බෝධිචර්යාවතාරය - ධර්මකීර්ති ශ්‍රී ධම්මානන්ද හිමි 1959.pdf

කතෘ :
ශාන්තිදේව හිමි
ප්‍රකාශිත වර්ෂය :
1959
මුද්‍රිත වර්ෂය :
1959
පිටු ගණන :
144
බාගත කිරීම් ගණන :
1,033
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-11-17
ගොනුවේ ප්‍රමාණය :
26 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 73

බෝධිචර්‍යාවතාරය යනු ක්‍රි.ව. 7 වන සියවසේ විසූ ශාන්තිදේවාචාර්යයන් (ශාන්තිදේව හිමි) විසින් සංස්කෘත බසින් රචිත ප්‍රකට මහායාන බෞද්ධ ග්‍රන්ථයකි. මෙහි බෝධිසත්ව චර්යාව හා බෝධිචිත්තය පිළිබඳ ගැඹුරු කරුණු ශ්ලෝක මඟින් විස්තර කෙරේ.

ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ ආරාධනය පරිදි, කොත්මලේ වටද්දර ඥානොදය පරිවේණාධිපති පුජ්‍ය පණ්ඩිත ත්‍රිපිටක වාගීශ්වර සිද්ධාන්ත විශාරද ධර්‍මකීර්ති ශ්‍රී ධම්මානන්දාභිධාන නායක මාහිමියන් විසින් සංස්කෘත මූල ශ්ලෝක සමඟ සිංහල අනුවාදය හා ‘ප්‍රමුදිතා’ නම් සිංහල භාවාර්ථ විවරණය සකස් කරන ලදී. මෙම කෘතිය සම්පාදනය කළ උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු පණ්ඩිත වටද්දර මෙධානන්ද හිමියන් විසින් සංශෝධන කටයුතු නිමවා මුද්‍රණය කරවා ඇත.

මෙහි පරිච්ඡේද 10ක් අන්තර්ගත වන අතර බෝධිචිත්තානුශංසා, පාපදේශනා, බෝධිචිත්ත පරිග්‍රහ, ක්‍ෂාන්ති, වීර්‍ය්‍ය, ධ්‍යාන, ප්‍රඥා පාරමිතා සහ බෝධි පරිණාමනා ආදී මාතෘකා විස්තර වේ. පොත 1959 දී (බු.ව. 2503) කොළඹ දෙවෙනි මරදානේ ඔරියන්ටල් යන්ත්‍රාලයේ මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.

ප්‍රස්තාවනා

බෝධිචර්‍යාවතාර

ලොවුතුරා විමුක්තිය (විමොක්‍ෂය) ලබා ගැනීමේ උපාය විධි පැවැසීමේ නානත්‍වය නිසා බුද්ධාගම හීනයාන (දක්‍ෂිණ) මහායාන (උත්තර) යයි සම්බුද්ධ පරිනිර්‍වාණයෙන් පසු දෙකඩව බෙදී ගිය පරිදි බෞද්ධ නිකායාන්තර සමීක්‍ෂණයෙන් පැහැදිලි වේ.

හීනයානිකයෝ තුන්තරා බෝධියෙන් එකකින් විමුක්තිය (නිවන) පසක් කිරීමට පතන අතර එයට පාලිය සාධක කොට ගැන්මට කැමති වෙති. හීනයානයට අයත් වෛභාෂිකයෝ (සර්‍වාස්තිවාදී ආදීහු) සකුම කැමති වෙති.

මහායානිකයෝ සම්‍යක් සම්බොධියම පතා බොධි සත්‍ව අවස්ථාව පසුකර සුඛාවති ආදියට පැමිණීමට කැමති වෙති. ඔවුහු සංස්කෘතය ප්‍රධාන සාධනය ලෙස සලකති.

ලංකා— සියම්— බුරුම— ආදි රටවල ප්‍රධාන වශයෙන් හීනයානය පැතිර ගිය අතර බුද්ධ පරිනිර්‍වාණයෙන් ගත වී සතරක් ගතවන තුරුවත් එය දඹදිව ථෙරවාදි නාමයෙන් පිහිටා නොසිටියේය. එහෙත් අෂ්ටාදශ නිකායයන් අතුරෙන් වෛභාෂිකාදි මත ථෙරවාදයනට ඇතුළත්ව යම් යම් වෙනස්කම් ඇතිව වෙන නිකායයන් ලෙස පැතිර ගියේවන.

