ධර්මදූතයා - මාවිත්තර රේවත හිමි 1922.pdf

කතෘ :
මාවිත්තර රේවත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1922
මුද්‍රිත වර්ෂය :
1922
පිටු ගණන :
76
බාගත කිරීම් ගණන :
1,292
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-08
ගොනුවේ ප්‍රමාණය :
12 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 39

මෙම කෘතිය කොල්ලුපිටියේ ශ්‍රී බෞද්ධ ශාසනාලංකාර සමිතිය මගින් නොමිලයේ ධර්මදානය පිණිස සම්පාදනය කොට බෙදාහරින ලද ධර්‍මදූතයා නම් මාසික ධර්ම පත්‍රිකා සංග්‍රහයකි. මෙහි අන්තර්ගත ධර්ම ලිපි කොල්ලුපිටියේ වාලුකාරාමවාසී ථෙරවාදී අනුශාසක පූජ්‍ය මාවිත්තර රේවත ස්වාමීන් වහන්සේ විසින් රචනා කර ඇත.

පොත ආරම්භයේ බුදුදහමේ මූලික ඉගැන්වීම් අනුව පංචස්කන්ධය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය සහ මරණානුස්සතිය මෙනෙහි කිරීම පිළිබඳව කෙරෙන පැහැදිලි කිරීම් සහ ජාති දුක්ඛය පිළිබඳ ගැඹුරු විවරණයක් අඩංගු වේ. අනතුරුව සාරසංග්‍රහය ග්‍රන්ථයේ ගාථා සහ ඒවායේ සිංහල සන්නය පාඨකයාගේ ධර්මාවබෝධය පිණිස විස්තරාත්මකව දක්වා තිබේ.

මීට අමතරව කොල්ලුපිටියේ ශ්‍රී බෞද්ධ ශාසනාලංකාර සමිතිය මගින් පවත්වාගෙන ගිය රාත්‍රී පාඨශාලාව හා ඉරිදා දහම් පාසල පිළිබඳ නිවේදනයක් සහ මෙම සඟරාව මුද්‍රණය කිරීමට උපකාරී වූ දායක භවතුන් පිළිබඳ විස්තර ඇතුළත් සටහන් ද මෙහි දැක්වේ. මෙම කලාපය බුද්ධ වර්ෂ 2465 (ක්‍රි.ව. 1922) දී ශ්‍රී භාරතී යන්ත්‍රාලයේ මුද්‍රණය කර ප්‍රසිද්ධ කර ඇත.

කොල්ලුපිටියේ ද්විභාෂා රාත්‍රි පුණ්‍ය පාඨශාලාව.

ශ්‍රී බෞද්ධ ශාසනාලංකාර සමිතිය මගින් පාලනය කරණු ලබන මෙම පාඨශාලාව ආගම්භේද ජාතිභේද කුලභෙදාදියෙන් විරහිතව පවත්වනු ලැබේ. රාත්‍රි පාඨශාලාවල ආණ්ඩුවේ නීතිය අනුව වයස අවුරුදු 14 රෙන් වැඩිවූවන්ද, දහවල් රක්‍ෂාවන්හි නියුක්තයන්ද පමණක් මෙම පාඨශාලාවට භාරගනු ලැබේ. ඉන් පිටත් කිසිවෙක් භාරගනු නොලැබේ. විස්තර ප්‍රධානාචාර්‍ය්‍ය තැනගෙන් දැනගත හැකිය. තවද සෑම ඉරිදිනකන්හි අපගේ බුද්ධාගමද බෞද්ධ ලමයින්ට උගන්වනු ලැබේ. ඉරිදින බෞද්ධ පාඨශාලාවට වයස ප්‍රමාණයක් අපි සලකනු නොලැබේ. සියලුම බෞද්ධ කුල දරුවන්ට නිස්සරණාධ්‍යාසයෙන් සෑම ඉරිදිනකන්හි උදේ 8 පටන් 10 දක්වා තථාගත සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රී සද්ධර්‍මය උගන්වනු ලැබේ. පලාත්වාසී බෞද්ධ මව්පියවරු තම දරුවන්ව මනාකොට හදන්නට කැමති නම් ධර්‍ම පාඨශාලාවට එවා පින් පව් කියන්නේ මේ මේවායයි කියාවත් යටත් පිරිසෙයින් උගන්වාගත යුතුයි.

මාවිත්තර රේවත උන්නාන්සේ, ශලෝකන පාඨශාලාධ්‍යක්ෂ M. Rewata, වාලුකාරාමය, කොල්ලුපිටිය.

සැලකියයුතුයි,

කොල්ලුපිටියේ ශ්‍රී බෞද්ධ ශාසනාලංකාර සමිතිය මගින් ප්‍රාරබ්ධ මෙම ධර්මපත්‍රිකාවේ පසුගිය පත්‍රිකාව කොල්ලුපිටියේ සමරවිල්ල නම් වලව්වේ සත්ගුණවත් ආර්. ඇප්. ඩී. සිල්වා වලව්වේ මැතිනියගේ වියදමින් අච්චුගස්වා මහජනයා අතට පමුණුවනලදී. මේ දෙවෙනි පත්‍රිකාව වනාහි කෝරලතුන පලාතේ යටියන්තොට නම් ග්‍රාමාසන්න ග්ලැන්ටර්ස් (කැමරන් වත්තයයි ප්‍රසිද්ධ) වත්තේ කොන්දොස්තර තැන්පත් ඇස්. ජේ ජේමිස් මහතාගේ සහ එම වත්තේම දොස්තර මහතාවන ඒ. එච්. සිරිසේන මහතාගේද වියදමින් අච්චුගස්වා මහජනයා අතට පමුණුවනලද බැව් සතුටින්තව පින්දීමෙන් මතක්කරම්හ. ලබන කලාපය අච්චුගැසීමට යම් ශ්‍රද්ධාවන්ත උතුමෙක් හෝ දෙතුන් පලක් ඉදිරිපත්වේනම් මෙය ඉතා පහසුවෙන්ම කලහැකි උතුම් මෙහෙයක්බැව් සියලුදෙනා විසින්ම සැලකියයුතුයි.

කොල්ලුපිටියේ ශ්‍රී බෞද්ධ ශාසනාලංකාර සමිතියේ අවසරය පිට ලේකම් තැන්පත් ඒ. එච්. ප්‍රේරා විසින් ශ්‍රීභාරතී යන්ත්‍රාලයෙහි අච්චුගස්වා ප්‍රසිද්ධකරණලදී.

ජේ. එච්. ප්‍රේරා,
ලේකම්තැන.