චූලරාජ සහ මහාරාජ පිරිත සියම් දේශයේ - සුභූති හිමි 1897.pdf
- කතෘ :
- සුභූති හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1897
- මුද්රිත වර්ෂය :
- 1897
- පිටු ගණන :
- 46
- බාගත කිරීම් ගණන :
- 1,373
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-08
- ගොනුවේ ප්රමාණය :
- 5.3 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
The Siam Standard Paritta: Cularaja Paritta, Maharaja Paritta, &c. (සියම් දේශයෙහි භාවිතා වූ පිරිත් පොතේ චූලරාජ පිරිත සහ මහාරාජ පිරිත) යනු සියම් (තායිලන්ත) සම්ප්රදායේ භාවිත වන විශාල පිරිත් පොතෙන් උපුටා ගන්නා ලද චූලරාජ පිරිත සහ මහාරාජ පිරිත ඇතුළත් කෘතියකි. වස්කඩුවේ ශ්රී සුභූති නායක මාහිමියන් විසින් සිය ශිෂ්ය පී. සී. ජිනවරවංස සියම් රාජකුමාර භික්ෂුවගේ ද සහයෝගය ඇතිව මෙම ග්රන්ථය සම්පාදනය කර ඇත.
ක්රි.ව. 1897 අප්රේල් 20 වන දින සියම් දේශයේ චූලාලංකාර (පරමින්ද්ර මහාරාජාධිරාජ) රජතුමන්ගේ ලංකාගමනය සිහිපත් කරමින් උන්වහන්සේ වෙත පිළිගැන්වීම පිණිස මෙම කෘතිය රජයේ මුද්රණාලයේදී මුද්රණය කරවා තිබේ. සියම් දේශයේ වජිරඤාණ මහතෙරුන් (මහා මකුට රජු) විසින් රචිත ‘රතනත්තයප්පභාවාභියාචන ගාථා’, ‘සුඛාභියාචන ගාථා’ ආදී විශේෂිත ගාථා සහ සියම් රාජ මාලිගාවල දෙසනු ලබන චූලරාජ හා මහාරාජ පිරිත්වල පවතින සුවිශේෂතා මෙහි විස්තර කෙරේ.
පාලි පිරිත් දේශනාවන්ට අමතරව සියම් අක්ෂර, ඛොම් අක්ෂර සහ සිංහල අක්ෂර හෝඩිය ද සසඳා බැලීම සඳහා මුල් පිටුවල අමුණා ඇති අතර පිරිත් දෙකෙහි ඇති වෙනස්කම් සංසන්දනාත්මකව දක්වා ඇත.
DEDICATION
THIS HUMBLE TRIBUTE OF LOVE AND ADMIRATION IS, BY SPECIAL PERMISSION, DEDICATED TO HIS MOST GRACIOUS MAJESTY Culalankarana Paramindra Maharajadhiraja, KING OF SIAM, BY ONE WHO GREATLY ADMIRED AND HIGHLY APPRECIATED THE MOST NOBLE, PIOUS, AND SCHOLASTIC QUALITIES OF HIS LATE MOST GRACIOUS FATHER King Mahamakuta, KNOWN TO THE BUDDHIST WORLD, WHILST HIS LATE MAJESTY WAS IN THE ORDER OF PRIESTHOOD, AS VAJIRANANA MAHA THERA, TO WHOM THE MOST SAINTLY NIKAYA, INTRODUCED AND REFORMED BY HIM UNDER THE WORLD-RENOWNED NAME OF “DHAMMAYUTIKA NIKAYA,” OWES ITS ORIGIN, BY THE COMPILER. Colombo, 20th April, 1897.
THE COMPILER. Colombo, 20th April, 1897.
PREFACE.
THE “Paritta” used in Siam is a much larger book than the one used in Ceylon. In the Siamese Paritta, in addition to the Súttras used in Ceylon, there are a nunıber of gáthás called “Ratanattaya pabhawabhiyacana,” “Sukhabhiyacana gáthá,” “Mangala-cakkawála,” &c., composed by the late illustrious and scholarly King of Siam, renowned by the name of Wajirañana.* From a copy of this Siamese Paritta, which has been brought to Ceylon by my Royal Pupil Jinawarawansa Bhikku, I have extracted and included in this work such portions of the Paritta which are particularly necessary to be used frequently by priests and laymen. I have also included, at the request of my Royal Pupil, the two Parittas named “Cularája Paritta” and “Maharája Paritta,” generally recited at the palace and on great occasions. The hereto annexed index will show the slight difference in the two Parittas just named.