දඹදිව ඇතිවි ග්‍රන්ථාන්තර - දේශාන්තර සම්බන්ධයන් නිසා පරිපෝෂිතවූ දාර්ශනිකවූ ද තාර්කිකවූ ද මත රාශියක් ඇතුළත් මහායානය (උත්තරයානය) චීන ටිබැට් මොන්ගෝලියාදි රටවලත් අප්‍රධාන වශයෙන් ලංකාව ආදි රටවලත් දේශාන්තර පර්‍ය්‍යාටකයන් හා ධර්‍ම දූතයන් නිසා දියුණුව පැතිර ගියේ වන දක්‍ෂිණ - උත්තර බුද්ධාගම යයි සඳහන්වූයේ දඹදිව මධ්‍යස්ථාන කොට ගෙන එය පැතිර ගිය දේශ භෙදය නිසා වේ.

මෙසේ බෞද්ධාගමය දෙශ විසින් හා නිකායාන්තර විසින්ද බෙදී ව්‍යාප්තව ගිය නමුත් විමොක්‍ෂ ධර්‍ම සත්‍ය, ප්‍රතිත්‍ය සමුත්පාද, ත්‍රීලක්‍ෂණාදිය පිළිබඳ ඔවුන්ගේ වෙනස්කම් ඇත්තේ සුළු වශයෙනි වුවත් ශික්‍ෂාවන් පිළිබඳව ඔවුන් අතර පැතිරී ගිය භෙද බොහෝ වූන. බුද්ධාගමේ නිකායාන්තර බහුලවීමේ ප්‍රධාන හේතුව ප්‍රතිපදා හෝ ශික්‍ෂා පිළිබඳ මත භෙද බව පැහැදිලි කරුණකි. බුද්ධාගමේ සඳහන් ප්‍රවචන පිළිබඳ උග්‍රවු භෙදයක් ඔවුන් අතර නොවු බව පෙනේ.

හීනයානය තුළ මහා යානයත් මහායානය තුළ හීනයානයත් ගැබ් නොවි ඒවා ශුද්ධ වශයෙන් වෙන් වෙන්ව පැවැත්මට කාලයක් පණ්ඩිතයනුත් අවකාශ නුදුන්හ. නොයෙක් ධර්‍ම ශාස්ත්‍රීය කෘති දේශාන්තර සම්බන්ධය යන කරුණු නිසා බෙහෙවින් මුසුව ගියේය.

එහෙයින් මුලික හීනයානික මත කවරහුද? මහායානික මත කවරහුදැයි අවධාරණය කිරීම අසීරු වූවකි. එය තන්ත්‍රානුකූලයක් මෙන් ජටාජටිතය. එය විචාර බුද්ධිමතුන්ගේ විචාරධාරා නැමති හණ ගලෙහි ලා බැලිය යුත්තකි.

ශ්‍රද්ධාවට වඩා විවේචනයට මෙහිලා වැඩිපුර ඉඩක් දිය යුතුය යනු මා පවසනුයේ එහෙයිනි ශ්‍රද්ධා විවේචන යන දෙකරුණි හීනයානික මහායානිකයන් ගුරුත්වයෙන් ගත් නිසා මේ පටලිල්ල උපදවූ බවට පත්විය.

බෝසත් වන්දනාව සහ බෝසතකුව සම්බොධිය ප්‍රාර්ථනා කිරීම හීනයානිකයන් අතරද පැතිර ගිය පරිදි පෙනේ. මහායානික සිද්ධාන්ත මෙහි පැතිර ගියේ සංස්කෘත භාෂාව මුලශ්‍රය කොටගෙන වේ. දඹදිව සංස්කෘත භාෂාව ප්‍රධානත්වය ලැබුවාක් මෙන්ම ලක්දිව මාගධිය (පාළි) ඒ ස්ථානයට පත්වූයේ බුද්ධාගම මෙහි පැමිණි මුල් සමයේ පටන්ය. සංස්කෘත භාෂාව ලක්දිව ඈත අතීතයේ සිටම ව්‍යවහාර වූයේ වුවද ථෙරවාදයේ බලපෑම නිසා එය ආගමික මුහුණුවරින් නොව ශාස්ත්‍රීය මුහුණුවරින් මෙහි ප්‍රචාරිත විය.

වෛද්‍ය - ජ්‍යොතිෂ - වාස්තු විද්‍යා - රාජනීති යනාදිය සම්බන්ධයෙන් සංස්කෘතය ක්‍රිස්තු වර්ෂ ආරම්භයෙන් පළමුව පවා මෙහි පැතිර පැවති බවට සාධක ප්‍රකටවම නැතිවුවත් අනුමිතියෙන් ප්‍රමාණ කට හැකිය.

