14. පොසාලමාණවක පෘච්ඡා වර්ණනා
යො අතීතං යනු පොසාල සූත්රයයි. යො අතීතං ආදියති යම් භාග්යවතුන් වහන්සේ කෙනෙකු තමන්ගේ ද අනුන්ගේ ද ‘ඉපදී එක් වාරයක් ආදී ලෙසින් පෙර තතු දක්වත් ද? විභූත රූප සඤ්ඤිස්ස රූපය පිළිබඳ හැඟීම් ඉක්මවන ලද, සබ්බකායප්පහානියො යටපත් කිරිමෙන් හා මුළුමනින් මැඩපැවැත්වීමෙන් සියළු රූපකාය හැරදමන ලද, රූප භවයක පිළිසිඳගැනීම් නැතැයි අදහස් කෙරේ. නත්ථි කිඤ්චීති පස්සතො විඤ්ඤාණය නැතිවීම නුවණින් අවබෝධ කිරීමෙන් ‘කිසිත් නැතැ’යි දකිමින්, ආකිඤ්චඤ්ඤායතනය ලැබූවෙකැයි කියන ලදී. ඤාණං සක්කා නු පුච්ඡාමි ඒ තැනැත්තාගේ නුවණ විමසමි. කෙබඳු දෙයක් බලාපොරොත්තු විය යුතුදැයි ‘සක්රය’ යනුවෙන් භාග්යවතුන් වහන්සේ අමතා අසයි. කථං නෙය්යො කෙසේ ඒ තැනැත්තා එම නුවණට පැමිණවිය යුතුද? කෙසේ ඊට වඩා උසස්, දියුණු වූ නුවණ උපදවා ගතයුතුද?
එවිට භාග්යවතුන් වහන්සේ එබඳු පුද්ගලයෙකු (මෙතෙක්) නුවණ නොලද බව පවසා ඒ නුවණ පැහැදිලි කිරීමට ගාථා දෙකක් වදාළහ. එහි විඤ්ඤාණට්ඨිතියො සබ්බා අහිජානං තථාගතො එක්රැස් කරගන්න ලද දේ අනුව (කුසල් අකුසල් අනුව) සිවුආකාර වූ පිළිසිඳ ගැනීම් කෙරෙහි සත්වග යොමුවන විඤ්ඤාණයෙහි පැවැත්ම තථාගතයන් වහන්සේ මැනවින් දත්හ. තිට්ඨන්තමෙනං ජානාති පෙර කළ කී දෑ අනුව ‘මේ තැනැත්තා මෙබඳු ගතියක් (උපතක්) ලබන්නේ යැයි පුද්ගලයකු පිළිබඳව දනිති. විමුත්තං ආකිඤ්චඤ්ඤායතනයෙන් ද මිදුණු, තම්පරායණං එය පිහිටකොට,
ආකිඤ්චඤ්ඤසම්භවං ඤත්වා ආකිඤ්චඤ්ඤායතනයෙහි උපත ලබන, (එහෙත් සසර දිගුවන) මේ අවහිරය කුමක්දැයි ඊට එක්රැස් වූ හේතු දැන, නන්දී සංයොජනං ඉති එහි අරූපරාගී ආසාව, එයද සසර බැඳ තබන බැම්මක් වූ ‘සංයොජන’ යැයි දැන, තතො තත්ර විපස්සසී ඉක්බිති ඒ ආකිඤ්චඤ්ඤායතන සමවතින්ද නැගිට, ඒ සමවතද අනිස ලෙස සළකා විදසුන් වඩයි. එතං ඤාණං කථං තස්ස මෙසේ විදසුන් අනුව නුවණින් විමසනවිට කෙමෙන් කෙමෙන් ඒ තැනැත්තා ලබන අරහත් නුවණ වෙනස්-විකාර නොවේ. වූසීමතො මඟ බඹසරෙහි වැස, ඉතිරි කරුණු පැහැදිලිය.
මෙසේ භාග්යවතුන් වහන්සේ මෙම සූත්රයද අරහත් බව කුළුගන්වා දේසනා කළහ. දේසනය අවසන (ද) පෙර පරිදිම බොහෝ පිරිසකට දහම් අවබෝධ විය.
පොසාල සූත්ර විස්තරය නිමි.
