චීවරරජනකථා
“ඡකණෙන” ගොමින්. “පණ්ඩුමත්තිකාය” තඹවන් මැටියෙන්. “මූලරජනාදිසු” මුල්රදන් ආදීන් අතුරෙහි කහපැහැය හැර සියලු මුල්රඳන් වටියි. වෙනිවැල්ද, තුඞ්ගාහාරද හැර සියලු කඳන් රඳන් වටියි. තුඞ්ගහාරනම් එක් කටු සහිත රුකෙක. ඒ රුකෙහි රත්හිරියල් පැහැසමාන කඳන් රඳන් කොළඳ නිල් ඇවරිය කොළද හැර සියලු පත් රඳන් වටියි. ගිහින් විසින් පරිභොග කරන ලද වස්ත්රයෙන් මසනලද සිවුරක් වැලිකහකොළවලින් එක්වරක් රඳන් කිරීම වටියි. කෑලමල්ද වණුක්මල්ද, හැර සියලු මල්රඳන් වටියි. පලරඳන්හි කිසිවක් නොවටිනේ නොවේ.
“සීතුන්දිකා” නොපැසවූ රඳන් කියනු ලැබේ. “උත්තාරලුම්පං” වටඅළුවක් පඬු පැසවන සැළ මැද ඒ වටඅළුව තබා එය වටකොට පඬුපතුරු බහාලන්නට අනුදනිමි’ යන අර්ත්ථයි. මෙසේ කළ කල්හි පඬුදිය නොඉතිර සිටියි. “උදකෙ වා නඛපිට්ඨිකාය වා” ඉදින් පඬුපැසුනේවේද දියතලියක හෙළු දියබින්දුවක් වහා නොවිසිරේද, නියපිටෙහිද එසේ නොවිසිර සිටීද, “රජනූළුඞ්කං” කිණිස්සක්. “දණ්ඩකථාලකං” දඬු සහිතවූ ඒ කිණිස්සමය. “රජනකොලුම්බං” මහ පඬු සැළියක්. “පත්ථන්නං” තදින් පඬුපෙවූ බැවින් තදවේ. “උදකෙ ඔසාදෙතුං” දියෙහි ගිල්වා තබන්නට, පඬු ගැලවීගිය කල්හි ඒ දිය පහකොට සිවුර මැඩිය යුතුය. “දන්තකාසාවානි” එක්වරක් හෝ දෙවරක් හෝ පඬු පොවා දත් මෙන් කහට පැහැති සිවුරු දරත්.
ඡින්නකචීවරානුජානනකථා
“අච්චිබද්ධං” සතරැස්ලියදි බැන්දාවූ. “පාලිබද්ධං” දිගින් හා පළලින් දිග් මියර බැන්දා වූ. “මරියාදබද්ධං” අතරතුර කුඩාමියර බැන්දා වූ. “සිඞ්ඝාටකබද්ධං” මියරෙන් මියර විනිවිද ගිය තන්හි හතරමංහන්දි බැන්දා වූ, සතරමංහන්දියට සටහන් ඇත්තාවූ යන අර්ත්ථයි. “උස්සහසි ත්වං ආනන්ද” ආනන්ද තෙපි උත්සාහවත් වහුද, “උස්සහාමි භගවා” භාග්යවතුන් වහන්ස’, උත්සාහවත් වෙමි. ඔබවහන්සේ විසින් දෙන ලද නයින් උත්සාහවත් වෙමි’යි දක්වාලයි. “යත්ර හි නාම” යමෙක් නම්. “කුසිම්පි නාම” යනාදිතන්හි කුසී යනු දිගින්ද පළලින්ද අනුවාතාදී වූ දිග්පටිවලට මේ නමකි. “අඩ්ඪකුසිං” අතරතුර කෙටි පටිවලට නමකි. “මණ්ඩලං” පස්කඩක් ඇති සිවුරෙහි එක් එක් කඩෙහි මහ මැසිල්ලය. “අද්ධ මණ්ඩලං” කුඩා මැල්ලය. “විවට්ටං” මහමැඩිල්ලද අඩමැඩිල්ලද එක්කොට මසන ලද මැදකඩය.
