දුතියගාථාසඞ්ගණිකං
චොදනාදිපුච්ඡාවිස්සජ්ජනාවණ්ණනා
දෙවන ගාථාසඞ්ග්රහයෙහි “චොදනා” වස්තුවද ආපත්තියද දක්වා චොදනා කිරීමය. “සාරණා” දොසය සිහිකිරීමය. “සඞ්ඝො කිමත්ථාය” සඞ්ඝ සන්නිපාතය කුමක් පිණිසද, “මතිකම්මං පන කිස්ස කාරණා” මන්ත්ර ග්රහණය මතිකර්මැයි කියනු ලැබේ. ඒ කවර කරුණක් නිසාද, යන අර්ත්ථයි.
“චොදනා සාරණත්ථාය” උක්තප්රකාරවූ චොදනාය. ඒ චුදිතක පුද්ගලයා විසින් කළ දොසය සිහිකරවන පිණිසය. “නිග්ගහත්ථාය සාරණා” දොසය සිහිකරවීම වනාහි ඒ පුද්ගලයාහට නිග්රහය පිණිසය. “සඞ්ඝො පරිග්ගහත්ථාය” එහි රැස්වූ සඞ්ඝ තෙමේ විනිශ්චයයෙහි ධාර්මික අධාර්මිකභාවය දැනගනු පිණිසය. ධර්මාධර්මදෙක තුලනය කිරීම පිණිසය. මැනැවින් විනිශ්චය කරණලද්ද නොමැනැවින් විනිශ්චය කරණලද්ද දැනගනු පිණිසය යන අර්ත්ථයි. “මතිකම්මං පන පාටියෙක්කං” සූත්රාන්තික ස්ථවිරවරුන්ගේද විනයධරස්ථවිරවරුන්ගේද මන්ත්රග්රහණය වෙන්වෙන්ව විනිශ්චය නිමවනු පිණිසය.
“මා ඛො පටිඝං” චුදිතකයා කෙරෙහි හෝ චොදකයා කෙරෙහි හෝ කොපයක් නොඋපදව “සචෙ අනුවිජ්ජකො තුවං” ඉදින් තෝ සඟමැදට බට අධිකරණය විනිශ්චය කරන්නට හුන් විනයධරතෙමේය.
“විග්ගාහිකං” ‘තෝ මේ ධර්මවිනය නොදනිහි, යනාදිනයින් පැවැති කලහඋපදවන කථාවක්. “අනත්ථ සංහිතං” යම් කථාවක් අනර්ත්ථ උපදවාද, පිරිස කළඹා නැගිටුවාද මෙබඳුවූ කථාවක් නොකියව. “සුත්තෙ විනයෙ ච” යනාදිතන්හි සූත්ර නම් උභතොවිභඞ්ගයය. විනය නම් ඛන්ධකය. අනුලොම නම් පරිවාරය. ප්රඥප්ත නම් සියලු විනයපිටකය. අනුලොමික නම් සතරමහාප්රදෙශය.
“අනුයොගවත්තං නිසාමෙථ” විනිශ්චය කරන්නවුන් විසින් යෙදිය යුතුවත ශ්රවණය කරවු. “කුසලෙන බුද්ධිමතා කතං” දක්ෂ වූ පණ්ඩිතවූ ඥානයෙහි කෙළවරට පැමිණියාවූ භාග්යවත්හු විසින් ගෙනහැර තබනලදී. “සුවුත්තං” මොනවට පණවන ලදී. “සික්ඛාපදානුලොමිකං” ශික්ෂාපදයන්ට අනුලොම්වූ එම අනුයොගවත. මේ වනාහි මෙහි පදාර්ත්ථයයි. මේ මෙහි අභිප්රායසහිත වූ සඞ්ක්ෂිප්ත වර්ණනාය:- “ඉදින් අනුවිජ්ජකු වූ ඔබ ඉක්මන්ව නොබෙණෙව, අනර්ත්ථ එළවන විග්රාහිකකථා නොබෙණව, දක්ෂ වූ බුද්ධිමත් ලොකනාථයන් විසින් මේ සූත්රාදියෙහි යම් අනුයොග වතක් කරණ ලද්දේ ද, මොනවට පණවන ලද්දේ ද, සියලු ශික්ෂාපදයන්ට අනුලොම්වූ ඒ ප්රඥප්ත අනුයොගවත අසව. විමසව. “ගතිං න නාසෙන්තො සම්පරායිකං” තමාගේ පරලෙව්හි ගතිය ඉපැත්ම නොනසමින් අනුයොගවත අසව. යමෙක් එය නොඅසා අනුයොග කෙරේනම් හෙතෙමේ තමාගේ පරලොව ගතිය නසයි. එහෙයින් ඔබ ඒ අනුයොගවත නොනසමින් අසව, යන අර්ත්ථයි. දැන් ඒ අනුයොගවත දක්වන්නට “හිතෙසී” යනාදිය කීහ. එහි “හිතෙසී” යනු හිතය සොයමින් ගවෙෂණය කරමින් මෛත්රියද මෛත්රී පූර්වභාගයද එළවා යන අර්ත්ථයි. “කාලෙන” යුක්තප්රයුක්ත කාලයෙහි ආරාධනා කළ කාලයෙහිම තට භාරකළ කල්හි විනිශ්චය කරව, යන අර්ත්ථයි.
“සහසා වොහාරං මාපධාරෙසි” මොවුන් යම් ඉක්මන් කථාවක්වේද, ඉක්මන්කොට කියන ලද්දක්වේද, එය නොපවරව. නොගණුව.
“පටිඤ්ඤා නුසන්ධිතෙන කාරයෙ” යන මෙහි “අනුසන්ධිතං”යි කථානුසන්ධිය කියනු ලැබේ. එහෙයින් ප්රතිඥානුසන්ධියෙන් කරවන්නේය. කථානුසන්ධිය සලකා ප්රතිඥාවෙන් කරන්නේය යන අර්ත්ථයි. නොහොත් ප්රතිඥාවෙන්ද, කථානුසන්ධියෙන්ද, කරන්නේය. ලජ්ජියා ප්රතිඥාවෙන් කරන්නේය. අලජ්ජියා වත්තානුසන්ධියෙන්ය, යන අර්ත්ථයි. එහෙයින්ම “පටිඤ්ඤාලජ්ජීහු” යන ගාථාව කීහ. එහි “වත්තානුසන්ධිතෙන කාරයෙ” වත්තානුසන්ධියෙන් කරන්නේය. මොහුගේ ව්රතානුසන්ධිය සමග යම් ප්රතිඥාවක් ගැළපේද ඒ ප්රතිඥාවෙන් කරන්නේය, යන අර්ත්ථයි.
“සඤ්චිච්ච” දන්නේ පැමිණේ. “පරිගූහති” වසයි. නොදෙසයි. ඇවැතින් නොනැගිටියි.