15. මෝඝරාජ පෘච්ඡා වර්ණනා
ද්වාහං සක්කං මෝඝරාජ සූත්රයයි. ද්වාහං මම දෙවරක්ම, අජිතටද, තිස්ස මෙත්තෙය්යටද කරුණු පැහැදිලි කිරිමෙන් පසු, දෙවරක්ම, මෝඝරාජ භාග්යවතුන් වහන්සේගෙන් විමසීය. ඔහුගේ ඉඳුරන් දහම් අවබෝධයට සුදුසු වනතුරු එයට ඉඩ නොදුන්හ. ද්වාහං සක්කං අපුච්ඡිස්සං යැයි එසේ හෙයින් කියන ලදී. යාව තතියඤ්ච දෙවිසි ව්යාකරොතීති මෙ සුතං ‘අති පිරිසිදු දෙවියකු බවට පත්, ඉසිරිවර භගවත් සම්මා සම්බුදුන් වහන්සේගෙන් සහදැමියකු තුන්වරක් දක්වා යම්කිසි කරුණක් අසන ලද විට, එය පැහැදිලි කර දෙති’යි මා අසා ඇත. ගොදාවරී නදී තෙරදී මා එසේ අසන ලදී. එහෙයින් ව්යාකරොතීති මෙ සුතං යැයි කියන ලදී.
අයං ලොකො මිනිස් ලොව, පරො ලොකො ඒ හැර ඉතිරි ලෝක, සදෙවකො බඹලොව හැර, දෙවියන් ලෙස උපත ලැබූවන් සහ දෙවියන් යැයි සම්මතව හඳුන්වන්නන්ගෙන් යුතු, බ්රහ්මලොකො සදෙවකො මේ ආකාර වූ දෙවියන් සහිත ලෝකයෙහි ආදී ලෙස නිදසුන් පමණි. ඒ අනුව සඳහන් කර ඇති පරිදි ලෝකය ගැන දතයුතුය.
එවං අභික්කන්ත දස්සාවී මෙසේ දෙවියන් සහිත සියළු ලෝවාසීන්ගේ අදහස්, ගතිසොබා, සසර උපත් හා ඉන් මිදීමද දැකීමට හැකි, උසස් ලෙස දකින,
සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු උවමනාවන, පවතින (වැදගත්) සේ සලකනු ලබන දේවල හිස් බවද, ඒවා හේතු රැසක එකතුවක් ලෙසද යන දෙආකාරයෙන්ම ලෝකයෙහි හිස් බව නුවණින් විමසා බලව. අත්තානුදිට්ඨිං ඌහච්ච මමය-මගේය යන දැඩිව ගන්නා ලද දැකීම උදුරා ඉවත දමා, ඉතිරි කරුණු පැහැදිලිය.
මෙම සූත්රයද භාග්යවතුන් වහන්සේ අරහත්බව දේසනා කළහ. පෙර කියා ඇති පරිදි දේසනය අවසානයෙහි බොහෝ පිරිසට දහම් අවබෝධ විය.
මෝඝරාජ සූත්ර විස්තරය නිමි.
16. පිඞ්ගියමාණව පෘච්ඡා වර්ණනා
ජිණ්ණෙහමස්මී යනු පිංගිය සුත්රයයි. එහි ජිණ්ණෙහමස්මි අබලො වීතවණ්ණෙ මේ බමුණා එකසිය විසිවයස්, ජරාවට පත්ව, දුබලව, ‘මෙතැන පා තබමි’යි සිතුවද වෙනත් තැනක පා තබමින් ගමන් කරයි. පෙර තිබූ සමෙහි පැහැය දැන් විරූපීය. එහෙයින් ‘මම ජරාවට පත්වීමි. සවිබල නැත්තෙක්මි. සිරුර පැහැය වෙනස්ව ඇතැ’යි කීය. මාහං නස්සං මොමූහො අන්තරාය ඔබවහන්සේගේ දහම අවබෝධ නොකොට, දැනුමැති කෙනෙක් නොවී, මම නොනැසෙත්වා! ජාති ජරාය ඉධ විප්පහාණං මෙහිදීම ඔබ වහන්සේගේ පාමුල පාසාණක චෙතියෙහිදී හෝ ඉපදීම, ජරාව නසන නිවන ධම්මං යමහං විජඤ්ඤං එය මට ආචික්ඛ