එහි සබ්බදානං ධම්ම දානන්ති - ඉදින් සක්වල ගැබ බඹලොව දක්වා නිතර වැඩ සිටින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් දළු සමාන සිවුරු දෙන්නේද එම සමාගමයේ දී සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනයම ශ්‍රේෂ්ඨ වේ. එම දානය එම ගාථාවේ දහසයෙන් කොටසක් හෝ නොවටී. මෙලෙස ධර්ම දේශනයම වචනයෙන්ද ඇසීමෙන්ද මහත් වේ. යම් පුද්ගලයෙක් බොහෝ අයට ඒ ධර්ම ශ්‍රවණය කරන ලද්දේ නම් එහිම අනුසස් මහත්ය. මෙබඳු පිරිසකට ප්‍රණීත පිණ්ඩපාත පාත්‍රයේ පුරවා දෙන ලද දානයට වඩා ගිතෙල් පාත්‍රය පුරවා දෙන ලද දානයටද වඩා මහාවිහාරය වැනි මහවෙහෙරවල් ලෝහ මහා ප්‍රාසාද වැනි ප්‍රාසාද සියදහස් ගණනක් කරවා දුන්නේද අනේපිඬු සිටුවරයා ආදීන් විසින් විහාර වෙනුවෙන් කළ පරිත්‍යාගවලට ද වඩා පිරිසයෙන් සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනය වශයෙන් කරන ලද ධර්ම දානයම අගනේය. ශ්‍රේෂ්ඨ වන්නේය. කුමක් නිසාද එබඳු පිං කරන්නේ මෙබඳු ධර්ම දේශනා ඇසීම නිසාය. නො අසා එසේ නොකරති. ඉදින් මේ සත්ත්වයෝ ධර්මය නොඅසන්නේ නම් සැන්දක් පමණ බත් හෝ එපමණ කැඳවත් දන් නො දෙති. මේ කරුණ නිසා සියළු දානවලට වඩා ධර්මදානයම ශ්‍රේෂ්ඨ වේ. බුද්ධ - පච්චෙක බුද්ධවරයන් තබා මුළු කල්පයකට වසින වැසි බිඳු ගණන් කිරීමට සමත් ප්‍රඥාවෙන් යුත් සාරිපුත්ත මහතෙරුන් ආදීන් ද තම ධර්මතාව නිසා සෝවාන් ආදී ඵලයන් අවබෝධ කර ගැනීමට නොහැකිවුහ. අස්සජි ආදී තෙරවරුන් දේශනා කරන ලද ධර්මය අසාම සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ. මෙසේ අස්සජි තෙරුන් වැන්නෝ ද, බණ අසාම සෝවාන් වූහ. ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රාවක පාරමී ඤාණයම සාක්ෂත් කරන්නාහ. මේ කරුණින් ද මහරජ සියලු දානයන්ට වඩා ධර්ම දානයම ශ්‍රේෂ්ඨ වන්නේය.
සබ්බං රසං ධම්ම රසො ජිනාති සියළු ස්ඛන්ධ රස ආදී රසයන් අතුරෙන් උසස් ලෙස දෙවියන් ගේ සුධාභෝජන රසය ද සසර වෘතයට වැටී දුක් අනුභාවයටම හේතු වේ. යම් බදු වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සංඛ්‍යාත නවලොකොත්තර ධර්ම රසයම සියළු රසයන්ට වඩා ශ්‍රේෂ්ඨය. යන්න එයින් කියවේ.
යම් පුත්‍ර රතිය. ධීතු රතිය, ධාන්‍ය රතිය, ස්ත්‍රී රතිය. ධන රතිය. නැටුම් ගැයුම්, වාදන ආදී අනේක රති තිබේ. මේ සියලු රතී සංසාර වට්ටයේ වැටී දුක් ඇති කිරීමට හේතුවේ. යම් කෙනෙක් ධර්මය අසයි නම් හෝ කියයි නම් හෝ කියවයි නම් ඇතුළත ඇතිවන ප්‍රීතිය උදග්ගභාවය ඇති කරයි. කඳුළු ඇති වේ. ලොමු ඩැහැ ගැනීම කෙරෙයි. සංසාර වට්ටය අවසන් කර අර්හත්වයට පත්කරවයි. එනිසා ධර්ම රතිය ශ්‍රේෂ්ඨ වේ. සබ්බං රතිං ධම්ම රති ජිනාති යනුවෙන් කීහ. තෘෂ්ණාව නැති කිරීම වනාහී. තෘෂ්ණාව නැති කිරීමෙන් උපදින්නා වූ අර්හත් බව සියලු සංසාර වෘත්ත දුඃඛයන් මැඩ පවත්වන බැවින් සියල්ලටම ශ්‍රේෂ්ඨ වේ “තණ්හක්ඛයො සබ්බ දුක්ඛං ජිනාති” යන්න එහෙයින් කියන ලදී.
මෙසේ ශාස්තෲන් වහන්සේ මෙම ගාථාවේ අර්ථය පැහැදිලි කරනවිට අසුහාර දාහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය සිදුවිය. සක් දෙවිඳු ද ධර්මය අසා බුදුන් වැඳ මෙලෙස පැවසුවේය. ස්වාමීනි මෙතරම් උතුම් ධර්ම දානයෙන් අපට ප්‍රාප්තිය නො දෙත්ද? ඉන්පසු භික්ෂු සංඝයාට කථා කොට ප්‍රාප්තිය දෙනු මැනව. බුදුහු ඔහුගේ වචනය අසා භික්ෂු සංඝයා රැස් කරවා මහණෙනි අද පටන් මහා ධර්මයකින් හෝ ප්‍රකෘති ධර්ම ශ්‍රවණයක් හෝ උපනිශ්‍රිත කථාවක් හෝ යටත් පිරිසයෙන් අනුමෝදනයක් හෝ කියා සියලු සත්ත්වයන්ට පින් අනුමෝදන් කරන්නැයි වදාළහ.
