4. මඤ්ජෙට්ඨකවග්ගො
1. මඤ්ජෙට්ඨක විමානවණ්ණනා
මඤ්ජිට්ඨකවග්ගෙ මඤ්ජිට්ඨකෙ විමානස්මින්ති මඤ්ජිට්ඨකවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තත්ථ අඤ්ඤතරො උපාසකො භගවන්තං නිමන්තෙත්වා අනන්තරවිමානෙ වුත්තනයෙනෙව මණ්ඩපං සජ්ජෙත්වා තත්ථ නිසින්නං සත්ථාරං පූජෙත්වා දානං දෙති. තෙන ච සමයෙන අඤ්ඤතරා කුලදාසී අන්ධවනෙ සුපුප්ඵිතං සාලරුක්ඛං දිස්වා තත්ථ පුප්ඵානි ගහෙත්වා හීරෙහි ආවුණිත්වා වටංසකෙ කත්වා පුන බහූනි මුත්තපුප්ඵානි අග්ගපුප්ඵානි ච ගහෙත්වා නගරං පවිට්ඨා. තස්මිං මණ්ඩපෙ යුගන්ධරපබ්බතකුච්ඡිං ඔභාසයමානං බාලසූරියං විය ඡබ්බණ්ණබුද්ධරංසියො විස්සජ්ජෙත්වා නිසින්නං, භගවන්තං දිස්වා පසන්නචිත්තා තෙහි පුප්ඵෙහි පූජෙන්තී වටංසකානි ආසනස්ස සමන්තතො ඨපෙත්වා ඉතරානි ච පුප්ඵානි ඔකිරිත්වා සක්කච්චං වන්දිත්වා තික්ඛත්තුං පදක්ඛිණං කත්වා අගමාසි. සා අපරභාගෙ කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්ති, තත්ථ තස්සා රත්තඵලිකමයං විමානං, තස්ස ච පුරතො සුවණ්ණවාලුකාසන්ථතභූමිභාගං මහන්තං සාලවනං පාතුරහොසි. සා යදා විමානතො නික්ඛමිත්වා සාලවනං පවිසති, තදා සාලසාඛා ඔනමිත්වා තස්සා උපරි කුසුමානි ඔකිරන්ති. තං ආයස්මා මහාමොග්ගල්ලානො හෙට්ඨා වුත්තනයෙන උපගන්ත්වා ඉමාහි ගාථාහි කතකම්මං පුච්ඡි –
“මඤ්ජිට්ඨකෙ විමානස්මිං, සොණ්ණවාලුකසන්ථතෙ;
පඤ්චඞ්ගිකෙන තූරියෙන, රමසි සුප්පවාදිතෙ.
පඤ්චඞ්ගිකෙන තූරියෙන, රමසි සුප්පවාදිතෙ.
“තම්හා විමානා ඔරුය්හ, නිම්මිතා රතනාමයා;
ඔගාහසි සාලවනං, පුප්ඵිතං සබ්බකාලිකං.
ඔගාහසි සාලවනං, පුප්ඵිතං සබ්බකාලිකං.
“යස්ස යස්සෙව සාලස්ස, මූලෙ තිට්ඨසි දෙවතෙ;
සො සො මුඤ්චති පුප්ඵානි, ඔනමිත්වා දුමුත්තමො.
සො සො මුඤ්චති පුප්ඵානි, ඔනමිත්වා දුමුත්තමො.
“වාතෙරිතං සාලවනං, ආධුතං දිජසෙවිතං;
වාති ගන්ධො දිසා සබ්බා, රුක්ඛො මඤ්ජූසකො යථා.
වාති ගන්ධො දිසා සබ්බා, රුක්ඛො මඤ්ජූසකො යථා.
“ඝායසෙ තං සුචිගන්ධං, රූපං පස්සසි අමානුසං;
දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති.
දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති.
තත්ථ මඤ්ජිට්ඨකෙ විමානස්මින්ති රත්තඵලිකමයෙ විමානෙ. සින්දුවාරකණවීරමකුලසදිසවණ්ණඤ්හි “මඤ්ජිට්ඨක”න්ති වුච්චති. සොණ්ණවාලුකසන්ථතෙති සමන්තතො විප්පකිණ්ණාහි සුවණ්ණවාලුකාහි සන්ථතභූමිභාගෙ. රමසි සුප්පවාදිතෙති සුට්ඨු පවාදිතෙන පඤ්චඞ්ගිකෙන තූරියෙන අභිරමසි.
නිමිත්තා රතනාමයාති තව සුචරිතසිප්පිනා අභිනිම්මිතා රතනමයා විමානා. ඔගාහසීති පවිසසි. සබ්බකාලිකන්ති සබ්බකාලෙ සුඛං සබ්බඋතුසප්පායං, සබ්බකාලෙ පුප්ඵනකං වා.
