සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති - සියළු සංකාර දුකක්යයි යම් දිනෙක ප්‍රඥාවෙන් බලයි ද එනිසා දුකෙහි කළකිරේ මෙය විසුද්ධි මාර්ගයයි.
එහි දුක්ඛ නම් ප්‍රතිපිළන අර්ථයෙන් දුකයි. අන් සියල්ල පෙර දින කථාව මෙනි.
7. අනාත්ම ලක්‍ෂණ කථා පුවත
“තුන් වැනි ගාථාවේද මෙසේම න්‍යාය වේ. මෙහි භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන්ට පෙර අනාත්ම ලක්ෂණය සුදුසු යෝග්‍යබව දැන මහණනි සියළුම ස්ඛන්ධ නොපවන්නා නිසා අනාත්මයයි පවසා මේ ගාථාව පැවසුහ.
“සබ්බෙ ධම්මා අනත්තාති” සියළුම ධර්ම අනාත්ම යයි යම් දිනෙක නුවණින් දකීද එනිසා දුක පිළිබඳව කළකිරේ මෙය විසුද්ධියට මාවතයි.
එහි “සබ්බෙ ධම්මා” - යනු පඤ්චස්කන්ධයම අදහස් කෙරේ. අනත්තාති - නොදිරවා - මියනොයේවා යනාදී වශයෙන් පැවත්මට නොහැකිය. නොවසන නිසා ආත්ම ශුන්‍යය අස්වාමිකය. නිස්සාරය යන අර්ථයි. අන් විතර පෙරසේමය.
8. පධාන කම්මික තිස්ස තෙරුන් පිළිබඳ කථා පුවත
“උට්ඨාන කාලමහි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරද්දී, “පධාන කර්මික තිස්ස” තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර වාසී සත්සියයක් කුල පුත්‍රයෝ බුදුන් වෙත පැවිදිවි, කර්මස්ථාන ගෙන ආරණ්‍යයට වැඩම කළහ. ඔවුන් අතර එක් නමක් එහිම නැවතුනි. ඉතිරි අය ආරණ්‍යයේ මහණ දම් පුරමින් රහත්බවට පත්වී ලබාගත් ගුණය බුදුන්ට පවසමුයි නැවත සැවත් නුවරට වැඩම කළහ. ඔහු සැවත් නුවරින් යොදුනකට පමණ ඈත. එක් ගමක පිඬු පිණිස හැසිරෙනු දැක එක් උපාසක වරයෙක් කැඳ බත් ආදිය පුදා අනුමෝදනය අසා දෙවන දිනයට ද ආරාධනා කළේය. ඔවුහු එදිනට සැවතට ගොස් පාසිවුරු තබා සවස් කාලයේ බුදුන් වෙත එළඹ වැඳ වාඩි වුහ. බුදුහු ඔවුන් වෙත අතිශය සතුට දන්වමින් පිළිසඳර කථාවෙහි යෙදුනහ.
අනතුරුව නැවතී සිටි භික්ෂුව මෙසේ සිතුවේය. බුදුරජාණන් වහන්සේ මොවුන් සමග පිළිසඳර කරන්නේ මුවනොපොහොනාසේ සතුටු බව පවසති. මම මාර්ගඵල නොලත් හෙයින් මා සමග කථා නොකරති. අද රහත් ඵලයට පත්ව බුදුන් වෙත එළඹ මා සමග කථා කරවමියි සිතුවේය. එම භික්ෂූන් වහන්සේලා ද ස්වාමීනි අප එන අතරමග එක් උපාසකවරයෙකු විසින් හෙට දානය සඳහා ආරාධනා ලදිමු. අළුයම එහි යන්නෙමුයි බුදුන්ගෙන් අවසර ලැබුහ.
මේ අතර උන්වහන්සේලාගේ සහායක භික්ෂුව මුළු රැ සක්මන් කරන්නේ නිදිමතින් සක්මන් මළුවේ කෙළවර එක් ගල්පුවරුවක වැටුනි. උකුල් ඇටය බිඳුනි. ඔහු මහ හඩින් මුරගෑවේය. ඔහුගේ සහායක යතිවරු ශබ්දය හඳුනාගෙන ඔබ මොබ සෙවුහ. පහන් දල්වා ඔහුට කළයුතු කාර්යය කරන්නවුන්ට නොදැනීම පහන් වුනි. උන්වහන්සේලාට යාමට අවකාශ නොලැබුනි. අනතුරුව ශාස්තෲන් වහන්සේ ඔවුන්ගෙන් ඇයි මහණෙනි. භික්ෂාචාර ගමට නොයන්නහුද? ඇසුහ. එසේය ස්වාමීනියි කියා මේ තොරතුරු දැනුම් දුන්හ. මහණෙනි මේ භික්ෂුව දැන් පමණක් නොව පෙරද ඔබ වහන්සේලාගේ ලාභ සත්කාර වැළැක්වී යයි පවසා ඔවුන් විසින් ඉල්ලන ලද්දේ අතීත පුවත ගෙන හැර දැක්වුහ.
යම් කෙනෙක් පළමුව කළ යුතු දේ පසුව කිරීමට කැමති වේද ලුණුවරණ දර තැබු තැනැත්තා සේ පසුව තැවීමට පත්වේ.