දඹදිව නොයෙක් නිකායන්ගේ ප්‍රභවයෙන් උද්භූත වූ මහායානය ලක්දිවට සම්ප්‍රාප්ත වූ කාලය ව්‍යවහාරතිස්ස සමය වශයෙන් (ක්‍රි: ව: 209) නිශ්චයෙන්ම පිළිගත නොහේ. මහාවංශයේ සඳහන් පරිදි නම් වෛතුල්‍යවාදය පැතිර ගත්තේ ඒ රජුගේ කාලයේදීය වෛතුල්‍ය වාදය නාමයෙන් මෙහි සඳහන් වනුයේ එනමින් ප්‍රකට එක් නිකායයක් නොව ථෙර මතයට විරුද්ධව නැගී ගිය මිකාන්තර නිපයකි. කාලාශොක සමයේ වජ්ජී පුත්තකයන් දශ වස්තු පිළිගැනීම නිසා භික්‍ෂු ශාසනය ථෙරවාදී - මහාසාංඝික යයි ප්‍රධාන කොටස් දෙකකට බෙදුනි.

විනය ශික්‍ෂාවන් පිළිබඳ මතභෙද මේ භෙදයට හේතුවූ බැව් කියති.1

(1) 1. සිංගිලෝණ කප්ප:— ලුණු හිඟ කල අහක ලුණු ලා පවිච්චිය කැපය. 2. ද්වඟුල කප්ප:— ඉර බැස ද්වඟුලක් දික්වන තුරු අහර වැළඳීම කැපය. 3. ගාමන්තර කප්ප:— අහර පවරා වෙනත් ගමකට යන්ට සැරසී ඉතිරි අහර වැළඳීම කැපය. 4. ආවාස කප්ප:— සමාන සීමාවක් ඇති ආවාස වල භික්‍ෂූන් විසින් වෙන් වෙන්ව පොහොය කිරීම කැපය. 5. අනුමති කප්ප:— පමාව පැමිණෙන භික්‍ෂූන්ගේ ඡන්දය පසුව ලබා ගන්නා අදහසින් පැමිණි සංඝයා විසින් සඳ නොගෙන සංඝ කර්‍ම කිරීම කැපය. 6. ආචිණ්ණ කප්ප:— පැරණි උවදෑ ඇදුරන් කළ දේ තමා විසින්ද කිරීම කැපය. 7. අමථිත කප්ප:— අහර වලඳා පවරා මිදීමට ආසන්න කිරි බීම කැපය. 8. ජලොගි කප්ප:— රා නොවු මීරා බීම කැපය. 9. අදසක නිසීදනං:— දවළු රහිත හිඳිනා ඇතිරිලි කැපය. 10. ජාතරූප රජත කප්ප:— රන් රිදී මසු පිළිගැනීම කැපය, යන දශයයි.

මෙසේ වෙන්වීමේ හේතුව මහාදේව ස්ථවිරයන් විසින් නිපදවූ මත භෙද පසකැයි2 ඇතැම්හු කියත්. කෙසේ හෝ මේ ධර්‍ම විනය මතභෙද නිසා කාලාසොක රජුගේ උපකාරයෙන් විශාලා මහනුවරදී රැස්වූ සත්සියයක් රහතුන් ඉපැදවූ ධර්‍මය පැරණි කල පටන් එන ථෙරවාදය ලෙසත් වජ්ජීපුත්තක භික්‍ෂූන් උපදවූ දස දහසක් විසින් නිශ්චිතවාදය මහා සාංඝික ලෙසත් විතිය ශතවර්‍ෂයේදී ව්‍යවහාරප්‍රාප්ත විය. ඉක්බිති ශතවර්‍ෂයේදී ථෙරවාදීන්ගෙන් වාද ප්‍රතිවාද එකොළොසකුත් මහා සාංඝිකයන්ගෙන් පසකුත් බෙදී මුල් නිකාය දෙකත් සමග අටළොසක් විය.3

බුද්ධ වර්‍ෂ 235 පමණෙහිදී අශොක මහ නරපති තුමන්ගේ උපකාර ඇතිව තෘතිය සඞ්ගායනාව පවත්වන ලද්දේ මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේගේ ප්‍රධානත්‍වයෙන් පැළලුප් නුවර අශොකාරාමයේදී ය. මින්පසු හෙමවතාදි නිකාය සයක් පහළවු අතර ශ්‍රී බුද්ධ වර්‍ෂ 236 වන වර්‍ෂයේදී ලක්දිව බුදුසසුන මහින්‍ද මහරහතුන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජුගේ උපකාරයෙන් මෙහි පිහිටුවන ලදී.