වාතෙරිතන්ති යථා පුප්ඵානි ඔකිරන්ති, එවං වාතෙන ඊරිතං චලිතං. ආධුතන්ති මන්දෙන මාලුතෙන සණිකසණිකං විධූපයමානං. දිජසෙවිතන්ති මයූරකොකිලාදිසකුණසඞ්ඝෙහි උපසෙවිතං.
එවං ථෙරෙන පුට්ඨා සා දෙවතා ඉමාහි ගාථාහි බ්යාකාසි –
“අහං මනුස්සෙසු මනුස්සභූතා, දාසී අයිරකුලෙ අහුං;
බුද්ධං නිසින්නං දිස්වාන, සාලපුප්ඵෙහි ඔකිරිං.
බුද්ධං නිසින්නං දිස්වාන, සාලපුප්ඵෙහි ඔකිරිං.
“වටංසකඤ්ච සුකතං, සාලපුප්ඵමයං අහං;
බුද්ධස්ස උපනාමෙසිං, පසන්නා සෙහි පාණිභි.
බුද්ධස්ස උපනාමෙසිං, පසන්නා සෙහි පාණිභි.
“තාහං කම්මං කරිත්වාන, කුසලං බුද්ධවණ්ණිතං;
අපෙතසොකා සුඛිතා, සම්පමොදාමනාමයා”ති.
අපෙතසොකා සුඛිතා, සම්පමොදාමනාමයා”ති.
තත්ථ අයිරකුලෙති අය්යකුලෙ, සාමිකගෙහෙති අත්ථො. අහුන්ති අහොසිං. ඔකිරින්ති පුප්ඵෙහි විප්පකිරිං. උපනාමෙසින්ති පූජාවසෙන උපනාමෙසිං. සෙසං වුත්තනයමෙව.
අථායස්මා මහාමොග්ගල්ලානො සපරිවාරාය තස්සා දෙවතාය ධම්මං දෙසෙත්වා මනුස්සලොකං ආගන්ත්වා භගවතො තමත්ථං නිවෙදෙසි. භගවා තං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තමහාජනස්ස ධම්මං දෙසෙසි. දෙසනා සදෙවකස්ස ලොකස්ස සාත්ථිකා අහොසීති.
මඤ්ජිට්ඨකවිමානවණ්ණනා නිට්ඨිතා.
2. පභස්සර විමානවණ්ණනා
පභස්සරවරවණ්ණනිභෙති පභස්සරවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති. තෙන ච සමයෙන රාජගහෙ අඤ්ඤතරො උපාසකො මහාමොග්ගල්ලානත්ථෙරෙ අභිප්පසන්නො හොති. තස්සෙකා ධීතා සද්ධා පසන්නා, සාපි ථෙරෙ ගරුචිත්තීකාරබහුලා හොති. අථෙකදිවසං ආයස්මා මහාමොග්ගල්ලානො රාජගහෙ පිණ්ඩාය චරන්තො තං කුලං උපසඞ්කමි. සා ථෙරං දිස්වා සොමනස්සජාතා ආසනං පඤ්ඤාපෙත්වා ථෙරෙ තත්ථ නිසින්නෙ සුමනමාලාය පූජෙත්වා මධුරං ගුළඵාණිතං ථෙරස්ස පත්තෙ ආකිරි, ථෙරො අනුමොදිතුකාමො නිසීදි. සා ඝරාවාසස්ස බහුකිච්චතාය අනොකාසතං පවෙදෙත්වා “අඤ්ඤස්මිං දිවසෙ ධම්මං සොස්සාමී”ති ථෙරං වන්දිත්වා උය්යොජෙසි. තදහෙව ච සා කාලං කත්වා තාවතිංසෙසු නිබ්බත්ති. තං ආයස්මා මහාමොග්ගල්ලානො උපසඞ්කමිත්වා ඉමාහි ගාථාහි පුච්ඡි –
“පභස්සරවරවණ්ණනිභෙ, සුරත්තවත්ථවසනෙ;
මහිද්ධිකෙ චන්දනරුචිරගත්තෙ, කා ත්වං සුභෙ දෙවතෙ වන්දසෙ මමං.
මහිද්ධිකෙ චන්දනරුචිරගත්තෙ, කා ත්වං සුභෙ දෙවතෙ වන්දසෙ මමං.
“පල්ලඞ්කො ච තෙ මහග්ඝො, නානාරතනචිත්තිතො රුචිරො;
යත්ථ ත්වං නිසින්නා විරොචසි, දෙවරාජාරිව නන්දනෙ වනෙ.