22. අපුත්තක සිටුවරයා පිළිබඳ කථා පුවත
“හනන්ති භෝගා” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී අපුත්තක සිටුවරයා නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර සිටි දූ දරුවන් නැති සිටුවරයා කළුරිය කළ බව අසා පසේනදී කොසොල් රජු අපුත්තකගේ ධනය කොටස ලැබේදැයි විමසා රජුට බව දැනගෙන දින හතකින් ඔහුගේ නිවසින් ධනය රාජමන්දිරයට ගෙන්වා ගෙන බුදුවෙත එළඹ සිටිවිට, බුදුහු ඇයි මහරජ මේ මහදවල් කොහි සිට ආවේදැයි විමසුවිට ස්වාමීනි සැවැත් නුවර සිටුගෘහපතියා කළුරිය කළේය. දරුවන් නොමැති ඔහුගේ වස්තුව රාජ මන්දිරයට ගෙනවුත් මම මෙහි ආවෙමියි පැවසීය. සියල්ල සුත්‍රයේ සඳහන් පරිදි දැනගත යුතුය.
මේ සිටුවරයා වනාහි රන් තැටියක ඉතා රස ආහාර භෝජන ගෙනදුන්විට, මේවා මිනිසුන් අනුභව කරන්නේ? ඇයි ඔබ මා සමග මේ ගෙයි ක්‍රීඩා කරන්නේ භෝජන දුන් විට ගල්කටු දඩු ආදියෙන් පහරදී පළවාහැර මේ මිනිසුන්ගේ ආහාරයයි සුන්සහල් බත් අනුභව කරයි. ඒ ඇඹුල් කාඩි හොදි සමගය. වත්‍ර - යාන - කුඩ ආදිය ද වටිනා මනවඩන ද දුන්විට දී එම මිනිසුන්ට ගල්කැට - දඩුමුගුරුවලින් පහර දී පළවාහැර හණවැහැරි දරයි. දිරාගිය යානයක ගමන් කරයි. කොළවලින් තැනු කුඩයක් දරයි. මෙලෙස රජු දන්වා සිටියාට පසු බුදුහු ඔහුගේ පූර්ව කර්මය දේශනා කළහ.
මහරජ ඔහු පෙරදී තගරසිබී පසේ බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වැඩි වේලේ මේ ශ්‍රමණයාට. පිණ්ඩපාතය දෙන්නැයි බිරිඳට කියා, වාඩිවී සිටි අසුනෙන් නැගිට ගියේය. ශ්‍රද්ධා නැති බාලයා මෙසේ කියා ගියවිට ඔහුගේ බිරිය ශ්‍රද්ධාවත් වූයේ බොහෝ කලකින් ඔහුගේ මුවෙන් දෙන්න යයි වචනය ඇසු නිසා අද මගේ මනදොළ පිරෙන සේ පිණ්ඩපාතය දෙමියි පස්සේ බුදුන්ගේ පාත්‍රය ගෙන ප්‍රණිත භෝජන පුරවා දුනි. සිටුවරයා නැවත ගෙදර එනවිට පසේ බුදුන් දැක, ශ්‍රමණය ඔබ කිසිවක් ලැබුවේදැයි විමසුවේය. ඔහු පාත්‍රය ගෙන ප්‍රණීත ආහාර දැක විපිලිසර මෙලෙසට සිතුවේය. මේ පිණ්ඩපාතය උතුම්ය. මේ ආහාර මගේ දාසයන් හෝ කම්කරුවන් කෑවේ නම්. ඔහු මගේ කර්මාන්ත කරන්නාහුය. මේ තැනැත්තා ගොස් මේවා අනුභව කර නිදාගන්නේය. මගේ ආහාරය නිර්ථක ලෙස නැතිවුණි. තව ද ඔහු අපුත්තක වීමට හේතුව මෙසේ වදාළහ. ඔහුගේ සහෝදරයාගේ පුතෙකු ඔහු සමීපයේ වැඩුනි. එම සහෝදරයාගේ පුතා මොහුගේ ඇගිල්ල අල්ලාගෙන ඇවිදින කාලයේ, එසේ ඇවිදිමින් හැසිරෙමින් මෙය මගේ පියා සතු රථයයි. මේ ඔහුගේ ගොණායි. මේ ආදිය කීවේය. අනතුරුව මේ සිටුවරයා දැන්මම මොහු මේවා කියයි නම් මොහු වැඩුන පසු ගෙදර සම්පත් කවුරු හෝ දකින්නේය මේ පුතා අතර ද වස්තුව ඉඩකඩම් බෙදෙන්නේ යයි සිතා. ඔහු කැලයට ගෙනගොස් එක් ගසක් මුලදී බොටුව අඹරා මුල්කඳ සේ පලා මරා ගෙල සොලවා එහිම වළට විසි කළේය. මේ ඔහුගේ පුර්ව අකුශල කර්මයයි. ඒ පවින් ඔහු අපුත්තක විය.