බෝධිචර්යාවතාරය - මොරටුවේ සාසනරතන හිමි 1966.pdf
- කතෘ :
- ශාන්තිදේව හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1966
- මුද්රිත වර්ෂය :
- 1966
- පිටු ගණන :
- 566
- බාගත කිරීම් ගණන :
- 1,313
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2022-11-17
- ගොනුවේ ප්රමාණය :
- 132 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ආචාර්ය ශාන්තිදේවයන් වහන්සේ විසින් සංස්කෘත බසින් රචිත මහායාන බෞද්ධ මූල ග්රන්ථයක් වන බෝධිචර්යාවතාරය, විද්යාලංකාර විශ්වවිද්යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්ය පණ්ඩිත මොරටුවේ සාසනරතන ස්ථවිරයන් විසින් සිංහල පරිවර්තනය හා විස්තර සහිතව සකස් කරන ලද සංස්කරණයකි.
මෙම කෘතියේ බෝධිසත්ව චර්යාව විග්රහ කෙරෙන පරිච්ඡේද දහයම මූල ගාථා සහ ඒවායේ අර්ථ විවරණ සහිතව අන්තර්ගත වන අතර ඊට අමතරව ආශ්රිත ග්රන්ථ නාමාවලියක්, පරිශිෂ්ට, ශික්ෂා සමුච්චය කාරිකා සහ භාවය, බෝධිචර්යාවතාර මූල සූත්ර හා විවිධ සූචි ඇතුළත් වේ.
- බොධිචිත්තානුශංසා, පාපදේශනා, බොධිචිත්තපරිග්රහ, බොධිචිත්තාප්රමාද
- සම්ප්රජන්ය රක්ෂා, ක්ෂාන්තිපාරමිතා, වීර්යපාරමිතා
- ධ්යාන පාරමිතා, ප්රඥාපාරමිතා, පරිණාමනා
පානදුරේ පී. ජේ. රුද්රිගෝ මහතාගේ ප්රකාශනයක් ලෙස 1966 දී කොළඹ අතුල මුද්රණාලයේ මුද්රණය කර ඇත.
විඥප්ති
ආචාර්ය්ය ශාන්තිදෙවපාදයන්ගේ බොධිචය්යාවතාරය සකස් කොට මුද්රණය කරවන්නට ලැබීම උගත් ලෝකයාගේ සතුට පිණිස වේයයි සිතමි. මෙහි මුල් පිටපත සකස් කිරීම තරමක් දුෂ්කර විය. එහි දී බොධිචය්යාවතාරය පිළිබඳව දැනට මුද්රණය වී ඇති හැම සංස්කරණයක්ම ඉවසීමෙන් යුතුව සසඳා බැලීමි. සමහර සංස්කරණවල බොහෝ පද්ය අඩු පාඩුව පැවැතිණි. මිථිලා විද්යාපීඨයේ සංස්කරණය මට බෙහෙවින් උපකාර විය. විද්යාලංකාර විශ්ව විද්යාලයේ සංස්කෘත මහාචාර්ය්ය ශාන්ති භික්ෂු ශාස්ත්රී මහතුන් ගේ සංස්කරණය ද මම ප්රමාණකර ගතිමි. කල්කතාවේ ආසියාතික සමිතියේ සංස්කරණය මගේ දුෂ්කරතාවන් ලිහිල් කළේ ය.
බොධිචය්යාවතාරය ආශ්රයයෙන් මා ලියූ නිබන්ධනය කොතරම් සාර්ථක ද? යනු මම නො දනිමි. මගේ අවිවේකයත්, නො දැනුම්කමත් නිසා යම් යම් ප්රමාද දොෂ මෙහි ඇතිබව ස්ථිරවම කියනු හැකිය. එබඳු තන්හි සුධීහු කමත්වැ.
මෙහි මුල් පිටුවේ චිත්රය ඇඳදුන් ගරු පණ්ඩිත කුඩා වැල්ලේ ධීරනන්ද ස්ථවිරයන් වහන්සේ කෙරෙහි මම කෘතඥ වන්නෙමි.
මොරටුවේ සාසනරතන
පානදුරේ, රන්කොත් විහාරයේ දී ය
2510
1966 ජූලි 20.