දිගුණාදිඋපාහනපටික්ඛෙපකථා
[missing trans] සුත්‍රාර්‍ත්‍ථය වනාහි සූත්‍රවර්‍ණනාවෙන්ම ගතයුතුය. “අත්තා ච අනුපතීතො” ‘මම රහත්මි’යි මෙසේ ව්‍යඤ්ජන වශයෙන් තෙමේ නොඑළවන ලදුයේ. “අථ ච පනිධෙකච්චෙ මොඝපුරිසා” අන්‍ය වූ හිස්පුරුෂයෝ වනාහි සිනාසෙන්නහු මෙන් අවිද්‍යාමානවූම අනිකක්, වචනමාත්‍රයෙන් විද්‍යමානකොට ප්‍රකාශ කෙරෙත්. “එකපලාසිකං” එක්පටලයක් ඇති. “අසීතිසකටවාහෙ” යන මෙහි ගැල් දෙකක බර එක් වානයෙකුයි දතයුතුය. “සත්තහත්‍ථිකඤ්ච අණීකං” මෙහි ඇතින්නන් සයක්ද, එක් ඇතෙක්දැයි මේ එක් අණීකයෙකි. මෙබඳු අණීකසතක්, සප්තහස්ති අණීකයක් නම. “ද්විගුණා” දෙපටලක් ඇති. “නිගුණා” තුන්පටලයක් ඇති. “ගණඞ්ගනූපාහනා” සිවුපටලයෙහි පටන් කියනු ලැබේ.
සබ්බනීලිකාදිපටික්ඛෙපකථා
සියල්ලම නිල්වන්වූවා. “සබ්බනිලිකා” නම. සර්‍වපීතකාදීන්හිද මෙම නයවේ. එහිද නිල්පැහැති උපාහන දියබෙරලිය මල්වල පැහැය ඇත්තේ වේ. ස්වර්‍ණවර්‍ණ උපාහන කිණිහිරියමල් පැහැ ඇත්තේ වේ. ලේපැහැති උපාහන බඳුවදමල් පැහැත්තේ වේ. මදටිය පැහැති උපාහන මදටියපැහැ ඇත්තේ වේ. කලු පැහැති උපාහන අලුත් පෙණෙලපල පැහැ ඇත්තේ වේ. මහාරඞ්ගරක්ත උපාහන පත්තෑපිටු පැහැ ඇත්තේ වේ. මහානාම රක්ත උපාහන මුසුපැහැ ඇත්තේ, පඬුවන්පත්පැහැ ඇත්තී වේ. කුරුන්‍දියෙහි වනාහි පියුම්පුප් පැහැ ඇත්තීයයි කියන ලදී. මේ උපාහනයන් අතුරෙහි යම්කිසිවක් ලැබ වස්ත්‍රයකින් රඳන් පිස හැර පැහැය බිඳ දැරීම වටියි. ඉතා ටිකකින් නමුදු පැහැය බිඳීගිය කල්හි වටීමය.
“නීලවට්ටිකා” නම් යම් උපාහනයන්ගේ වැටීම නිල්පැහැ ඇත්තී වන්නීද, ඕතොමෝය. සියලු තන්හි මේ නයම වේ. නීල පීත ලොහිත මාඤ්ජිෂ්ටාදිවූ පැහැති උපාහන නොදැරිය යුතුය. නීලාදිවූ වැටී ඇති මේ වහන්ද පැහැය බිඳහැර දැරිය යුතුය. “කල්ලිකබද්ධා” විලුඹ වැසීම පිණිස තෙලෙහි සම්කැබල්ලක් බැඳ කරන ලද්දීය. යොනකයන්ගේ වහන් “පුටබද්ධා”යි කියනු ලැබේ. යම්තාක් කෙණ්ඩය පටන් සියලුපය වසාලාද, ඕය. “පාළිසුණ්ඨිමා” පිටිපා වසා කරන ලද්දීය. ඕතොමෝ පාමත්තම වසයි. කෙණ්ඩය නොවසයි. “තුලපුණ්ණිකා” පුලුන් පුරවා කරණ ලද්දීය. “තිත්තිරපත්තිකා” තිත්වටු පියාපත් සමාන විසිතුරුකොට බඳින ලද්දීය. “මෙණ්ඩකවිසාණවද්ධිකා” පය දෙඇඟිලි අවුළුවන තැන බැටළු අං සටහන් ඇති වැටි යොදා කරණ ලද්දීය. එළු අං වැනි සටහන් ඇති වැටි යොදා කළ වහන්හිද මේනයම වේ. “විච්ඡිකාලිකා” විච්ඡිකාලිකා උපාහනද එසේම ගෝනුස්සන්ගේ නකුට වැනි සටහන් ඇති වැටි යොදා කරණ ලද්දීය. “මොරපිඤ්ජපරිසික්‍ඛිතා” තෙලෙහි හෝ වැටියෙහි හෝ හූ වැනි මොනර පිළින් මසන ලද්දීය. “චිත්‍රා” විසිතුරු කරණ ලද්දීය. මේ වහන් අතුරෙහි යම් කිසිවක් ලැබ ඒ කැබලි ආදිය පහකොට ප්‍රයොජනය ගැනීමට හැකිය. ප්‍රයොජන ගතයුතුය. ඒ කැබලි ආදිය ඇති කල්හි ප්‍රයොජනය ගන්නා මහණහට දුක්කටය වේ. “සිහචම්මපරික්‍ඛටා” සිංහසමින් කරනලද උපාහනය නම් කෙළවරෙහි සිවුරෙහි නුවාව මෙන් සිංහසම් යොදා කරණ ලද්දීය. “උලූකචම්මපරික්‍ඛටා” පියා බලල් සමින් කරණලද උපාහනයයි. මොවුනතුරෙහිද යම්කිසිවක් ලැබ ඒ සම් පහකොට දැරියයුතුය.
