1. ධීරස්ස විගතමොහස්ස පභින්නඛිලස්ස විජිතවිජයස්ස,
අනීඝස්ස සුසමචිත්තස්ස වුද්ධසීලස්ස සාධුපඤ්ඤස්ස,
වෙස්සන්තරස්ස විමලස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
අනීඝස්ස සුසමචිත්තස්ස වුද්ධසීලස්ස සාධුපඤ්ඤස්ස,
වෙස්සන්තරස්ස විමලස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
2. අකථංකථිස්ස තුසිතස්ස වන්තලොකාමිසස්ස මුදිතස්ස,
කතසමණස්ස මනුජස්ස අන්තිමසාරීරස්ස නරස්ස,
අනොපමස්ස විරජස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
කතසමණස්ස මනුජස්ස අන්තිමසාරීරස්ස නරස්ස,
අනොපමස්ස විරජස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
3. අසංසයස්ස කුලස්ස වෙනයිකස්ස සාරථිවරස්ස,
අනුත්තරස්ස රුචිරධම්මස්ස නික්කඞ්ඛස්ස පභාසකරස්ස,
මානච්ඡිදස්ස වීරස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
අනුත්තරස්ස රුචිරධම්මස්ස නික්කඞ්ඛස්ස පභාසකරස්ස,
මානච්ඡිදස්ස වීරස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
4. නිසභස්ස අප්පමෙය්යස්ස ගම්භීරස්ස මොනපත්තස්ස,
ඛෙමඞ්කරස්ස දෙවස්ස ධම්මට්ඨස්ස සංවුතත්තස්ස,
සඞ්ගාතිගස්ස මුත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
ඛෙමඞ්කරස්ස දෙවස්ස ධම්මට්ඨස්ස සංවුතත්තස්ස,
සඞ්ගාතිගස්ස මුත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
5. නාගස්ස පන්තසෙනස්ස ඛීණසංයොජනස්ස මුත්තස්ස,
පටිමන්තකස්ස ධොනස්ස පන්නද්ධජස්ස වීතරාගස්ස,
දන්තස්ස නිප්පපඤ්චස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
පටිමන්තකස්ස ධොනස්ස පන්නද්ධජස්ස වීතරාගස්ස,
දන්තස්ස නිප්පපඤ්චස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
6. ඉසිසත්තමස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්රහ්මපත්තස්ස,
නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස
විදිතවෙදස්ස,පුරින්දදස්ස සක්කස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස
විදිතවෙදස්ස,පුරින්දදස්ස සක්කස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
7. අරියස්ස භාවිතත්තස්ස පත්තිපත්තස්ස වෙය්යාකරණස්ස,
සතීමතො විපස්සිස්ස අනභිනතස්ස නො අපනතස්ස,
අනෙජස්ස වසිප්පත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
සතීමතො විපස්සිස්ස අනභිනතස්ස නො අපනතස්ස,
අනෙජස්ස වසිප්පත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
8. සම්මග්ගතස්ස ඣායිස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස,
අසිතස්ස අප්පහීනස්ස පවිවිත්තස්ස අග්ගපත්තස්ස,
තිණ්ණස්ස තාරයන්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
අසිතස්ස අප්පහීනස්ස පවිවිත්තස්ස අග්ගපත්තස්ස,
තිණ්ණස්ස තාරයන්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
9. සන්තස්ස භූරිපඤ්ඤස්ස මහාපඤ්ඤස්ස වීතලොභස්ස,
තථාගතස්ස සුගතස්ස අප්පටිපුග්ගලස්ස අසමස්ස;
විසාරදස්ස නිපුණස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
තථාගතස්ස සුගතස්ස අප්පටිපුග්ගලස්ස අසමස්ස;
විසාරදස්ස නිපුණස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
10. තණ්හච්ඡිදස්ස බුද්ධස්ස වීතධූමස්ස අනුපලිත්තස්ස,
ආහුණෙය්යස්ස යක්ඛස්ස උත්තමපුග්ගලස්ස අතුලස්ස,
මහතො යසග්ගපත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මී”ති.
ආහුණෙය්යස්ස යක්ඛස්ස උත්තමපුග්ගලස්ස අතුලස්ස,
මහතො යසග්ගපත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මී”ති.
කදා සඤ්ඤූළ්හා පන තෙ ගහපති ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණාති. සෙය්යථාපි භන්තෙ නානාපුප්ඵානං මහාපුප්ඵරාසි, තමෙනං දක්ඛො මාලාකාරො වා මාලාකාරන්තෙවාසී වා විචිත්තං මාලං ගන්ථෙය්ය. එවමෙව ඛො භන්තෙ සො භගවා අනෙකවණ්ණො අනෙකසතවණ්ණො කො හි භන්තෙ වණ්ණාරහස්ස වණ්ණං න කරිස්සතීති.
අථ ඛො නිගණ්ඨස්ස භගවතො සක්කාරං අසහමානස්ස තත්ථෙව උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ජීති.
උපාලිසුත්තං ඡට්ඨං.