සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමග 2 - කුඩාවේ පේමාලෝක හිමි 2010.pdf

කතෘ :
මහින්ද අමුගොඩ, රංජනී දෙද්දුවකුමාර
ප්‍රකාශිත වර්ෂය :
2017
මුද්‍රිත වර්ෂය :
2017
පිටු ගණන :
139
බාගත කිරීම් ගණන :
5,193
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-09-01
ගොනුවේ ප්‍රමාණය :
30 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 70

සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමග 2 (චතුරාර්ය සත්‍ය ධර්මය) කෘතිය මහින්ද අමුගොඩ සහ රංජනී දෙද්දුවකුමාර දෙපල විසින් සම්පාදනය කරන ලද්දකි. සිරිපා අඩවියේ වනගතව වැඩවසන යෝගී ස්වාමීන් වහන්සේ නමක විසින් දේශනා කරන ලද චතුරාර්ය සත්‍යය ධර්ම කරුණු මෙහි සරලව විස්තර කර ඇත.

සම්පාදකයන් සඳහන් කරන පරිදි, මෙම දෙවන වෙළුමෙන් දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය විග්‍රහ කර ඇති අතර සෝවාන් ආදී මාර්ගඵල අවබෝධයට උපකාරී වන කරුණු රැසක් ද ඇතුළත් කර තිබේ. තලහගම නාරද හිමියන් විසින් මේ සඳහා පෙරවදන සපයා ඇත.

පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා:

  • චතුරාර්ය සත්‍යය ධර්මය
  • සිරිපා හිමේ සදහම් ආලෝකය
  • දුක ස්වභාව හතරකින්
  • ගිනි ගෙන දැවෙන ලෝකය
  • විපරීනාම දුක හා බ්‍රහ්ම ලෝකය
  • දුක්ඛ සමුදය, නිරෝධ හා නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය

හඳුන්වාදීම

සිරිපා අඩවියේ අප්‍රකටව වැඩ වසන යෝගී ස්වාමීන් වහන්සේ පිළිබඳ තොරතුරු සමග සදහම් කරුණු රැගත් “සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමග” ග්‍රන්ථය කියවූ බොහෝ දෙනා දෙවෙනි ග්‍රන්ථය පිළිබඳව නිතරම විමසන්නට විය. නමුත් උන් වහන්සේ මුණ ගැසීමට තියෙන අවස්ථාව මාසයකට දවසක් බැවින් ඒ සඳහා බොහෝ කල් ගත වුණි. මේ මොහොත වන විටත් උන් වහන්සේ ඈත හිමේ ඝන වනාන්තරේ වෙනත් ගල් ලෙනක හුදෙකලාවේ කෙළෙස් සටනින් ජය ගැනීමට වෙර වීර්යය වඩනවා ඇති.

මෙම සදහම් ග්‍රන්ථයේ සඳහන් වන්නේ උන් වහන්සේ විසින් කිහිප අවස්ථාවකදී චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව කරන ලද දේශනා වල එකතුවකි. අපගේ ඉල්ලීම පරිදි ඉමහත් කරුණාවෙන් යුතුව චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව අපට පහදාදුන් පූජනීය ස්වාමීන් වහන්සේට මේ සියළු කුසල් අත් වේවා. උතුම් නිර්වාන අවබෝධය පිණිසම මේ සියළු කුසල් උපනිශ්‍රය වේවා.

සිරිපාදේ ස්වාමීන් වහන්සේ මුණ ගැසීමේ භාග්‍යය අපට උදා කර දුන් අකුරැස්සේ තලගහගම නාරද ස්වාමීන් වහන්සේ මෙම සදහම් ග්‍රන්ථයට වටිනා පෙර වදනක් සකස් කර දෙමින් අපව බොහෝ දිරිමත් කළහ. උන් වහන්සේට මේ සියළු කුසල් අත් වේවා. මේ ජීවිතයේදීම සංසාර දුකින් අත් මිදේවා.

පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයේ විහාරාධිපති කලල්ඇල්ලේ සුනන්ද ස්වාමීන් වහන්සේගේ කාරුණික සහයෝගය අපට බොහෝ උපකාරී වූහ. උන් වහන්සේට මේ පින් අත්වේවා. මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා.

ධර්ම මාර්ගයේ ගමන් කිරීම පිණිස අපට අනුශාසන දෙමින් මඟ පෙන්වන අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මේ සියළු කුසල් අත්වේවා. මේ ජීවිතයේ දී ම සංසාර දුකින් අත් මිදේවා. අපගේ දෙමව්පියන්ටද නිර්වාන අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා.