ඒ ථෙරීය නිකාය ලක්දිව සමෘද්ධ අවස්ථාවයි. එයද වැඩි කලක් අවිහිතව නොපැවතුනි. ශ්‍රී බුද්ධ වර්‍ෂ 454 පමණෙහිදී අභයගිරිය වළගම්බා රජු සමයේදීත් ක්‍රි: ව: 795 පමණෙහිදී මහසෙන් රජු දවස ජෙතවන නිකායත් ලක්දිව ඇති වූයේය.

මේ නිකාය දෙක ධර්‍ම රුචි - සාගලික යන නාමයන්ගෙන් හඳුන්වන ලදී. දඹදිව සූවිසි නිකායයන් සහ ලක්දිව අටුවා සමය තෙක් නිකාය තුනක්ද ඇති වීමෙන් ඒ ඒ නිකායාන්තර මත ව්‍යක්ත කිරීමෙන් නා නා විධ ග්‍රන්‍ථ නිපදවන ලදී. ඒ සම්බන්ධ තොරතුරු නිකාය සඞ්ග්‍රහ සද්ධර්‍මරත්නාකර භාරතීය බෞද්ධාචාර්‍ය්‍යයෝ (පො: ශ්‍රී බුද්ධදත්ත නාහිමි) යන ග්‍රන්‍ථවල සඳහන් කොට තිබේ.

තෘතිය ධර්ම සංගීතියෙන් පසු හෙවත් ධර්‍මාශොක කාලයෙන් පසු දඹදිව ප්‍රබල අධිරාජ්‍යයා වූයේ කණිෂ්කය. මොහුගේ රාජධානිය වූයේ පුරුෂපුර (පැෂාවෝර්) යයි. මොහුගේ අධිරාජ්‍යය ධර්‍මාශොක අධිරාජ්‍යයටත් වඩා විශාල වියයි ඇතැමුන්ගේ මතයයි. මොහුගේ රාජ්‍ය කාලය ක්‍රි: ව: 120-162 අතර විය. පාර්ශ්ව නමින් ප්‍රසිද්ධ මහා ස්ථවිරයන් වහන්සේ මෙහුගේ ආචාර්ය වරයා වූහ. මේ කාලයේ නොයෙක් නිකාය වලට අයත් භික්‍ෂූහු බොහෝවූ අතර ඔවුන්ගේ ධර්‍ම විවේචනයද නන් අයුරින් විය. තථාගත ධර්‍මයෙහි පැහැද ගිය රජතුමා එය සමිත් කරණු පිණිසත් ධර්‍මය විරෝධායි කරණු පිණිසත් ධර්‍ම සංගීතියක් පවත්වන ලදී. ඊට තෝරාගත් භික්‍ෂූහු පන්සියයක් සහභාගි වූහ. වසුමිත්‍ර, අශ්වඝොෂ නාගාර්ජුන ආදි බුද්ධිමත් මහා ස්ථවිරයන් ඇතුළුව සාර මසක් තුළ පැවැත්වූ මේ සාඞ්ගීතියේ ප්‍රමුඛාසනය උසුලන ලද්දේ සුප්‍රසිද්ධ පාර්ශ්ව ස්ථවිරයන් වහන්සේය. උපදෙශ ශාස්ත්‍රය- විනය විභාෂා ශාස්ත්‍රය- අභිධර්‍ම

(2) රහතුන් අතින් පව් සිදුවේ. 2. රහත් නමක් තමා රහත් යයි නොදැන සිටිය නොහැකිය. 3. රහතුන්ට ධර්‍ම විචිකිච්ඡා පහළ විය හැක. 4. ගුරුවරයකු නැතිව රහත් විය හැකිය. 5. අහෝ දුකකි යනාදීන් භාවනාවේ යෙදී සිටින්නෙකුට අභිමතය සිදුකර ගත හැක. යන පසයි. (3) මහාවංස:— නිකාය සංග්‍රහ භාරතීය බෞද්ධාචාර්‍ය්‍යයෝ සද්ධර්‍මරත්නාකර ලක්දිව මහායාන අදහස් යන මේ ග්‍රන්ථවල මේ ගැන විස්තර ඇතුළති.

