ත්‍රිපිටකය එහි ප්‍රභවය, විකාශනය සහ අවසානය - 2020.pdf

v2

කතෘ :
පැලැන්වත්තේ ධම්මරක්ඛිත හිමි
ප්‍රකාශිත වර්ෂය :
2020
මුද්‍රිත වර්ෂය :
2020
පිටු ගණන :
65
බාගත කිරීම් ගණන :
1,685
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-11-29
ගොනුවේ ප්‍රමාණය :
11 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 33

ත්‍රිපිටකය එහි ප්‍රභවය, විකාශනය සහ අවසානය යනු ථේරවාද බුදු සසුනේ පදනම වන ත්‍රිපිටක ධර්මය පිළිබඳව සහ එහි ඉතිහාසය, ආරක්ෂා වී පැමිණි පිළිවෙළ මෙන්ම අවසානය පිළිබඳව ගිහි පැවිදි දෙපක්ෂය දැනුවත් කිරීම අරමුණු කරගනිමින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයකි.

මෙම කෘතිය “තරණය” ථේරවාද ශාසනාරක්ෂක භික්ෂු සභාවේ සම්බන්ධීකරණයෙන් සහ මගපෙන්වීමෙන් පූජ්‍ය පැලැන්වත්තේ ධම්මරක්ඛිත හිමියන් විසින් සම්පාදනය කරන ලද්දකි. බුද්ධ දේශනාව සංගායනාවලින් ආරක්ෂා කරගත් ආකාරයත්, ධර්ම විනයෙහි නියම අර්ථ විග්‍රහයන් සහ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ත්‍රිපිටකයේ වැදගත්කමත් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරේ.

මෙම ප්‍රථම මුද්‍රණය බුද්ධ වර්ෂ 2563 (ක්‍රි.ව. 2020) මැදින් මස හෝමාගම සවින්ද ග්‍රැෆික්ස් සිස්ටම්ස් වෙතින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.

පූර්විකාව

සම්බුදු සසුන වනාහී...

ඔබ වත්තක පිටියක වැඩක යෙදී සිටියදී හෝ මගක තොටක ගමන් කරන විටදී ඔබට ප්‍රියකරු දිලිසෙන ගලක් හමුවූවා යැයි සිතමු. එම ගල මිල කළ නොහැකි වටිනා වූ මැණිකක් බව නොදන්නේ නම් ඔබ ඒ ගල කොතනක තබාවිද යන්න විමසා බැලිය යුත්තකි. බොහෝ විට ඔබ ඒ ගල සුරතල් මසුන් සිටින ටැංකියක බැහැලීම හෝ දොර සුළඟට යාම වැළකීමට දොරෙහි අඩයට තැබීම හෝ සිදු කරනු ඇත. එලෙස වීම තුළ ඔබගෙන් වන අලාභ දෙකකි එනම් එම මැණිකෙන් නිසි ප්‍රයෝජනය නොගන්නාසේම, එම මැණිකට නිසි රැකවරණයද නොසැලැස් වීමය. එම අලාභ දෙකට ප්‍රධාන හේතුව වන්නේ එම මැණිකෙහි වටිනාකම නොදත් නිසාවෙනි.

මෙම සසර වනාහි ඇරඹුම කෙදිනද යන්න පැනවිය නොහැකි, අවසන කෙදිනද යන්න කිව නොහැකි, මුලඅග නොපෙනෙන සෝර කටුක දුක් ගෙන දෙන මහත් දිගු වූවකි. එයට “නොසිඳී හටගන්නා වූ දුකෙහි පැවැත්ම” යනුවෙන්ද ධර්මයෙහි තෝරති.

එවන් වූ මහත් දුක්ගෙන දෙන මේ දිගු සසරෙහි ඉපිද මැරෙමින් ආ ගමනේ සම්බුදු සසුන වනාහි ගිහි පැවිදි අප ලද මහත් අගනා මැණිකකි. ගිහිපැවිදි අප දුලබව ලද මෙම සම්බුදු සසුනෙහි වටිනාකම නොදන්නේ නම්, අප සැමට ලැබෙන මහත් අලාභ දෙකකි එනම්

I මෙම උතුම් සම්බුදු සසුනින් නිසි ප්‍රයෝජනය නොගන්නා බව හා

II මෙම සම්බුදු සසුනට නිසි රැකවරණය නොසලසන බවය

සම්බුදු සසුනක වටිනාකම නොදත් ගිහි පැවිදි අප ඉහත අලාභ දෙක ලබමින් මතු පරපුරටද සසුන අහිමිකරමින් මහත් විපතකට පත්ව සිටිති. ඉහත කරුණු අනුව යමෙකු විසින් සම්බුදු සසුනට නිසි රැකවරණය සලසනුයේ නම් හා සම්බුදු සසුනින් නිසි දායාදය ගන්නා අයකු වන්නේ නම් ඔහු මෙම සම්බුදු සසුන පිළිබඳ වටිනාකම මනාව දත් අයෙකු වියයුතු වන්නේමය.

ඒ සඳහා “තරණය” නම් ථේරවාද සාසනාරක්ෂක භික්ෂු සභාව විසින් ගිහිපැවිදි ඔබ සම්බුදු සසුන පිළිබඳ මනා දැනුවත් බවක් ඇති කරලීමේ සත් අදහසින් සම්පාදනය වූවකි “ත්‍රිපිටකය එහි ප්‍රභවය, විකාශනය සහ අවසානය” නම් ග්‍රන්ථය. එම ග්‍රන්ථය සම්පාදනයෙහි ලා පූජ්‍ය පැලැන්වත්තේ ධම්මරක්ඛිත ආයුෂ්මතුන් වහන්සේ ගත් උත්සාහය පැසසිය යුත්තකි. එසේම එම ග්‍රන්ථය මුද්‍රණයෙහිලා දායක වූ සැමටද මුද්‍රණ කාර්යයෙහිලා මැදි වූ හෝමාගම සවින්ද ග්‍රැෆික්ස් සිස්ටම්ස්, ආයතනයෙහි අධිපති තුමා ඇතුලු කාර්ය මණ්ඩලයටද මෙම කටයුත්තෙහි ආරම්භයෙහි සිට අවසානය දක්වා ග්‍රන්ථය අලංකාර ලෙස නිර්මාණයට හා පරිගණක පිටු සැකසීම සඳහා කැපවුනු Blacklotus ආයතනයෙහි අධ්‍යක්ෂ මඬුල්ලටද අපගේ විශේෂ පුණ්‍යානුමෝදනාව සිදු කරමු.

සම්බන්ධීකාරක
“තරණය”
ථේරවාද ශාසනාරක්ෂක භික්ෂු සභාව
බු.ව 2563 ක් වූ මැදින් මස 9 වන දින