චිත්තපරියාදානවග්ගො
ඉදානි නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමීතිආදිනා නයෙන භගවතා නික්ඛිත්තස්ස සුත්තස්ස වණ්ණනාය ඔකාසො අනුප්පත්තො, සා පනෙසා සුත්තවණ්ණනා යස්මා සුත්තනික්ඛෙපං විචාරෙත්වාව වුච්චමානා පාකටා හොති, තස්මා සුත්තනික්ඛෙපවිචාරණා තාව වෙදිතබ්බා. චත්තාරො හි සුත්තනික්ඛෙපා අත්තජ්ඣාසයො පරජ්ඣාසයො පුච්ඡාවසිකො අට්ඨුප්පත්තිකොති. තත්ථ යානි සුත්තානි භගවා පරෙහි අනජ්ඣිට්ඨො කෙවලං අත්තනො අජ්ඣාසයෙනෙව කථෙසි, සෙය්යථිදං – ආකඞ්ඛෙය්යසුත්තං වත්ථසුත්තන්ති එවමාදීනි, තෙසං අත්තජ්ඣාසයො නික්ඛෙපො. යානි පන “පරිපක්කා ඛො රාහුලස්ස විමුත්තිපරිපාචනීයා ධම්මා, යංනූනාහං රාහුලං උත්තරි ආසවානං ඛයෙ විනෙය්ය”න්ති (සං· නි· 4.121; ම· නි· 3.416) එවං පරෙසං අජ්ඣාසයං ඛන්තිං මනං අභිනීහාරං බුජ්ඣනභාවඤ්ච ඔලොකෙත්වා පරජ්ඣාසයවසෙන කථිතානි, සෙය්යථිදං – රාහුලොවාදසුත්තං ධම්මචක්කප්පවත්තනන්ති එවමාදීනි, තෙසං පරජ්ඣාසයො නික්ඛෙපො. භගවන්තං පන උපසඞ්කමිත්වා තෙ තෙ දෙවමනුස්සා තථා තථා පඤ්හං පුච්ඡන්ති. එවං පුට්ඨෙන භගවතා යානි කථිතානි දෙවතාසංයුත්තබොජ්ඣඞ්ගසංයුත්තාදීනි, තෙසං පුච්ඡාවසිකො නික්ඛෙපො. යානි පන උප්පන්නං කාරණං පටිච්ච කථිතානි ධම්මදායාදසුත්තපුත්තමංසූපමාදීනි, තෙසං අට්ඨුප්පත්තිකො නික්ඛෙපො. එවමිමෙසු චතූසු නික්ඛෙපෙසු ඉමස්ස සුත්තස්ස පරජ්ඣාසයො නික්ඛෙපො. පරජ්ඣාසයවසෙන හෙතං නික්ඛිත්තං. කෙසං අජ්ඣාසයෙනාති? රූපගරුකානං පුරිසානං.
තත්ථ නාහං, භික්ඛවෙතිආදීසු නකාරො පටිසෙධත්ථො. අහන්ති අත්තානං නිද්දිසති. භික්ඛවෙති භික්ඛූ ආලපති. අඤ්ඤන්ති ඉදානි වත්තබ්බා ඉත්ථිරූපතො අඤ්ඤං. එකරූපම්පීති එකම්පි රූපං. සමනුපස්සාමීති ද්වෙ සමනුපස්සනා ඤාණසමනුපස්සනා ච දිට්ඨිසමනුපස්සනා ච. තත්ථ “අනිච්චතො සමනුපස්සති, නො නිච්චතො”ති (පටි· ම· 3.35) අයං ඤාණසමනුපස්සනා නාම. “රූපං අත්තතො සමනුපස්සතී”තිආදිකා (පටි· ම· 1.130) පන දිට්ඨිසමනුපස්සනා නාම. තාසු ඉධ ඤාණසමනුපස්සනා අධිප්පෙතා. ඉමස්ස පන පදස්ස නකාරෙන සම්බන්ධො වෙදිතබ්බො. ඉදං හි වුත්තං හොති – අහං, භික්ඛවෙ, සබ්බඤ්ඤුතඤ්ඤාණෙන ඔලොකෙන්තොපි අඤ්ඤං එකරූපම්පි න සමනුපස්සාමීති.
යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨතීති යං රූපං රූපගරුකස්ස පුරිසස්ස චතුභූමකකුසලචිත්තං පරියාදියිත්වා ගණ්හිත්වා ඛෙපෙත්වා තිට්ඨති. “සබ්බං හත්ථිකායං පරියාදියිත්වා”තිආදීසු (සං· නි· 1.126) හි ගහණං පරියාදානං නාම. “අනිච්චසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදියතී”තිආදීසු (සං· නි· 3.102) ඛෙපනං. ඉධ උභයම්පි වට්ටති. තත්ථ ඉදං රූපං චතුභූමකකුසලචිත්තං ගණ්හන්තං න නීලුප්පලකලාපං පුරිසො විය හත්ථෙන ගණ්හාති, නාපි ඛෙපයමානං අග්ගි විය උද්ධනෙ උදකං සන්තාපෙත්වා ඛෙපෙති. උප්පත්තිඤ්චස්ස නිවාරයමානමෙව චතුභූමකම්පි කුසලචිත්තං ගණ්හාති චෙව ඛෙපෙති චාති වෙදිතබ්බං. තෙන වුත්තං – “පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨතී”ති.
යථයිදන්ති යථා ඉදං. ඉත්ථිරූපන්ති ඉත්ථියා රූපං. තත්ථ “කිඤ්ච, භික්ඛවෙ, රූපං වදෙථ? රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා රූපන්ති වුච්චති. කෙන රුප්පති? සීතෙනපි රුප්පති උණ්හෙනපි රුප්පතී”ති (සං· නි· 3.79) සුත්තානුසාරෙන රූපස්ස වචනත්ථො චෙව සාමඤ්ඤලක්ඛණඤ්ච වෙදිතබ්බං. අයං පන රූපසද්දො ඛන්ධභවනිමිත්තපච්චයසරීරවණ්ණසණ්ඨානාදීසු අනෙකෙසු අත්ථෙසු වත්තති. අයඤ්හි “යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්න”න්ති (විභ· 2; මහාව· 22) එත්ථ රූපක්ඛන්ධෙ වත්තති. “රූපූපපත්තියා මග්ගං භාවෙතී”ති (ධ· ස· 161; විභ· 624) එත්ථ රූපභවෙ. “අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සතී”ති (ධ· ස· 204-232 ආදයො) එත්ථ කසිණනිමිත්තෙ. “සරූපා, භික්ඛවෙ, උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා නො අරූපා”ති (අ· නි· 2.83) එත්ථ පච්චයෙ. “ආකාසො පරිවාරිතො රූපන්තෙව සඞ්ඛං ගච්ඡතී”ති (ම· නි· 1.306) එත්ථ සරීරෙ. “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්ති (ම· නි· 1.400; 3.421) එත්ථ වණ්ණෙ. “රූපප්පමාණො රූපප්පසන්නො”ති (අ· නි· 4.65) එත්ථ සණ්ඨානෙ. ආදිසද්දෙන “පියරූපං සාතරූපං, අරසරූපො”තිආදීනිපි සඞ්ගණ්හිතබ්බානි. ඉධ පනෙස ඉත්ථියා චතුසමුට්ඨානෙ රූපායතනසඞ්ඛාතෙ වණ්ණෙ වත්තති. අපිච යො කොචි ඉත්ථියා නිවත්ථනිවාසනස්ස වා අලඞ්කාරස්ස වා ගන්ධවණ්ණකාදීනං වා පිළන්ධනමාලාදීනං වාති කායප්පටිබද්ධො ච වණ්ණො පුරිසස්ස චක්ඛුවිඤ්ඤාණස්ස ආරම්මණං හුත්වා උපකප්පති, සබ්බමෙතං ඉත්ථිරූපන්තෙව වෙදිතබ්බං.
ඉත්ථිරූපං, භික්ඛවෙ, පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨතීති ඉදං පුරිමස්සෙව දළ්හීකරණත්ථං වුත්තං. පුරිමං වා “යථයිදං, භික්ඛවෙ, ඉත්ථිරූප”න්ති එවං ඔපම්මවසෙන වුත්තං, ඉදං පරියාදානානුභාවදස්සනවසෙන.