“ඔමුක්කං” මුදා පහකරනලද. “අපරිභුත්තා” පරිභොග නොකරනලද.
අජ්ඣාරාමෙඋපාහනපටික්ඛෙපකථා
“අභිජීවනිකස්ස” යම් ශිල්පයකින් ජීවිකාව කෙරෙත්ද, ඒ කාරණයෙන් යන අර්‍ත්‍ථයි. “ඉධ ඛො තං භික්‍ඛවෙ” මෙහි “තං” යනු නිපාතමාත්‍රයකි. ‘මහණෙනි’ මෙහි කවරහු හොබවන්නාහුද, යන අර්‍ත්‍ථයි. “යං තුම්හෙ” යම්බඳුවූ තෙපි. නොහොත් ‘තෙපි’යි කියන ලද්දේ වේ. යදි ශබ්දයෙහි වනාහි අර්‍ත්‍ථයෙහි මේ නිපාතයයි. “ආචරියෙසු” යනාදිතන්හි ප්‍රව්‍රජ්‍යාචාර්‍ය්‍ය -උපසම්පදාචාර්‍ය්‍ය-නිශ්ශ්‍රයාචාර්‍ය්‍ය-උද්දෙශාචාර්‍ය්‍යයි මොවුහු සිවුදෙනම මෙහි ආචාර්‍ය්‍යයෝමය. උපසම්පදාවෙහි පටන් අවුරුද්දක් ඉක්ම නොගියහුට ෂට්වර්‍ෂවූවෙක් ආචාර්‍ය්‍යමාත්‍ර වේ. හෙතෙමේ වනාහි සිවුඅවුරුදු කාලයෙහි ඔහු ඇසුරුකොට වසයි. මෙසේ එක්වස් ඇත්තාහුට සත්වස්ඇත්තේ, දෙවසක් ඇත්තහුට අටවස් ඇත්තේ, තෙවස් ඇත්තහුට, නවවස් ඇත්තේ, සිවුවස් ඇත්තහුට දසවස් ඇත්තේයි. මොවුහුද ආචාර්‍ය්‍යමාත්‍රයෝමය. උපාද්ධ්‍යායයාගේ දුටු පමණින් මිත්‍ර වූ, දැඩිමිත්‍රවූ යහලු භික්‍ෂූහුද, යම්කිසි කෙනෙක් දසවසට වඩා ඉතා මහත්වූවාහුද, ඒ සියල්ලෝම උපාද්ධ්‍යාය මාත්‍රනම්හු. මෙතෙක් භික්‍ෂූන් වහන්සේ නැතිව සක්මන් කරන කල්හි වහන්සේලා සක්මන් කරන මහණහට දුක්කටාපත්තිය වේ.
පාදඛිලාබාධය නම්, පයින් හුලක් සමානමසක් නික්මුණේවේද, එබඳු ආබාධය ඇතිකල්හි වහන්දැරිය හැකිය.
“තිණපාදුකා” යම්කිසි තෘණයකින් කරන ලද පාවහනයයි. “හින්තාලපාදුකා” හිඳිපතින් කරනලද පාවහනය. හින්තාලපත්‍රයන් ගෙනුදු නොවටීමය. “කමලපාදුකා” කමලනම් තෘණයෙක් ඇත්තේය. එයින් කරනලද පාවහනය. සුවඳ හොටින් කළ පාදුකායිද කියනු ලැබේ. “කම්බලපාදුකා” එළුලොමින් කළ පාදුකාය. “අසඞ්කමනියා” පොළොවෙහි ස්පර්‍ශ කරත්. මොනවට පිහිටියා, නිසලවූවා, පහකොටගත නොහැකිවූවාය.
“අඞ්ගජාතං ඡුපන්ති” අඞ්ගජාතයෙන්ම අඞ්ගජාතය පහයත්. “ඔගාහෙත්‍වා මාරෙන්ති” දියතුළ දැඩිකොට ගල්වා මරත්.
යානාදිපටික්ඛෙපකථා
“ඉත්‍ථියුත්තෙන” දෙනුන් යෙදූ “පුරීරසන්තරෙන” පුරුෂරිය සමග. “පුරිසයුත්තෙන” ගොනුන් යෙදූ “ඉත්‍ථන්තරෙන” ඉතිරි රියැදුරා සමග “ගඞ්ගාමහියා” ගඞ්ගාපූජාවෙහි කෙළීම පිණිස “පුරිසයුත්තං හත්‍ථවට්ටකං” මෙහි පිරිමින් යෙදූ යානය, ගැහැණුරිය සැරියක් හෝ වේවා, පිරිමිරිය සරියෙක් හෝ වේවා වටියි. ඉතින් අදින යානය වනාහි ස්ත්‍රීහු හෝ අදිත්වා, පුරුෂයෝ හෝ අදිත්වා, වටීමය. “සිවිකං” දෝලාවය. “පාටඞ්කිං” හුණදඬුවෙහි එල්වා කළ පල්ලැක්කියයි.