විභාෂා යන ග්‍රන්ථ මේ නිසා පහළව ගිය ග්‍රන්ථයෝයි. මේ මහා සාඞ්ගීතිය නිසා මහායාන ධර්‍මයේ උද්භූතිය බුද්ධ ධර්‍මය පිළිබඳ නව උද්‍යොගය දෙශාන්තර වාසී භික්‍ෂූන්ගේ සම්බන්ධය යනාදී ප්‍රධාන ප්‍රතිඵල ඇතිවිය. ථෙරවාදීන්ගෙන් හීනනව ගිය නිකායයන්ගේද සෙසු නිකායයන්ගේද සම්බන්ධය නිසා ඇතිවු මහායානය ඉන්පසු ලෝකයේ එනමින් ප්‍රචලිත විය. මහාකවි අශ්වඝොෂයන් විසින් මහායාන ශ්‍රද්ධොත්පාද මූල සුත්‍රය ලියන ලද්දේද මෙ සමයෙහිමය.

මහායානය මේ කාලයේදී බෙහෙවින් පැතිර ගියේය. මෙහි මුලික ධර්‍ම පසු කාලයෙහි නන් අයුරින් වෙනස් වෙමින් නා නා සම්ප්‍රදායන් හා සම්මිශ්‍රනය වෙමින් බුද්ධතත්‍වය පවා නොයෙක් අයුරින් වෙනස්කොට දැක්වුහ. ආදි බුද්ධ - බුද්ධ - ධ්‍යානී බුද්ධ අපරිමිත බෝධිසත්‍ව වරුද මවා පා ස්වභාවතියද නිර්‍මාණ කළහ. අමිතාභ බුදුහු සුඛාවතියෙහි සියළු සතුන් නිවන් දකින තුරු වසන බවද පැවැසුහ. මඤ්ජුශ්‍රී අවලොකිතෙශ්වර සමන්තභද්‍ර - මෛත්‍රෙය ආදීහු ඔවුන් අදහන ශ්‍රෙෂ්ඨ බෝධිසත්‍ව වරු වූහ. ශූන්‍යතාවාදය ඇතිවූයේද මෙයිනි. මේ වාදයන් සනාථ කරණු පිණිස සංස්කෘතයෙන් නොයෙක් සූත්‍රද රචනා කළහ. ථෙරවාදගත ත්‍රියානය වඩා බුද්ධයානයම ශ්‍රෙෂ්ඨකොට දැක්වු මෙහි වජ්‍රයාන - තන්ත්‍රයාන ආදියද ඇතුළත් කොට ගත්හ. මේ ග්‍රන්ථයෙහි උසස් ලෙස වර්‍ණනා කරන බෝධි චිත්තයත් ප්‍රථම ශ්ලොකයෙහි සඳහන් ත්‍රිකාය ප්‍රජ්නයත් ඇතිවුයේද මෙයිනි.

බෝධිචිත්තය උසස් වශයෙන් වර්‍ණනා කරණලද බෝධිචර්‍යාවතාරය සත්වන ශත වර්‍ෂයේ ක්‍රි: ව: 691-743 පමණ සෞරාෂ්ට්‍ර දෙශයේ විසූ (ගුජරාට්) මහායාන මත පිළිගත් ශ්‍රීමත් ශාන්ති දේවාචාරීන් විසින් විරචිත වූවකි. මේ ශ්‍රෙෂ්ඨ කිවිසුරාණෝ උපතින් රාජවංශයට අයත් වූ කෙනෙකි. සෞරාෂ්ට්‍රාධිපති කල්‍යාණ වර්‍මන් නිරිඳුට ශාන්තිවර්‍මන් නමින් පුතෙක් විය. ඔහු බාල කල්හිම නොයෙක් ශිල්ප ශාස්ත්‍රයන් හදාරා ධ්‍යාන විධි ඉගෙන මඤ්ජුශ්‍රී බෝසතුන් පහදවා ගනි. පිය රජුගේ ඇවෑමෙන් රජ තනතුරැ ලත් ශාන්තිවර්‍මන් බෝධි සත්‍ව ප්‍රසාදයෙන් නාලන්දාවේ ශ්‍රී ජයදේවාචාරීන් වෙත පැමිණ පැවිදි විය. ශාන්තිදේව නාමය ලැබුවේ ඉන් පසුවය. පැවිදිව ධර්‍මය ඉගෙනීම ලත් ඔහු පසුව සුප්‍රසිද්ධ ග්‍රන්ථ රචකයෙක් ලෙස ද ප්‍රසිද්ධ විය. මෙතුමන් විසින් නිමි ප්‍රසිද්ධ ග්‍රන්ථ තුනකි. ශික්‍ෂාසමුච්චය, සූත්‍ර සමුච්චය බෝධිචර්‍ය්‍යාවතාරය යනු ඒ ග්‍රන්ථයෝයි. ඉන් ශික්‍ෂා සමුච්චය කාරිකා සත් විස්සකින් නිමි විශාල ග්‍රන්ථයකි. බෝධිචර්‍යාවතාරය වනාහි එතුමන්ගේ උසස් කෘතිය ලෙස සලකන්නේ එහි ගැබ්වී ඇති උසස් නිවහල් අදහස් නිසාය. බෝධිචිත්තය පිළිබඳවූ මහත්ම ශක්තියකින් නිමි මේ ග්‍රන්ථය ශ්ලොක දහසකින් යුක්තයයි කියන නමුත් දැනට ශෙෂව පවත්නා බෝධිචර්‍යාවතාරය එපමණ නොවන බැව් පෙනේ.