* The King Wajirañana was a renowned scholar, whose equal had not been known for centuries in Siam, Burma, or Ceylon. He was in correspondence with Siri Saddhammanawansapala Dhirananda Náyaka of Lankagoda and Siri Sumana Tissa Thero of Bulatgama in Ceylon. It was this King who brought to a good footing the Buddhist religion in Siam. Also, it was he who established the order now known in Siam by the name of “Dammauttika Nikáya,” which is only a purified member of the order called “Ramañña Nikáya” found in a district of Burma. Thus the Buruma Nikáya of Ceylon is in a way connected with the Dammauttika Nikaya of Siam. His Most Gracious Majesty Paramendra Culálankarana, the present King of Siam, is the son of the aforesaid illustrious King Wajirañana.
ප්රාරම්භය.
මෙහි සඳහන්වනු ලබන්නේ “චූලරාජපිරිත” “මහාරාජ පිරිත” යන දෙක හා උපාසකාදීන් විසින් පන්සිල් අටසිල් සමාදන්වෙන ක්රමයයි—සියම් දෙශයෙහි භාවිතා කරණු ලබන්නාවූ පිරිත් පොත ලංකාවේ පිරිත්පොතට වඩා කිහිප ගුණයකින් මහත්ය. එසේ වීමට හේතුව නම්, ලංකාවේ භික්ෂූන් විසින් පිරිත් වශයෙන් භාවිතා නොකරණ ලද “සති පට්ඨාන” ආදි බොහෝ සූත්ර ගණනක් හා ස්වකීයසච්චු පණ්ඩිත ශිඛාමානීත්ය්යාභූත වජිරඤාණ සියම් මහාරාජොත්තමයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථාන ප්රස්ථාවවලට යෝග්ය ලෙස ආශු මාතෘකාලව රචනා කරණලද්දාවූ “රතනත්තයපභාවාභියාචන ගාථා”—“සුඛාභියාචන ගාථා”—“මංගලචක්කවාළ” යනාදි මධුරමනොහර කාණ්ඩ රාශියක් පිරිත් පොතේ ඒ ඒ තැන් වලට ගැලපීමය—සියම් මහරජතුමන්ගේ අගමෙහෙසියගේ ආදාහන දිනයෙහි සියම් අකුරෙන් අච්චුගස්වා ගිහිපැවිදි සමූහයාට සියම් ආණ්ඩුව විසින් පරිත්යාග කරණලද්දාවූ යථොක්ත මාහැඟි පිරිත්පොත අප විශිෂ්ඨාන්තෙවාසිකභූත ගෞරවනීයවූ ජිනවරවංස සියම් රාජකුමාර භික්ෂුව විසින් මේ රටට ගෙනෙණලදුව, එම පොතෙන්, අවශ්යයෙන්ම බුද්ධභාෂිතය සියලු ගිහිපැවිදි සමූහයා විසින් නිතර භාවිතා කටයුතුවූ පිරිත් කාණ්ඩවලින් සම්ලංකෘතවූද, සියම් රජ මාළිගාවෙහි හා වෙනත් වැදගත් ස්ථානවල වැදගත් ප්රස්ථාවලදී කියනු ලබන්නාවූද “චූලරාජ පිරිත”—“මහාරාජ පිරිත” යන මේ වැදගත් මහා පිරිත් දෙක, යථොක්ත කුමාරභික්ෂුවගේ අයාවනාවද උපකාරද ඇතුව මෙසේ අච්චුගස්වා ප්රසිද්ධ කරන්ට අදහස් කෙළෙමු. මේ පිරිත් දෙකේ එකිනෙකට ඇති වෙනස්කම් මෙසේ දතයුතුය. ඒ දැනගැණීම සඳහාම පිරිත්දෙකේ පටුනද වෙන් වෙන් වශයෙන් මෙහි යොදනු ලැබෙ—චූලරාජ පිරිතෙහිදී සඳහන්වූ පිරිත් සූත්රාදිය මෙහි මහාරාජ පිරිතේදී බොහෝ සෙයින් පෙය්යාල මුඛයෙන් දක්වන ලද්දේය. තවද චූලරාජ පිරිතට අයිති “ඛන්ධපරිත්තා” යෙහි “සබ්බාසීවිසජාතීනං” යනාදි ආරම්භ ගාථා දෙක මහාරාජ පිරිතේ නොදක්නාලද්දේය. තවත් බලවත් වෙනසක් නම්, “ආටානාටිය සූත්රය” යථොක්ත පිරිත් දෙකේම විද්යාමාන නමුදු චූලරාජ පිරිතට අයිති ආටානාටියේ (17 වෙනි ගාථාවවූ) “සබ්බරොග විනිමුත්තො” යනාදි ගාථාවට අනතුරුව “සබ්බීතියො විවජ්ජන්තු”—“අභිවාදන සීලිස්ස” යනාදි ගාථා දෙකින් සූත්රය හමාර කරණලද්දේ නමුදු මහාරාජ පිරිතේ ආටානාටිය සූත්රයේ එම (17 වෙනි) ගාථාව ලඟට “තෙසං සච්චෙන සීලෙන” යනාදි ගාථාවද, “පුරත්ථිමස්මිං දිසාභාගෙ” යනාදි ගාථා 7ක්ද, “නත්ථි මෙ සරණං අඤ්ඤං” යනාදි ගාථා 3ක්ද, “යං කිඤ්චි රතනං ලොකෙ” යනාදි ගාථා 3ක්ද, “සකත්වා බුද්ධරතනං” යනාදි ගාථා 3ක්ද, සඳහන් කොට (චූලරාජ පිරිතේද සඳහන්වූ) “සබ්බීතියො” යනාදි ගාථා දෙකින් සූත්රය හමාරකොට තිබේ. චූලරාජ පිරිතේ ආටානාටියෙහි (7 වෙනි ගාථාවවූ) “විජ්ජාචරණ සම්පන්නං” යනාදි ගාථාවට අනතුරුව “එතෙ චඤ්ඤෙ ච සම්බුද්ධා” යනාදි ගාථාව නමුදු, මහාරාජ පිරිතේදී “නමො මෙ සබ්බ බුද්ධානං උප්පන්නානං මහෙසිනං”—යන ගාථා පාදයත්ද, “තණ්හංකරො මහාවීරො, මෙධංකරො මහායසො” යනාදි (අටවිසි බුදුවරයන් වහන්සේලාගේ නම් සඳහන්වූ) ගාථා 7ද විද්යාමානයි. තවත් චූලරාජ පිරිතේදී “විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීතසාරදං” යන්න ලඟට “විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දම ගොතමන්ති” යන ගාථා පාදයත්ද දක්නාලද්දේ නමුදු එය මහාරාජ පිරිතේ ආටානාටියෙහි අවිද්යාමානයි. තවද “ඡද්දන්ත” පිරිත හා “වට්ටක” පිරිතද යන දෙකත් මහාරාජපිරිතේ මුත් චූලරාජපිරිතේ නොමැතියි. මේ පිරිත් දෙකේ වෙනස්කම් මේ කියන ලද ක්රමයෙනි.
තවද ලෝකයාගෙන් ආධාර හා අවකාශ පහසුද ලැබුනිනම් සම්පූර්ණයෙන්ම සියම් පිරිත් පොත මෙලෙසින් කාණ්ඩ කීපයකින් අච්චුගස්වා නිමකරන්ටද අදහස ඇතත්, මුලු ලොකයෙහිම දැනට ජීවත්ව සිටින්නාවූ එකම සම්යක්දෘෂ්ටික සියම් මහරජතුමන්ගේ ලක්දිවට සම්ප්රාප්ත වීම සිහිපත් කරණු සඳහා මෙය අච්චුගස්වා උන්වහන්සේට පිළිගන්වන ලද්දේය.
W. SUBHUTI, P.N.M.R., High Priest.