ගුණ මිණි පහන මාතලේ සීලරක්ඛිත හිමි චරිතය - නාඋයනේ අරියධම්ම හිමි 1993.pdf

කතෘ :
නාඋයනේ අරියධම්ම හිමි
ප්‍රකාශිත වර්ෂය :
1993
මුද්‍රිත වර්ෂය :
1993
පිටු ගණන :
86
බාගත කිරීම් ගණන :
1,191
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-10-15
ගොනුවේ ප්‍රමාණය :
22 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 2
පිටුව 44

ගුණ මිණි පහන යනු රුවන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ සිට අපවත් වී වදාළ ධුතාංගධාරී ප්‍රතිපත්තිගරුක විදර්ශනාචාර්ය අතිපූජ්‍ය මාතලේ ශ්‍රී සීලරක්ඛිත හිමිපාණන්ගේ චරිතාපදානය ඇතුළත් කෘතියකි. උන්වහන්සේ අපවත් වී දස වසරක් පිරීම නිමිත්තෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

මෙම චරිතාපදානය සම්පාදනය කර ඇත්තේ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්ථවිරයන් වහන්සේ විසින් වන අතර, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහානායක හිමි, මාවතගම ගුණානන්ද හිමි සහ මහකුඹුක්වැවේ උත්තරවංශ හිමි ඇතුළු තෙරවරුන්ගේ අදහස් හා සටහන් ද මෙහි අඩංගු වේ.

මෙම පොත 1993 වර්ෂයේදී රුවන්ගිරිකන්ද ආරණ්‍ය පාලක සමිතිය මගින් ධර්මදානය පිණිස මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.

හැඳින්වීම

බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය ලියවීම කියවීම සිතෙන් ආවර්ජනා මනසිකාර කිරීම ද බුද්ධානුස්සති භාවනාවකි. ශ්‍රාවකයන් වහන්සේලාගේ ද චරිත කථාවන් ගැන එසේ පිළිපැදීම සංඝානුස්සති භාවනාවකි. විද්‍යමාන ශ්‍රාවක ගුණ කථනය ධම්මානුස්සතියට ද වැටේ. පශ්චිම ජනතාවට, එවැනි චරිතාපදාන උභයාර්ථ සිද්ධිය පිණිස මහෝපකාරී වන්නේමය.

කුරුණෑගල දිශාවේ නාරම්මල-කළුගමුව - කරගහගෙදර ගම් පියස ආසන්නයේ පිහිටි ඓතිහාසික රුවන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ සිට අපවත් වී වදාළ ධුතාංගධාරී ප්‍රතිපත්තිගරුක විදර්ශනාචාර්ය මාතලේ ශ්‍රී සීලරක්ඛිතාභිධාන මාහිමියන් වහන්සේ අපවත් වීමෙන් දසවර්ෂ පූර්ණ මහා පුණ්‍ය කර්මය නිමිත්තෙන් අනුස්සති භාවනාවක් වැනි අද්විතීය සීලස්කන්ධයක් දැරූ මාහිමියන් වහන්සේගේ චරිතාපදානය මෙසේ සම්පාදනය වූයේ රුවන්ගිරිකන්ද ආරණ්‍ය පාලක සමිතියේ කාරුණික ආරාධනාවෙනි.

ආදාහන පූජෝත්සවයේ දීම මුද්‍රණය කරවා ධර්මදානය වශයෙන් බෞද්ධ මහ ජනතාව අතට පත් කිරීම පිණිස අති සංක්ෂේපයෙන් සම්පාදිත චරිතාපදානය දසවස් සමරු මහ පින්කමේදී බෙදා දීම මැනවැයි කාරුණිකව උනන්දු කොට වදාළ බුත්කල, බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනාධිපති, අති පූජ්‍ය මාවතගම, ගුණානන්ද ස්වාමීන් වහන්සේගේ අභිමතය පරිදි පෙරට වඩා සවිස්තරව මෙම චරිතාපදානය සම්පාදනය වී ඇත.

ශාසනික වැඩ කටයුතු රැසක් මැද අවිවේකයෙන් හා අසනීපයෙන් ද ගත කරමින් සම්පාදනය කළ මෙහි බොහෝ ඌණ පූරණතාදිය දැක ගත හැකි වේ. කෙසේ හෝ මෙය සම්පාදනය කළ යුතුමයැයි මා උනන්දු කරවමින් කාරුණික ආශීර්වාදය හා සදූපදේශ දානයෙන් පිහිට වූ අතිගරු පූජනීය අස්මදාචාර්ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මාහිමිපාණන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් නිරෝගි සුව දීර්ඝායුෂ අභිවර්ධනය වේවායි ආශිංසනයෙන් යුතුව වැඳ නමස්කාර කරමි.

මෙම චරිතාපදානය ධර්මදානය වශයෙන් මුද්‍රණය කරවා ප්‍රදානය කරන රුවන්ගිරිකන්ද ආරණ්‍ය පාලක සමිතියේ නිලධාරී මණ්ඩලයට හා ආධාරකාරී සැමට මෙලොව ආයුරාරෝග්‍ය සම්පත් හා පරලොව ස්වර්ග සම්පත් කෙළවර ප්‍රාර්ථනීය අධිගම ඥානයෙන් අපරාමර ශාන්ත ප්‍රණීත මහා නිර්වාණ සම්පත් පිණිස හේතු වේවා.

සුඛිනො වා ඛෙමිනො හොන්තු - සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.

මෙයට, මෙත්කැති, නාඋයනේ අරියධම්ම ස්ථවිර. ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය, ගල්දූව - කහව. 2537 - 1993-10-22.