සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමග 1 - කුඩාවේ පේමාලෝක හිමි 2008.pdf
- කතෘ :
- මහින්ද අමුගොඩ
- ප්රකාශිත වර්ෂය :
- 2018
- මුද්රිත වර්ෂය :
- 2018
- පිටු ගණන :
- 105
- බාගත කිරීම් ගණන :
- 12,489
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2022-09-01
- ගොනුවේ ප්රමාණය :
- 28 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමග කෘතිය මහින්ද අමුගොඩ සහ රංජනී දෙද්දුවකුමාර විසින් සම්පාදිත ප්රායෝගික ධර්ම හා භාවනා උපදෙස් ඇතුළත් කෘතියකි. සිරිපා අඩවියේ විසි වසරකට අධික කාලයක් වනගත ව ගල් ලෙන් ඇසුරේ වැඩවාසය කරන අප්රකට යෝගාවචර භික්ෂූන් වහන්සේ නමක් ඇසුරෙන් ලබාගත් ධර්ම සාකච්ඡා සහ උන්වහන්සේගේ වනගත අත්දැකීම් මෙම කෘතියට පාදක වී ඇත.
මෙහි ලොව්තුරු මග, විදර්ශනා ඥාන, නිවන් දැකීමේ ක්රම, කසින භාවනාව, අමනුෂ්ය අත්දැකීම් සහ චතුරාර්ය සත්ය අවබෝධය ආදී ගැඹුරු දහම් කරුණු සරල ප්රශ්නෝත්තර හා සංවාද ස්වරූපයෙන් විස්තර කර ඇත.
- සිරිපා වනයෙන් ඇද හැලෙන දහම් ගඟුල
- ලොව්තුරු මග
- දුක් නො වන දෙයක් නෑ
- ගිනි මැද ගිනි වලින් දැවීම
- කඳු මුදුනේ අකුණකට මැදි වී
- බුදු රුව තුළින් කසින භාවනාව
- සිය වසක දිවිය
- අමනුෂ්යයන් සමග
- අවසන් දිනය
මෙම පිටපත 2018 වර්ෂයේ නිකුත් වූ හයවන මුද්රණය වන අතර, මුද්රණය තරංජී ප්රින්ටර්ස් (මහරගම) ආයතනය මගින් සිදු කර ඇත.
හඳුන්වාදීම
සිරිපා අඩවියේ වැඩවසන අප්රකට යෝගීන් පිළිබඳව කලාතුරකින් මෙන් පුවත් පතක පළවෙන පුංචි ලිපියකින් අපට දැනගන්න ලැබේ. මීට වසර කිහිපයකට පෙර “සිරිපා අඩවියේ අහසේ පාවෙන භික්ෂුව” නමින් පුවත් පතක පළ වූ කෙටි ලිපියක සඳහන් වූයේ අවාරයේ සිරිපා මළුවේ සේවය කරන මුරකරුගේ පුතා මුහුණ දුන් විශ්මිත සිද්ධියකි.
අපට මුණ ගැසුණු මෙම අප්රකට යෝගාවචර ස්වාමීන් වහන්සේ දැනට අවුරුදු විස්සක පමණ කාලයක සිට සිරිපා අඩවියේ ම ගත කර යි. එක ගල් ලෙනක දීර්ඝ කාලයක් වැඩ නො සිටින උන් වහන්සේ කාලයෙන් කාලයට නොයෙක් ගල් ලෙන් කරා වැඩම කර යි. මෙම සදහම් ග්රන්ථයේ සඳහන් වෙන්නේ අප විසින් එම ස්වාමීන් වහන්සේ සමග පවත්වන ලද සදහම් පිළිසඳරේ දී ගොනු කර ගත් දහම් කරුණු ය. සිරිපා වනයේ දී උන් වහන්සේ විසින් අත්විඳි සිදුවීම් කිහිපයකින් ද මෙම ග්රන්ථය සකස් වෙයි. මෙයින් ලද සියලු කුසල් උන් වහන්සේට අනුමෝදන් වේවා. ඒ අමා නිවන් සුව බොහෝ දුර නො වේවා.!
මෙම දුර්ලභ වූ භාග්ය උදා කර ගැනීම සඳහා උපකාර කළ ගෞරවනීය අකුරැස්සේ නාරද ස්වාමීන් වහන්සේට මේ පින් අත්වේවා. මේ ජීවිතයේ දී ම සසර දුකින් අත්මිදේවා. ගෞරවනීය දොළොස්වල උදිතධීර හිමියන් විසින් රචිත “බුද්ධිමතුන් යා යුතු මග” නම් වූ ග්රන්ථ මාලාව කිසිම ආර්ථික වාසියක් හෝ වෙනත් කිසිම පුද්ගලික වාසියකින් තොරව ධර්ම දානමය උතුම් චේතනාවෙන් යුතුව ම සකස් කොට ඉදිරිපත් කළෙමු. එයින් ලද ප්රායෝගික දැනුම මෙසේ පොතක් සකස් කිරීමේ දී මහෝපකාරී විය. උන් වහන්සේට මේ පින් අත්වේවා. මේ ජීවිතයේදී ම චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ වේවා.!
මේ ධර්ම මාර්ගයේ දී මුණගැසුණු සියලු ම කල්යාණ මිත්රයන්ට මේ පින් අත්වේවා. ඔවුන් සියලු දෙනාට ම මේ ශ්රී සද්ධර්මය ම අවබෝධ වේවා. අපගේ දෙමාපියන්ට ද නිර්වාණ අවබෝධය පිණිස ම මේ පින හේතු වේවා.!
මේ සදහම් ග්රන්ථය මුද්රණ ද්වාරයෙන් සැදැහැවත් ඔබ අතට පත් කිරීම සඳහා උදව් උපකාර කළ සියලු ම පින්වතුන්ට ජීවිතාවබෝධය පිණිස මේ පින හේතු වේවා. මෙම සදහම් ග්රන්ථය ඔබ සැමට කළ්යාණ මිතුරෙක් වේවා.!
මහින්ද අමුගොඩ
රංජනී දෙද්දුවකුමාර
2007.09.26
දු. ක. 011 3074398
072 3321628