බුදුන් වදාළ ධර්මය - වල්පොළ රාහුල හිමි 1964.pdf

කතෘ :
වල්පොළ රාහුල හිමි
ප්‍රකාශිත වර්ෂය :
1997
මුද්‍රිත වර්ෂය :
1997
පිටු ගණන :
184
බාගත කිරීම් ගණන :
5,044
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-06-17
ගොනුවේ ප්‍රමාණය :
7.5 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 93

බුදුන් වදාළ ධර්මය යනු පූජ්‍ය මහාචාර්ය වල්පොළ ශ්‍රී රාහුල හිමියන් විසින් මුලින් ඉංග්‍රීසි බසින් සම්පාදිත ලෝක ප්‍රකට ‘What the Buddha Taught’ නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. මෙය සිරිපාල ලීලාරත්න මහතා විසින් පරිවර්තනය කරන ලදුව, ප්‍රංශ විද්‍යාපීඨයේ මහාචාර්ය පෝල් දමියෙවිල් (Paul Demiéville) මහතාගේ ප්‍රස්තාවනාවකින් ද යුක්ත වේ.

මූලික ත්‍රිපිටක මූලාශ්‍රයන් ඇසුරු කරගනිමින් බුදුදහමේ මූලික ඉගැන්වීම් සරලව හා විචාරශීලීව පැහැදිලි කරන මෙම කෘතියට පහත ප්‍රධාන පරිච්ඡේද ඇතුළත් වේ:

  • බෞද්ධ චින්තන ක්‍රමය
  • චතුරාර්ය සත්‍යය (දුඃඛ, සමුදය, නිරෝධ, මාර්ග)
  • අනාත්මවාදය
  • භාවනාව
  • නවීන ලෝකය හා බුද්ධ ධර්මය

මෙම මුද්‍රණය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රකාශනයක් ලෙස තායිවානයේ ‘The Corporate Body of the Buddha Educational Foundation’ මගින් නොමිලේ බෙදාහැරීම සඳහා 1997 වසරේ දී මුද්‍රණය කර ඇත.

කර්තෘගෙන් වචනයක්

බටහිර රටවල ප්‍රයෝජනය සඳහා මුලින් ම ඉංගිරිසියෙන් ලියූ මේ පොත ‘What the Buddha Taught’ නමින් පළමු කොට එංගලන්තයේත් ඊළඟට ඇමරිකාවෙත් ප්‍රසිද්ධ කරන ලදී. ඊට පසු එය ප්‍රංශ භාෂාවෙන් ද ජර්මන් භාෂාවෙන් ද මුද්‍රිත විය.

මේ පොත සිංහලෙන් පළ කිරීමේ අදහස ඉදිරිපත් කොට, ඒ සඳහා වැඩ පිළිවෙළ යෙදුවේ, මට අතිශයින් ම හිතවත් ව සිටි, මගේ හෘදයාංගම මිත්‍රයෙකු වූ, සිංහල සාහිත්‍යයට අමරණීය සේවයක් කළ සාගර පළන්සූරිය මහතායි. මෙහි සියලු ගෞරවයත් පිනත් මහත් ආදරයෙන් එතුමාගේ නාමයට පිරිනමමි.

මෙය මැනවින් සිංහලට පරිවර්තනය කිරීම ගැන සිරිපාල ලීලාරත්න මහතාට කෘතඥ වෙමි. මෙහි සමහර තැන්, මගේද අදහස් අනුව, සිංහලට ගැළපෙන අන්දමට, නිදහස් ව පරිවර්තනය කරන ලද බව සැලකිය යුතුයි.

මෙහි දී නන් අයුරින් උදව් දුන් හිතවතුන් අතර මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමිපාණන්ටත් මිරීස්සේ පඤ්ඤාසිරි හිමිපාණන්ටත් ආචාර්ය වයි. කරුණාදාස මහතාටත් මම විශේෂයෙන් කෘතඥ වෙමි.

මේ පොත සිංහලෙන් ප්‍රසිද්ධ කිරීම ගැන ගුණසේන සමාගමේ මහතුන්ට අපේ ස්තුතිය හිමිවෙයි.

වල්පොළ රාහුල
1965 ජනවාරි 25.
ඇමෙරිකා එක්සත් ජනපදයේ එවන්ස්ටන්හි,
නෝත් වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ දී ය.

ප්‍රස්තාවනාව

ප්‍රංශ විද්‍යාපීඨයේ (College de France) මහාචාර්ය, පැරිසියේ උත්තර විද්‍යාපීඨයේ බෞද්ධ පර්යේෂණාංශයේ අධ්‍යක්ෂ, ප්‍රංශ ආයතනයේ (Institut de France) සදස්‍ය පෝල් දමියෙවිල් විසිනි.

මේ වනාහි ඒකාන්ත වශයෙන් ම නවීන යයි කියයුතු පිළිවෙළකින් තම ආගම දෙස බැලූ, ඉතා උසස් සුදුසුකම් හා අවබෝධයක් ඇති බෞද්ධ පණ්ඩිතවරයෙකු විසින් ලියන ලද බුද්ධධර්ම විවරණයකි. අශෝක යුගයේ සිට අද දක්වා බුද්ධ ධර්මය වැජඹෙන, එහි බලය අනූන ව ආරක්ෂිත ව පවත්නා ලංකාද්වීපයෙහි සාම්ප්‍රදායික භික්ෂු අධ්‍යාපනය සහ පුහුණුව ලැබූ පූජ්‍ය ආචාර්ය වල්පොළ රාහුල හිමියෝ එහි මහ පිරිවෙනක උසස් තනතුරු ද දැරූහ. මෙබඳු පුරාණ සම්ප්‍රදායක හැදුණු වැඩුණු උන්වහන්සේ සියලු සම්ප්‍රදායයන් විවේචනයට ලක් ව පවත්නා මෙකල විද්‍යානුයාවී ජාත්‍යන්තර පාණ්ඩිත්‍යයේ ජීවයටත් රීති වලටත් මුහුණපෑමට සිතාගත්හ. එහෙයින් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ උන්වහන්සේ බී. ඒ. ගෞරව (ලන්ඩන්) උපාධියද, ඉක්බිති ලංකාවේ බුදු සමයේ ඉතිහාසය පිළිබඳ උසස් ශාස්ත්‍රීය නිබන්ධයක් සැපයීමෙන් ලංකා විශ්වවිද්‍යාලයේ පීඑච්. ඩී. උපාධිය ද දිනා ගත්හ. පසුව කලිකතා විශ්වවිද්‍යාලයේ විශිෂ්ට මහාචාර්යවරයන් සමග පර්යේෂණ වල යෙදෙමින්, තිබ්බතයේ සිට ඈත පෙරදිග දක්වා පැතිර

පෝල් දමියෙවිල්