“අනුවිවට්ටං” ඒ කඩෙහි දෙපස දෙකඩය. “ගීවෙය්යකං” ගෙල වෙළන තැන දැඩි කිරීම පිණිස හුයින් මසන ලද අන්යවූ ආගන්තුකපටිය “ජඞ්ඝෙය්යකං” කෙණ්ඩා වදින තැන එසේම එක්කොට මසන ලද පත්රය. ගෙලවදින තැනද කෙණ්ඩාවදින තැනද බැඳි මැසූ පත්රයන්ට මේ නමකැයි කියත්. “බාහන්තං” සිවුරෙහි දෙපස කඩට පිටින් එක එක කඩය. මෙසේ පස් කඩක් ඇති සිවුර ගෙණ මෙය විචාරණය කරණ ලද්දේය. නොහොත් “අනුවිවට්ටං” මැද කඩෙහි එක්පසකින් දෙකඩක්වූ එක්පසකින් දෙකඩවූ සිවුකඩටම මේ නමකි. “බාහන්තං” යනු මනා පමණින් යුත් සිවුරක් පොරවන්නාහු විසින් අකුලා බාහුව මතුවෙහි තැබූ උභයාන්තයෝ බහිර්මුඛව සිටිති. ඔවුනට මේ නමය. මේ නයම මහාර්ත්ථකථාවෙහි කියනලදී.
තිචීවරානුජානනකථා
“චීවරෙහි උබ්හණ්ඩිතො” සිවුරෙන් පොදිකළ යම්සේ එසවූ බඩු ඇත්තාහු වෙත්ද, එසේ කරනලද, ඔසොවාගත් බඩුපොදි ඇතිබවට පැමිණියේය යන අර්ත්ථයි. “චීවරභිසිං” මෙහි භිසි යනුවෙන් දෙකක් තුනක් එකතුකොට භිසි සඞ්ක්ෂෙපයෙන් අකුලන ලද සිවුරු කියන ලදහ. ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ දක්ෂිණගිරි ජනපදයෙන් ලුහුව නවතින සේකැයි එහි යන්නාහු ජීවකවස්තුවෙහි ලද සිවුරු තබා ගියාහුය. දැන් වනාහි කල්ගෙවා එන්නාහයි සිතමින් ගෙනගියහ. “අන්තරට්ඨකාසු” උඳුවප් මසටද දුරුතුමසටද අතර අටදවස්හි. “න භගවන්තං සීතං අහොසි” භාග්යවතුන් වහන්සේට සීතලක් නොවූයේය. “සීතාලුකා” පියොවින්ම සීතයෙන් පෙළෙන්නෝය. යම් කෙනෙක් පියොවින්ම සීතයෙන් ක්ලාන්ත වෙත්ද, “යෙහි ඛො තෙ කුලපුත්තා” භාග්යවතුන් වහන්සේ එළිමහනෙහි නොහිඳ මේ අර්ත්ථය නොදන්නාහු නොවෙත්. මහජනයාට හඟවනු පිණිස මෙසේ කළහ “ද්විගුණං සඞ්ඝාටිං” දෙපටින්යුත් සඟළ සිවුර. “එකච්චියං” එක්පටය. ‘මෙසේ භාග්යවතුන් වහන්සේ, තමන්වහන්සේ සිවුරු සතරකින් යැපෙන්නාහ. අපට සිවුරු තුනක් අනුදනිත්’යි යන වචනයට ඇති ඉඩ සිඳහරිණු ද්විගුණ සඞ්ඝාටිය අනුදනිත්. අන්සිවුරු එක්පටකොට අනුදනිත්. මෙසේ ඔවුන්ට සිවුරු සතරක් වන්නේයයි.
අතිරෙකචීවරාදිකථා
“අහතකප්පානං” එක්වරක් සේදූ. “උතුද්ධමානං” සෘතුවෙන් දිගුකලකින්, උදුරණලද, කල්ඉකුත්වූ වස්ත්ර පිළිබඳව දිරාගිය වස්ත්ර පිළිබඳවයි කියන ලද්දේ වේ. “පාපණිකෙ” කඩපිළෙන් වැටීතිබූ දිරාගිය රෙදිකඩින් කළ සිවුරෙහි. “උස්සාහො කරණීයො” සෙවීම කටයුතුය. පිරිසිඳීමෙක් වනාහි නැත්තේය. පටසියයක්ද වටියි. මේ සියල්ල ඉවසන මහණහුගේ වසයෙන් වදාරණලදී. “අග්ගලං තුන්නං” මෙහි දුර්වල ස්ථාන උදුරා බැහැරකොට එහි අණ්ඩයක් වසයෙන් අලවන රෙදිකඩ අග්ගල නම. හුයින් එල්ලන ලද්දේ මසන ලද්දේ තුන්න නම. විදකිරීම වැටිකොට මැසීම ඔවට්ටිකා නම. මුදුපටි මැසීම කෑලිපිට කෑලි ඇල්ලීම කණ්ඩූසකයි කියනු ලැබේ. “දළ්හීකම්මං” නොඋදුරාම ආධාර වසයෙන් අලවන රෙදිකඩ දැඩි කිරීම.