බ්රහ්මයාචනකථා
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සත් දවස ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට කියූ ආකාර ඇති මේ සියලු කෘත්යය කොට නිමවා කිරිපලු රුක්මුලින් අජපාල නිග්රොධමූලය කරා එළැඹි සේක. “පරිවිතක්කො උදපාදි” එහි වැඩහුන් ඇසිල්ලෙහිම සියලු බුදුවරුන් විසින් පුරුදු කරණ ලද, මැනැවින් පුරුදු කරණලද සිත පිළිබඳ වූ, “අධිගතො ඛො ම්යායං ධම්මො” යනාදීවූ මේ පරිවිතර්කය පහළවූයේය. සියලු බුදුවරුන්ට මේ පරිවිතර්කය කුමක් හෙයින් උපදීද යත්: ධර්මයෙහි මහත්බව හා ගරුබව ප්රත්යවෙක්ෂා කිරීමෙන් හා බ්රහ්මයා විසින් යාඥා කළකල්හි දේශනා කරනු කැමැති බැවින්ද යන මේ දෙකරුණෙහි බුදුවරයෝ ‘මෙසේ විතර්කණය කළ කල්හි බ්රහ්ම තෙමේ අවුත් ධර්මදේශනාවට යාඥා කරන්නේය. එයින් සත්ත්වයෝ ධර්මයෙහි ගෞරවය උපදවන්නාහුය, ලෝවැසි තෙමේ බඹහු ගරුකොට ගත්තේය’යි දනීමය. මේ දෙකරුණ හේතුකොට මේ විතර්කය උපදියි.
මේ විතර්කාධිකාරයෙහි “අධිගතො ඛො ම්යායං” මේ චතුරාර්ය්ය සත්ය ධර්මය ප්රතිවෙධ කරණ ලද්දේමය. “ආලයරාමා” සත්ත්වයෝ පස්කම් කොටස්හි ඇලෙත්ද, එහෙයින් ඒ පස්කම්කොටස් ආලයයි කියනු ලැබේ. ඒ ආලයයෙන් ඇලෙත්යි ‘ආලයරාම’ නම්හ. ඒ පස්කම් කොටස්හි ඇලුනාහයි ‘ආලයරත’ නම්හ. යථොක්ත ආලයයන්හි මොනවට සතුටුවූවාහුයි ‘ආලයසම්මුදිත’ නම්හ. “යදිදං” යනු නිපාතයි. ඒ පිළිබඳ ඨාන ශබ්දය අපේක්ෂාකොටය. “යං ඉදං” යනු ප්රතීත්යසමුප්පාදය සඳහාය. “යො අයං”යි මෙසේ අර්ත්ථ දතයුතුය. “ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො” මේ සංස්කාරාදීන්ගේ ඵලයන්ට ප්රත්යය වන්නාහු “ඉදප්පච්චය” නම. ඉදප්පච්චයම “ඉදප්පච්චයතා” නම. ඉදප්පච්චයතා වූයේද ඕතොමෝය. පටිච්චසමුප්පාද වුයේද ඒමනුයි. “ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද නම. “සො මමස්ස කිලමථො” දෙශනාවෙහි ප්රයොජනය සහ පිළිපැදීමෙහි ප්රයොජනය නොදන්නවුන්ට යම් දේශනාවක් නම්වේද, එය මට වෙහෙසීමක් වන්නේය. මට ඒ සිරුර පිළිබඳ වෙහෙසක් වන්නේය යන අර්ත්ථයි. “භගවන්තං” භාග්යවත්හට “අනච්ඡරියා” අතිශය ආශ්චර්ය්යවූ නැවත නැවත විස්මය කරවූ “පටිභංසු” ප්රතිභාණ සඞ්ඛ්යාත ඥානයට ගොදුරුවූහ. පරිවිතර්කය කටයුතුබවට පැමිණියාහුය.
“හලං” මෙහි හකාරය නිපාතමාත්රයෙකි. ප්රයොජන නැත්තේය යන අර්ත්ථයි. “පකාසිතුං” දේශනා කරන්නට. ‘මා විසින් දුකින් අවබෝධ කළ මේ චතුස්සත්ය ධර්මය දැන් දේශනා කිරීම ප්රයොජන නැත්තේයයි කියන ලද්දේ වේ. “පටිසොතගාමිං” නිවන පටිසොතයි කියනු ලැබේ. නිවනට යන සුලුය යන අර්ත්ථයි “අප්පොස්සුක්කතාය” මන්දොත්සාහභාවයෙන් නොදෙසනු කැමති බැවිනැයි යන අර්ත්ථයි.
“යත්ර හි නාම” යම් ලොකයෙක්හි. “භගවතො පුරතො පාතුරහොසි” ධර්මදේශනාවට ආරාධනා කරනු පිණිස දසදහසක් සක්වළ මහබඹුන් ගෙණ අවුත් භාග්යවතුන් වහන්සේගේ ඉදිරියෙහි සහම්පති මහාබ්රහ්ම තෙමේ පහළ වූයේය. [missing trans]
මෙයින් මත්තෙහි සියල්ල පදාර්ත්ථ වශයෙන් ප්රකටමය. අධිප්රාය අනුසන්ධියොජනාදිභෙද වශයෙන් වනාහි ප්රපඤ්චසූදනී මද්ධ්යමාර්ත්ථ කථාවෙහි කියූනයින්ම දතයුතුය. මෙයින් මත්තෙහි අධික විස්තරයට බියවන මහජනයාගේ සිත රකිමින් සූත්රාන්ත කථාව වර්ණනා නොකොට විනයකථාවම වර්ණනා කරන්නෙමු.