්විතීය පාරාජිකවස්තුව දක්නාලද්දේය’යි හෝ අසනලද්දේය’යි හෝ කියාද, මේනයින්ම සෙසු වස්තූන්ගේ සඞ්ක්‍රමණය, විපත්ති වසයෙන් විපත්ති සඞ්ක්‍රමණයද, ආපත්ති වසයෙන් ආපත්ති සඞ්ක්‍රමණයද දතයුතුය. යම් මහණෙක් තෙමේ ‘මා විසින් නොදක්නා ලද්දේමය, නොඅසන ලද්දේය’යි කියා පසුව ‘මෙය මා විසින්ද දක්නා ලද්දේය’යි හෝ අසන ලද්දේය’යි හෝ කියාද, දක්නා ලද්දේය’යි හෝ අසන ලද්දේය’යි හෝ කියා පසුව ‘නොදක්නා ලද්දේය’යි හෝ නොඅසන ලද්දේය’යි හෝ කියාද, මෙතෙමේ අවජානනය කොට ප්‍රතිජානනය කරයි. ප්‍රතිජානනය කොට අවජානනය කෙරේය’යි දතයුතුය. මෙතෙමේම අනිකකින් අනිකක් වසා නම.
“වණ්ණාවණ්ණා” නීලාදිවර්‍ණාවර්‍ණ වශයෙන් සුක්කවිසට්ඨි ශික්‍ෂාපදය කියනලදී. “වචනමනුප්පදානං”යි සඤ්චරිත්ත ශික්‍ෂාපදය කියනලදී. කායසංසර්‍ගාදි තුන ස්වරූපයෙන්ම කියනලදී.
“චත්තාරි අපලොකනකම්මානි” අධර්‍මයෙන් ව්‍යාග්‍රාදීහුය. සෙස්සන්හිද මෙමනය වේ. මෙසේ සතර චතුෂ්කයෝ සොළොසෙක් වෙත්.
අගතිඅගන්තබ්බවණ්ණනා
“බහුජන අහිතාය පටිපන්නො හොති” විනයධරයා විසින් වනාහි මෙසේ ඡන්‍දාගතියෙන් අධිකරණය විනිශ්චය කළ කල්හි ඒ විහාරයෙහි සඞ්ඝ තෙමේ දෙකොටසකට බිඳෙයි. අවවාදයට එළඹ ජීවත්වන මෙහෙණෝද දෙකොටසක් වෙත්. උපාසකයෝද උපාසිකාවෝද ලදරුවෝද, ලදැරියෝද, දෙකොටසක් වෙත්. ඔවුනගේ ආරක්‍ෂක දෙවතාවෝද එසේම බිඳෙත්. ඉක්බිති භූම්‍යස්ථ දෙවියන් ආදිකොට අකනිටා බඹලොව බ්‍රහ්මයන් දක්වා දෙකොටසක්ම වෙති. එහෙයින් “බහුජන අහිතාය පටිපන්නො හොති -පෙ- දුක්‍ඛාය දෙවමනුස්සානං” කියනලදී.
“විසමනිස්සිතො” විෂම වූ කායකර්‍මාදිය ඇසුරුකළේ වේද, “ගහනනිස්සිතො” මිත්‍ථ්‍යාදෘෂ්ටි අන්තග්‍රාහික දෘෂ්ටිසඞ්ඛ්‍යාත ග්‍රහණ ඇසුරුකළේ වේද, “බලවනිස්සිතො” බලවත් ප්‍රකට භික්‍ෂූන් ඇසුරු කළේ වේද,
“තස්ස අවජානන්නො” ඔහුගේ වචනයට අවමන් කරමින්, උපයොගාර්‍ත්‍ථයෙහි හෝ සම්බන්‍ධ වචනයි. එයට අවමන් කරමින් යන අර්‍ත්‍ථයි.
“තං අත්‍ථාය” යමක් පිණිසය. “තං අත්‍ථං” යනු ඒ අර්‍ත්‍ථය තෙමේය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
මහාසඞ්ග්‍රාම වර්‍ණනාව නිමි.
කථිනභෙදං
කථිනඅත්ථතාදිවණ්ණනා
කඨිනයෙහි - “අට්ඨ මාතිකා” පක්කමනන්තිකා ආදි අට ඛන්‍ධකයෙහි කියනලදහ. පළිබොධ හා ආනිසංසයෝද පෙර කියනලද්දාහුමය.
“පයොගස්ස” චීවරධොවනාදී වූ සප්තවිධ පූර්‍වකරණය පිණිස පැන් ගෙන්වීම් ආදීවූ යම් ප්‍රයොගයෙක් කරණු ලැබේද, ඒ ප්‍රයොගයට “කතමෙ ධම්මා අනන්තරපච්චයෙන පච්චයො” අනාගත වසයෙන් අනන්තරව කවර ධර්‍මකෙනෙක් ප්‍රත්‍යයයෝ වෙත්ද, යන අර්‍ත්‍ථයි. “සමනන්තරපච්චයෙන” මනාවූ අනන්තරප්‍රත්‍යයයෙන් අනන්තරප්‍රත්‍යයම ආසන්නතරකොට විචාරයි. “නිස්සයපච්චයෙන” උපදින ප්‍රයොගයට. නිඃශ්‍රයයට ආධාරභාවයට එළඹුනහු මෙන්ම වී කවරධර්‍ම ප්‍රත්‍යයවෙත්ද, යන අර්‍ත්‍ථයි. “උපනිස්සයපච්චයෙන” යුක්ත වූ නිඃශ්‍රය ප්‍රත්‍යයෙන් නිඃශ්‍රය ප්‍රත්‍යයම අතිශයින් එළඹියක් කොට විචාරයි. “පුරෙජාතපච්චයෙන” මෙයින් පළමුව උපන්නහුගේ ප්‍රත්‍යයභාවය විචාරයි. “පච්ඡාජාතපච්චයෙන” මෙයින් පසුව උපදින්නහුගේ ප්‍රත්‍යයභාවය විචාරයි. “සහජාතපච්චයෙන” මෙයින් පෙරපසුනොව උපදින්නවුන්ගේ ප්‍රත්‍යයභාවය විචාරයි. “පුබ්බකරණස්ස” ධොවනාදි පූර්‍වකරණයට “පච්චුද්ධාරස්ස” පුරාණසඞ්ඝාටි ආදින්ගේ පච්චුද්ධරණයට. “අධිට්ඨානස්ස” කඨින චීවරාධිෂ්ඨානයට. “අත්‍ථාරස්ස” කඨිනත්‍ථාරයට. “මාතිකානඤ්ච පළිබොධානඤ්ච” අටවැදෑරුම්වූ මාතෘකාවන්ට හා දෙවැදෑරුම් වූ පළිබොධයන්ට. “වත්‍ථුස්ස” සඞ්ඝාටි ආදීකඨින වස්තුවට. සෙස්ස කියූනය ඇත්තේම වේ.