ධර්ම දානමය කුසල චේතනාවෙන් යුතුව මුද්‍රණ වියදම් දැරූ සියළුම පින්වතුන්ටත් සියළුම කළ්‍යාන මිත්‍රයන්ටත්, තරංජී ප්‍රින්ටර්ස් ආයතනයේ අධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ පින් අත් වේවා. මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා. මෙම සදහම් ග්‍රන්ථය ඔබ සැමට කළණ මිතුරෙක් වේවා!

තෙරුවන් සරණයි!

මහින්ද අමුගොඩ
රංජනී දෙද්දුවකුමාර
2010/05/27

පෙරවදනක්

යෝ ධම්මං පස්සති සො මං පස්සති

අදහස : යමෙක් මා දේශනා කරන ලද ධර්මය දකී නම් හේ මා කවුරුන්දැයි මනා කොට දැක ගනී.

සිරිපා වනයේ යෝගීව වැඩ වසන ස්වාමීන් වහන්සේ වසර ගණනාවකට පෙර සිටම අප බොහෝම හොඳින් දන්නා හඳුනන හිමි නමකි. අප ද විටින් විට සිරිපා වනයට ගොස් උන් වහන්සේ ඇසුරු කරන්නෙමු.

කළ්‍යාණ මිත්‍ර මහින්ද අමුගොඩ මහත්මා සහ රංජනී දෙද්දුවකුමාර මහත්මිය සිරිපාදෙ ස්වාමීන් වහන්සේ සමීපව ඇසුරු කරන දෙපලකි. මනා වූ ධර්ම ඥාණයක් ඇති සිරිපා වනයේ ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සකස් කරන ලද චතුරාර්ය සත්‍යය නැමති මෙම ධර්ම ග්‍රන්ථයට පෙර වදනක් ලිවීමට ලැබීම සතුටට කරුණකි.

ජීවිතය සැනසිලි දායක වන්නේ සැනසීම උදාකරන ධර්මයක් මුණ ගැසීමෙනි. වර්තමාන මානව වංශ කතාවේ අතිශයින්ම සුන්දර වූ සැනසිලි දායක වූ ධර්මයක් අපට පෙන්වා දී තිබෙන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේ විසිනි. බුද්ධ වර්ෂයෙන් 26 වෙනි සියවස ගෙවී යන මේ යුගයේ පිරිසිදු බුදු දහම ව්‍යවහාරික සමාජයෙන් සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තකි.

එවැනි යුගයක මහින්ද අමුගොඩ මහත්මා සහ රංජනී දෙද්දුවකුමාර මහත්මිය විසින් සකස් කරන ලද මෙම සදහම් පුස්තකය අඳුරේ සිටින ඇස් ඇති අයට රූප දැකීම පිණිස තෙල් පහන් දැල් වූවා සේය. මං මුලා වූවනට හරි මඟ පෙන්වන්නා සේය.

මාර්ග ඵල අවබෝධය පිළිබඳව විවරණයක් සඳහන් වෙන මෙම අගනා ග්‍රන්ථයෙහි සෝතාපන්න වීමේ වටිනාකම, මාර්ග ඵල අවබෝධයට හේතුවෙන අංග, ආර්යය අෂ්ඨාංගික මාර්ගය ගැන විවරණ, සෝවාන් මාර්ගයේදී ප්‍රහාණය වෙන සංයෝජන ධර්ම ආදී දත යුතු ධර්මතා රාශියක් ඇතුලත් වෙයි. මෙම අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කළ මහින්ද අමුගොඩ මහත්මාට සහ රංජනී දෙද්දුවකුමාර මහත්මියට සද්ගුණ සාධූන්ගේ ආශිර්වාදය ඒකාන්තයෙන්ම පිරිනැමිය යුතුය. රත්නත්‍රය සතු අසීමිත ගුණානුභාව බලයෙන් එම දෙපලට තව තවත් ධර්ම ප්‍රචාරක කටයුතු කිරීම පිණිසම අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. ධර්ම ඥාණය, භාවනා ඥාණය මුදුන් පත් වේවා. සියළු සංකල්පනා සමෘද්ධ වේවා. චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා.

සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා මෙයට ලෝක සාසන අභිවෘද්ධිය කැමති

තලහගම නාරද හිමි.
2010 / 05 / 27