රාහුල සංයුත්තයේ පළමු සූත්‍රයේ - “එකො” යනු සිවු ඉරියව්වෙහිම එකම විහරණයකින් යුක්තවයි. “වූපකට්ඨො” යනු කෙලෙස්වලින් දුරුව, නිශ්ශබ්දවම යනුයි. “අප්පමත්තො” යනු සිහියෙන් නොවෙත් වී වෙසෙමින්ය. “ආතාපී” යනු වීර්යයෙන් යුක්තවයි. “පහීතත්තො විහරෙය්‍ය” යනු විශේෂාධිගමය පිණිස මෙහෙයූ සිත් ඇතිව වසන්නේ ය යනුයි. “අනිච්චං” ඉපිද නැතිවන ස්වභාවයෙන් අනිත්‍ය වූ. නැතහොත් ඉපිද නැතිවන බැවින් තාවකාලික වූ. වෙනස්වීම කෙළවර කර ඇති, නිත්‍ය බව ප්‍රතික්‍ෂේප වන මේ කරුණු අනුව අනිත්‍ය වූ යනුයි. “දුක්ඛං” යනු සිවු කාරණයකින් දුකවේ. දුක්ඛමණට්ඨෙන (දුකය යන සිතින්) දුක්ඛවත්‍ථුකට්ඨෙන (දුක මූලාධාර කර ඇති බැවින්) සත්ත සම්පීළනට්ඨෙන (නිතර පෙලීමට පත්වන අර්ථයෙන්) සුඛ පටිපක්ඛෙන (සැපට ප්‍රතිවිරුද්ධ වූ අරුතින්). “කලලං” යනු සුදුසුය. “එතං මම” යනු තණ්හාවෙන් ගැනීමයි. “එසොහමස්මි” යනු මානයෙන් ගැනීමයි. “එසො මෙ අත්තා” යනු දෘෂ්ටියෙන් ගැනීමයි. මෙහි තණ්හාවෙන් ගැනීම එකසිය අටක් වූ තණ්හා ප්‍රභේද වශයෙන් ද මානයෙන් ගැනීම නවයක් වූ මාන වශයෙන් ද දෘෂ්ටියෙන් ගැනීම දෙසැටක් මිසදිටු වශයෙන්ද දතයුතුයි. “නිබ්බින්‍දං විරජ්ජති” යනු මෙහි විරාග වශයෙන් සිවු මාර්ගය කියන ලදී. “විරාගා විමුච්චති” යන මෙහි විමුත්ති යනු සිවු ශ්‍රමණ ඵලයන්ය.
මෙහිද පඤ්ච ද්වාරයෙහි ප්‍රසාදයට ගන්නා ලදී. “මනො” යනු මේ තුන් භූමියට අයත් විමසා බලන වාරයේ සිතයි.
පළමු සූත්‍රයයි.
2. රූපාදි සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයේ - පඤ්චද්වාරයන්හි අරමුණ ම පවතියි.
දෙවන සූත්‍රයයි.
3-5. විඤ්ඤාණ ආදි සූත්‍ර වර්ණනා
තෙවන සූත්‍රයේ - පඤ්චද්වාරයේ මනෝ විඤ්ඤාණයෙන් ප්‍රසාද වස්තුක සිතම ලැබේ. ත්‍රෛභූමික වූ සම්මසත වාරයෙහි සිතම මෙහිදීද ගන්නා ලදී. මෙසේ සෑම තැන්හිම මෙම ක්‍රමය පැමිණවිය යුතුයි.
6. සඤ්ඤා සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ - ත්‍රෛභූමික ධර්මයන් විස්තර වේ.
8. තණ්හා සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ - “තණ්හා” යනු ඒ ඒ ද්වාරයේ ජවන් සිතට පැමිණීමට අවසර ලබයි.
9. ධාතු සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - විඤ්ඤාණ ධාතු වශයෙන් “නාමං” වේ. සෙසු ධාතූන්හි “රූපං” යනුවෙන් නාමරූපයන් කියන ලදී.
10. ඛන්ධ සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - රූපස්කන්ධය කාමාවචර වේ. ඉතිරි සතර ස්කන්‍ධය සර්ව සංග්‍රාහික පරිච්ඡේද වශයෙන් සිවුභූමික වේ. මෙම සූත්‍රයේදී ත්‍රිවිධ භූමිකයැයි ගතයුතුයි.
පළමුවර්ගය නිමියේ ය.
2. දෙවෙනි වර්ගය
1-10. චක්ඛුආදි සූත්‍ර වර්ණනා
දෙවන සූත්‍රයේ සිට දසවන සූත්‍රය දක්වා අර්ථ ඉතා ප්‍රකටය.
11. මානානුසය සූත්‍ර වර්ණනාව
එකොළොස්වන සූත්‍රයේ - “ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ” යනු තමාගේ විඤ්ඤාණය සහිත වූ කය දක්වයි. “බහිද්ධාච” යනු අනිකකුගේ සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වූ. පළමු පදයෙන් තමාගේද අනුන්ගේද සවිඤ්ඤාණකයම දක්වයි. පසුපදයෙන් පිටත ඇති ඉන්‍ද්‍රිය හා බැඳුණු රූපය දක්වයි. “අහිං කාරම්මිංකාරමානානුසයා” යනු “මමය” යන අහංකාර දෘෂ්ටියත්, “මගේය” යන මමංකාර තණ්හාවත් සැඟවී පවතින මානයත් ය. “න හොන්ති” මේ ක්ලේශයෝ දන්නා තැනැත්තාට ඇති නොවෙති. මේ වස්තූන්හි කෙලෙස් ඇති නොවනුයේ කෙසේද?යි අසයි. “සම්මප්පඤ්ඤාය පස්සතො” යනු විදර්ශනාවත් සමග මාර්ග ප්‍රඥාවෙන් මැනවින් දක්නාහටය.
එකොළොස්වන සූත්‍රයයි.
12. මානාපගත සූත්‍ර වර්ණනාව
දොළොස්වන සූත්‍රයේ - “අහිංකාර මමිංකාර මාන පගතං” යනු අහංකාරයෙන් ද මමංකාරයෙන් ද මානයෙන් ද පහවූ යනුයි. “විධා සමතික්කන්තං” යනු මාන කොට්ඨාසයන් මනාව ඉක්මවූ. “සන්තං සුවිමුත්තං” යනු කෙලෙස් සන්සිඳීමෙන් ශාන්ත වූ යනුයි. කෙලෙස්වලින් මනාව මිදුණු. සෙසු පදයන් අර්ථ ඉතා ප්‍රකටය.
මේ සූත්‍ර දෙකින්ම අසේඛ භූමිය කියන ලදී. පළමු සූත්‍රය රාහුල හිමියන්ගේ ආයාචනයක් ලෙස දේශිතය. දෙවැනි සූත්‍රය ආයාචනයක් අනැතුවම දේශනා කළ සේක. මුළු රාහුල සංයුත්තයේ සෑම සූත්‍රයක්ම රාහුල හිමියන්ගේ විමුක්තිය මුහුකුරවා යෑම පිණිස ම දෙසූ බව වටහාගත යුතුයි.
රාහුල සංයුත්තය නිමියේය.