පරිත්රාණ ප්රශ්නය - බැලගම සුබෝදානන්ද හිමි 1910.pdf
- කතෘ :
- බැලගම සුබෝධානන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1910
- මුද්රිත වර්ෂය :
- 1910
- පිටු ගණන :
- 63
- බාගත කිරීම් ගණන :
- 1,463
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-08
- ගොනුවේ ප්රමාණය :
- 11 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පරිත්රාණ ප්රශ්නය යනු පිරිත් දේශනය, එහි අර්ථය සහ පිරිත් පිංකම් පැවැත්වීමේ නිවැරදි වත්පිළිවෙත් පිළිබඳව ලියැවුණු ධර්ම ග්රන්ථයකි. තලංගම පදිංචි විලියොන් ප්රේරා අප්පුහාමි විසින් අසන ලද ප්රශ්න 14කට පිළිතුරු වශයෙන් කොට්ටාවේ බෞද්ධ තාපසාරාමාධිවාසී බැලගම සුබෝධානන්ද බෞද්ධ තාපස හිමියන් විසින් පෙළ දහම හා අටුවා පාඨ උපමර්ශනය කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
මෙහි පරිත්රාණ ශබ්දයේ අර්ථය, ලෝකයේ පවතින පිරිත් ක්රම, දේව පූජා හා ශාන්තිකර්ම වෙනුවට බුදුදහම අනුව ආරක්ෂාව සලසාගන්නා අයුරු, තුන් සූත්රය ආදී මූලික පිරිත් සූත්රවල ආනුභාවය හා උත්පත්ති කථා, සත්බුදු පිරිත සහ ආටානාටිය සූත්ර දේශනා ක්රමය මෙන්ම එවකට ලංකාවේ පැවති පිරිත් පිංකම්වල විනය විරෝධී අඩුපාඩු පිළිබඳවද විස්තරාත්මක විවරණයක් අඩංගු වේ.
මෙම කෘතිය 1910 වර්ෂයේදී එච්. ඒ. ඇස්. ප්රේරා මහතාගේ මූලිකත්වයෙන් මුද්රණය කරවා ප්රකාශයට පත් කර ඇත.
සඤ්ඤාපනය.
පරිත්රාණ ප්රශනය නම්වූ මෙම කුඩා ග්රන්ථය එහි ප්රාරම්භයෙහි දක්වනලද නයින් තලංගම පදිංචි විලියොන් ප්රේරා අප්පුහාමි විසින් ලියා අසා හරිනලද පිරිත්කිරීම සම්බන්ධවූ ප්රශන 14 කට පිළිතුරු වශයෙන් කොට්ටාවේ බෞද්ධ තාපසාරාමාධි වාසී සුබොධානන්ද බෞද්ධ තාපස සාමින්වහන්සේ විසින් ආගමානුකූලව පෙළපාඨාදිය නිදර්ශන කොට ලියාදෙන ලද්දක්වේ—මෙහි පිරිත යන වචනයෙහි තේරුම් පටන් ඒ ඒ පිරිත් සූත්රයන්ගේ උත්පත්ති කථාවන්ද ඒ ඒ පිරිත් වලින් පිරිත් කරණි කියන විධියද ඒ ඒ පිරිත් සූත්රවලින් ලැබෙන්නාවූ ගුණානුභාවයන්ද යන මේ ආදිවූ අපමණ දෙලොවැඩ පිණිස පවත්නාවූ කරුණු රාශියක් අන්තර්ගතකර තිබේ, එහෙයින් මෙය බලන්නාවූ අනුපාරමිතාත්යය ඇති සත්පුරුෂ මහජනයාට ලබාගත හැකි විපුල ප්රයෝජනය මෙතෙකැයි ප්රමාණකළ නොහැකිබව එක් වරක් මනාකොට කියවා බැලීමෙන් වැටහෙන්නේමය—එහෙයින් මෙහි වර්ණනාකිරීම උවමනා නොවේ—මෙහි පළමු කෙටුම් පත දුටුවාවූ මා විසින්ද එය එම සුබොධානන්ද තාපස සාමින්වහන්සේ අතින් ලබාගෙන ලෝවැඩ පිණිස මුද්රණයකරවා විසුරුවා හරින්ට යෙදුනා ඇත—තවද මෙය මුද්රණයකරවීමෙහිදි සුද්ධියපිණිස ශොධ්ය පත්ර බැලීම කළේ එකවර බැගින්මෙව් දෙවරවත් බලවා ගැනීමට නොහැකිවු ප්රමාදයෙන් සමහරතැන්වල බැඳියයුතු අකුරු නොබැඳීමෙන්ද නුසවියයුතු අක්ෂර දිස්වීමෙන්ද යන මේ ආදිවශයෙන් අකුරු ඇමිණීමෙහිදීවූ අක්ෂරදොෂරාශියක් වැටී තිබේ—එයින්ද ශුද්ධිපත්රය විශාලව යනහෙයින් බොහෝ තැන් අත්හැර අවබොධකර ගැනීමට දුෂ්කරතැන් පමණක් ශුද්ධිපත්රයට ඇතුළත්කරවා මුද්රණය කරවන්ට යෙදුනාහා—එහෙයින් සර්වඥබවට නොපැමිණි සියලු පණ්ඩිතයන්ගෙන්ම වියහැකිවූ එබඳු ප්රමාද දොෂ නොසලකා මෙයින් වන ලෝකාර්ත්ථසිද්ධියට පණ්ඩිතයෝ කොට්ඨාසකාරයෝ වෙත්වා—තවද මෙය ශුද්ධකරවා දෙවෙනිවර මුද්රණය කරවීමේ අයිතිවාසිකම මා වෙතටම තබාගත් බවද සලකත්වා.
මෙමහට,
බරන්දෙනියේ ජුලියැස්ප්රවෙ පදින්චි
එච්. ඒ. ඇස්. ප්රේරා වන මමය,
එච්. ඒ. ඇස්. ප්රේරා
වර්ෂ 1910 ක්වූ ජූනි මස 15 වෙනි දිනදීය.