යත්ථ ත්වං නිසින්නා විරොචසි, දෙවරාජාරිව නන්දනෙ වනෙ.
“කිං ත්වං පුරෙ සුචරිතමාචරී භද්දෙ, කිස්ස කම්මස්ස විපාකං;
අනුභොසි දෙවලොකස්මිං, දෙවතෙ පුච්ඡිතාචික්ඛ;
කිස්ස කම්මස්සිදං ඵල”න්ති.
අනුභොසි දෙවලොකස්මිං, දෙවතෙ පුච්ඡිතාචික්ඛ;
කිස්ස කම්මස්සිදං ඵල”න්ති.
තත්ථ පභස්සරවරවණ්ණනිභෙති නිභාති දිබ්බතීති නිභා, වණ්ණොව නිභා වණ්ණනිභා, අතිවිය ඔභාසනතො පභස්සරා ඡවිදොසාභාවෙන වරා උත්තමා වණ්ණනිභා එතිස්සාති පභස්සරවරවණ්ණනිභා. ආමන්තනවසෙන “පභස්සරවරවණ්ණනිභෙ”ති වුත්තං. සුරත්තවත්ථවසනෙති සුට්ඨු රත්තවත්ථනිවත්ථෙ. චන්දනරුචිරගත්තෙති චන්දනානුලිත්තං විය රුචිරගත්තෙ, ගොසීතචන්දනෙන බහලතරානුලිත්තං විය සුරත්තමනුඤ්ඤසරීරාවයවෙති අත්ථො, චන්දනානුලෙපෙන වා රුචිරගත්තෙ.
එවං ථෙරෙන පුට්ඨා දෙවතා ඉමාහි ගාථාහි බ්යාකාසි –
“පිණ්ඩාය තෙ චරන්තස්ස, මාලං ඵාණිතඤ්ච අදදං භන්තෙ;
තස්ස කම්මස්සිදං විපාකං, අනුභොමි දෙවලොකස්මිං.
තස්ස කම්මස්සිදං විපාකං, අනුභොමි දෙවලොකස්මිං.
“හොති ච මෙ අනුතාපො, අපරද්ධං දුක්ඛිතඤ්ච මෙ භන්තෙ;
සාහං ධම්මං නාස්සොසිං, සුදෙසිතං ධම්මරාජෙන.
සාහං ධම්මං නාස්සොසිං, සුදෙසිතං ධම්මරාජෙන.
“තං තං වදාමි භද්දන්තෙ, යස්ස මෙ අනුකම්පියො කොචි;
ධම්මෙසු තං සමාදපෙථ, සුදෙසිතං ධම්මරාජෙන.
ධම්මෙසු තං සමාදපෙථ, සුදෙසිතං ධම්මරාජෙන.
“යෙසං අත්ථි සද්ධා බුද්ධෙ, ධම්මෙ ච සඞ්ඝරතනෙ;
තෙ මං අතිවිරොචන්ති, ආයුනා යසසා සිරියා.
තෙ මං අතිවිරොචන්ති, ආයුනා යසසා සිරියා.
“පතාපෙන වණ්ණෙන උත්තරිතරා, අඤ්ඤෙ මහිද්ධිකතරා මයා දෙවා”ති.
තත්ථ මාලන්ති සුමනපුප්ඵං. ඵාණිතන්ති උච්ඡුරසං ගහෙත්වා කතඵාණිතං.
අනුතාපොති විප්පටිසාරො. තස්ස කාරණමාහ “අපරද්ධං දුක්ඛතඤ්ච මෙ භන්තෙ”ති . ඉදානි තං සරූපතො දස්සෙති “සාහං ධම්මං නාස්සොසි”න්ති, සා අහං තදා තව දෙසෙතුකාමස්ස ධම්මං න සුණිං. කීදිසං? සුදෙසිතං ධම්මරාජෙනාති, සම්මාසම්බුද්ධෙන ආදිකල්යාණාදිතාය එකන්තනිය්යානිකතාය ච ස්වාඛාතන්ති අත්ථො.
තන්ති තස්මා ධම්මරාජෙන සුදෙසිතත්තා අසවනස්ස ච මාදිසානං අනුතාපහෙතුභාවතො. තන්ති තුවං, තුය්හන්ති අත්ථො. යස්සාති යො අස්ස. අනුකම්පියොති අනුකම්පිතබ්බො. කොචීති යො කොචි. ධම්මෙසූති සීලාදිධම්මෙසු. “ධම්මෙ හී”ති වා පාඨො, සාසනධම්මෙති අත්ථො. හීති නිපාතමත්තං, වචනවිපල්ලාසො වා. තන්ති අනුකම්පිතබ්බපුග්ගලං. සුදෙසිතන්ති සුට්ඨු දෙසිතං.