ආචාර්‍ය්‍ය ප්‍රඥා කරමතීන් විසින් මේ සඳහා ලියන ලද පඤ්ජිකා ග්‍රන්ථය ඉතා වැදගත් කොට සලකනු ලැබේ. ශ්‍රී මහා පණ්ඩිත නමින් ප්‍රකටවූ ප්‍රඥාකරමති මහා ස්ථවිරයාණෝ දසවන ශතවර්‍ෂයේ ජීවත්වූ දඹදිව වික්‍රමශිලා විශ්වවිද්‍යාලයේ ද්වාර පණ්ඩිතයන් අතුරෙන් කෙනෙක් වූහ.

මෙසේ උසස් පරිවාර ග්‍රන්ථයන්ගෙන් ආලෝකවත්වූ බෝධිචිත්තයෙහි උතුම් බව පවසා රචිත බෝධිචර්‍ය්‍යාවතාරය ප්‍රාචීනභාෂෝපකාර සමිතියේ ආරාධනය පරිදි දැනට වසකට පෙර අපවත්වී වදාළ අස්මදාචාර්ය කොත්මලේ ඥානොදය පරිවෙණාධිපති ත්‍රිපිටක වාගීශ්වර සිද්ධාන්ත විශාරද ධර්‍මකීර්ති ශ්‍රී ධම්මානන්‍දාභිධාන නායක මාහිමියන් වහන්සේ විසින් සංශෝධන ප්‍රතීකාව සිංහල භාවය සහිතව ලියා නිමකොට ඒ සංගමයට පවරන ලදී. එහෙත් එකී පොත මුද්‍රණය කිරීමේදී උන්වහන්සේට එකම ශොධන පත්‍රයක් වත් බැලීමට අවස්ථාවක් සැලසුනේ නැත. ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ නියමය පරිදි එහි සංශෝධනය (Proof) පත්‍ර බැලීමේදී ආචාර්ය්‍යපාද වහන්සේගේ පිටපතම බැලීම මිස එහි වෙනසක් මා විසින් නොකරන ලදී. පැමිණි අපහසුකම් නිසා මේ ග්‍රන්ථයේ වැඩ ස්වල්පයක් ප්‍රමාදවූයේ ප්‍රාචීන භාෂොපකාර සමිතියේ හෝ මෙය මුද්‍රණය කළ යන්ත්‍රාලයාධිකාරීන්ගේ හෝ පමාවෙන් නොවන බැව් විශේෂයෙන් මතක් කළ යුතුව තිබේ.

මේ ග්‍රන්ථය සැපයූ අස්මදාචාර්ය්‍යපාදයන් වහන්සේට නිවන් සැප අත්වේවා

මෙය මුද්‍රණය කරවූ ප්‍රාචීන භාෂොපකාර සමිතියත්, මුද්‍රණ කාර්ය්‍ය සිදුකළ ඔරියන්ටල් යන්ත්‍රාලයත් ශාස්ත්‍රාරම්භීන්ගේ ප්‍රසංසාවට ලක්විය යුතු බව පවසමි.

වටද්දර මෙධානන්ද ස්ථවිර

ශ්‍රී ධර්‍මාශ්‍රමය, 124, වේළුවන පෙදෙස, කොළඹ 9.

වටද්දර මෙධානන්ද ස්ථවිර
ශ්‍රී ධර්‍මාශ්‍රමය,
124, වේළුවන පෙදෙස, කොළඹ 9.