භද්දවග්ගියකථා
“භද්දවග්ගියා” ඒ රදකුමරහු රූපයෙන්ද චිත්තයෙන්ද යහපත්වූවාහු වර්ගබන්ධනයෙන්ම හැසිරෙති. එහෙයින් ඔවුහු භද්දවග්ගියයි කියනු ලැබෙත්. “තෙන හි වො” මෙහි වොකාරය නිපාතමාත්රයෙකි. “ධම්මචක්ඛුං උදපාදි” ඒ භද්දවග්ගිකයන් අතුරෙහි කිසිවෙකුට සෝවාන්මග, කිසිවෙකුට සෙදගැමිමග, කිසිවෙකුට අනගැමිමග පහළවූයේය. මේ ත්රිවිධ මාර්ගයෝම ධර්මචක්ෂුයැයි කියනු ලැබෙත්. තිසක් පමණ වූ ඒ භද්දවග්ගිකයෝ තුණ්ඩිල ජාතකයෙහි ධූර්තයෝ තිස් දෙනෙක් වූහ. එකල්හි තුණ්ඩිලොවාදය අසා පන්සිල් රැකියහ. මේ ඔවුන්ගේ පූර්වකර්මයයි.
උරුවෙලපාටිහාරියකථා
“පමුඛො” පූර්වඞ්ගමය. “පාමොක්ඛො” උතුම්ය. වෙසෙසින් පිරිසිදුවූ නුවණැත්තේය.
“අනුපහච්ච” නොනසා. “තෙජසා තෙජං” තමන්ගේ තෙජසින් නාරජුගේ තේජස. “පරියාදියෙය්යං” මැඩ පවත්වන්නෙම් නම්, නසන්නෙම් නම් හෝ “මක්ඛං” කොපය. “නත්වෙව ච ඛො අරභා යථා අහං” තමා මම රහත්මියි හඟිමින් කියායි.
“තෙරඤ්ජරායං භගවා” යනාදි ගාථා පසුව බහන ලදහ.
“විස්සජ්ජෙය්යං” වියලවනු පිණිස. දිග හැර තබන්නෙම් යන අර්ත්ථයි. “භන්තෙ ආහර හත්ථං” මෙසේ කියන්නෙකු මෙන් නැමුනේනුයි. “ආභරහත්ථ” නම. “උය්යොජෙත්වා” පිටත්කොට යවා. “මන්දාමුඛියො” ගිනිබඳුන් කියනු ලැබේ.
“චිරපටිකා” බොහෝ කලක පටන්.
“කෙසමිස්සං” යනාදිතන්හි කේසම කෙසමිස්ස නම. සියලු තන්හි මේනයයි. “ඛාරිකාජං” තවුස් පිරිකරකද.
බිම්බිසාරසමාගමකථා
“ලට්ඨිවනෙ” තල්උයනෙහි “සුප්පතිට්ඨෙ චෙතියෙ” එක්තරා නුග රුකක. ඒ නුගරුකට මේ නාමය වනාහි. “ද්වාදසනහුතෙහි” මෙහි එක් නහුතයක් දසදහසෙකි. “අජ්ඣභාසි” ඔවුන්ගේ සැක සිඳීම පිණිස වදාළ සේක.
“කිසකොවදානො” තාපස චර්ය්යාවෙන් කෘශ වූ ශරීර ඇති බැවින් කිසකයි ලැබූ නම් ඇති තවුසන්ට අවවාද දෙන්නෙක. අනුශානා කරන්නෙක යන අර්ත්ථයි. නොහොත් තෙමේ කෘශ තවුසෙක් වූයේ අන්හට අවවාද දෙන්නේ අනුශාසනා කරන්නේය යන අර්ත්ථයි. “කථං පහීණං” කවර කරුණකින් ප්රහීණවූයේද, ‘තෝ උරුවෙල් දනවුවැසි ගිනිදෙවියා පුදන තවුසන්ට තෙමේ අවවාදචාර්ය වූයේ කුමක් දැක ගිනි පිදීම අත්හළේදැ’යි මෙය කියන ලද්දේ වේ. “පුච්ඡාමි තං එතමත්ථං” කවර කරුණකින් තාගේ ගිනිපිදීම ප්රහීණදැයි මේ කරුණ තාගෙන් විචාරමි.
දෙවන ගාථාවෙහි මේ අර්ත්ථයි. මේ රූපාදීවූ කාමයන්ද, ස්ත්රීන්ද යාගය හෙතුකොට සමෘද්ධයයි කියත්. ඒ මම මේ සියලුම රූපාදී වූ කාමප්රභේදය බන්ධූපධීන් කෙරෙහි මලයයි දැන, යම්හෙයකින් මේ මහායාගය හා දිනපතා කටයුතු වහ්නිපරිචරණ ප්රභෙදවූ යාගහෙතුමලමැයි කියත්. “තස්මා න යිට්ඨෙ න හුතෙ අරඤ්ජිං” එහෙයින් මහායාගයෙහි දිනපතා කටයුතු වහ්නි පරිචරණයෙහි නොඇලුනෙමි, යන අර්ත්ථයි.
තෙවන ගාථාවෙහි “අථ කො චරහි” එසේ ඇති කල්හි කොතැන හැසිරෙහි. සෙස්ස ප්රකටමය.
සිවුවන ගාථාවෙහි “පදං” යනු නිර්වාණපදයයි. ශාන්ත ස්වභාවතායෙන් ශාන්ත නම්, චතුර්විධ උපධීන්ගේ අභාවයෙන් අනුපධික නම්. රාගකිඤ්චනාදීන්ගේ අභාවයෙන් අකිඤ්චන නම්. භවත්රයයෙහි නොඇලුනු බැවින් යම් කාමභවයක් යාගැයි කියත්ද, ඒ කාමභවයෙහිද නොඇලුනු ජාතිජරාමරණයන්ගේ අභාවයෙන් අනඤ්ඤථාභාවී නම. තමන් විසින් වැඩූ මාර්ගයෙන්ම අවබෝධ කටයුතුය. අන්කිසිවකින් අවබෝධ නොකොට හැකියයි අනඤ්ඤනෙය්ය නම. යම්හෙයකින් මෙබඳු නිර්වාණපදයක් දුටුයෙම්ද, එහෙයින් මහා යාගයෙහිද දිනපතා කටයුතු පරිචරණයෙහි නොඇලුනෙමි. එයින් කුමක් දක්වන්නේද, යම්බඳුවූ මම දිව්යමනුෂ්යලොක සම්පත්තිසාධකවූ මහායාගයෙහි නොඇලුනෙම්ද, දිනපතා කටයුතු වහන්නිපරිචරණයෙහි නොඇලුනෙම්ද, එබඳු මම ‘මේ දෙව්මිනිස් ලොවෙහි නම් ඇලුනු සිත් ඇත්තෙම්’යි කීම, කියන්නෙම්ද,